නායකයින් තිදෙනක් ශතක අතරට ගිය අපූරු දිනය

317

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (20) දින ද දිවයින පුරා පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය කණ්ඩායමේ නායක නිපුන් ධනංජය, ආනන්ද විද්‍යාලයේ සහ ධර්මාශෝක විද්‍යාලයේ නායකයින් වන කමේෂ් නිර්මාල් හා දිනුක් ඩිල්ශාන් ශතක ලබා ගැනීම කැපී පෙනුණා.

නිපුන් ධනංජය හා දිනුක් ඩිල්ශාන් ශතක අතරට

අනාගතයේ ලොව දිනන පාසැල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු…

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

අජිත් ද සිල්වා සමරු කුසලානය වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම සුහද ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගැනීමට සංචාරක ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

තරගයේ දෙවන දිනය වූ අද දවස ආරම්භයේ දී සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියේ ධර්මාශෝක විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 254ක් පසුපසින් සිටිමිනි.

ආනන්ද විද්‍යාලයේ බොහොමයක් පිතිකරුවන් අඩු ලකුණු ලබා සිටිය දී දැවී යන විට දකුණත් පිතිකරු කමේෂ් නිර්මාල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබා ගත් අතර අවසානයේ ඔහුගේ ඉනිම ලකුණු 101කට සීමා විය.

පන්දු යැවීමේ දී අකිල මෙන්ඩිස් ලකුණු 72කට කඩුලු 5ක් දවා ගත් අතර චානක ජනංග කඩුලු 3ක් ලබා ගත්තා. දිනය නිමා වීමට මත්තෙන් සියලුම පිතිකරුවන් දැවී ගිය ආනන්ද විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 205කට සීමා වූ අතර ලකුණු 97ක වාසියක් අතැතිව පිටියට පැමිණි ධර්මාශෝක පිතිකරුවන් තරගයේ මෙන්ම දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 54ක් රැස්කර ගන්නා ලදි. එහි දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් සයුරු බණ්ඩාර කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

>>ධර්මාසෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවති තරගයේ සේයා රූ<<

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම: 302/7d (85) – දිනුක් ඩිල්ශාන් 126, ලොහාන් ද සොයිසා 57*, හසිත රාජපක්ෂ 39, සසිඳු මල්ෂාන් 33, දමින්ද රෙෂාන් 3/53, ලක්ෂිත අමරසේකර 2/62, ජනිඳු ජයවර්ධන 2/74

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම: 205 (62.1) – කමේෂ් නිර්මාල් 101, කනිෂ්ක රන්තිලකගේ 31, අකිල මෙන්ඩිස් 5/72, චානක ජනංග 3/34

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම: 54/5 (23.1) – සයුරු බණ්ඩාර 3/27, ජනිඳු ජයවර්ධන 2/12

පළමු දිනයට පැවැත්වූ තරග

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

පළමු වටයේ C කාණ්ඩයේ තරගයක් ලෙස කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීමට තීරණය කළ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව සියල්ලන්ම දැවී ලකුණු 279ක් රැස්කර ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් වූ අතර ඊයේ දිනයේ දී නිමා වූ මොරටු මහා විද්‍යාලයට එරෙහි තරගයේ දී ද ශතකයක් ලබාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය කණ්ඩායමේ ද නායක නිපුන් ධනංජය මෙම තරගයේ දී ද ලකුණු 165ක් වාර්තා කරමින් සුපිරි පිතිකරණයක නිරත වූයේ සිය කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් හට විශාල ආදර්ශයක් වෙමිනි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම: 279 (71.3) – නිපුන් දනංජය 165, තෙවින් ඊරියගම 2/21

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 86/4 (1

සණ්ඩු සරුවලේ – කන් කරච්චලේ – 02

රසවත් කතා රැසකින් සපිරුණු බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලි මාලාවේ තරගාවලි 6ක මතකයන් මෙම ලිපියේ පළමු කොටසින් ඔබ වෙත…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

මහනුවර, අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කළ ආරාධනය පිළිගත් ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 251ක් ලබා ගැනීමට සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ උමෙයිර් රයිසාන් සිය නමට ඉදිරියෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ මනරම් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් වාර්තා කරමිනි. ඊට අමතරව පුබුදු බණ්ඩාර හා අශේන් ලොකුකැටිය රිච්මන්ඩ් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ අර්ධ ශතක ලබා ගත් අතර පන්දු යැවීමේ දී කල්ප නෙත්සර හා සඳුන් මෙන්ඩිස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම: 251 (96.4) – උමෙයිර් රයිසාන් 62, පුබුදු බණ්ඩාර 52, අශේන් ලොකුකැටිය 51, අභිෂේක් ආනන්දකුමාර් 48, කල්ප නෙත්සර 3/40, සඳුන් මෙන්ඩිස් 3/68

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 6/0 (3)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

පන්නිපිටිය ධර්මපාල විදුහලේ නව ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටියේ තරගයේ වැඩි පාලනය සියතට ගනිමිනි.

කාසියේ වාසිය දිනා ගත් නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීම සඳහා ධර්මපාල විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 54යි පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණි. මෙහි දී නාලන්දාව වෙනුවෙන් චමිඳු විජේසිංහ කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 32ක් ලබා දෙමින් වන අතර අද දිනය අවසන් වන විට නාලන්දා විද්‍යාලය වෙනුවෙන් නොදැවී පිතිකරණයේ නිරත වෙමින් සිටි ලක්ෂිත රසාංජන ලකුණු 40*ක් ලබාගෙන සිටියේය.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම: 145 (54.4) – ශෙවෝන් නදීජ 30, චමිඳු විජේසිංහ 4/32, දිනෙත් සමරවීර 2/31

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 117/3 (40) – ලක්ෂිත රසාංජන 40*, අවිශ්ක පෙරේරා 28


කොළඹ මහානාම විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

රත්මලානේ දී පැවැත්වෙන මෙම සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 198ක් පමණි. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් බොතේජු නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 40*ක් රැස්කර ගැනීමට සමත් වුනා. ඊට අමතරව දිශාන් මෙන්ඩිස් හා පවන්ත වීරසිංහ පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 35ක් සිය විද්‍යාලයේ ලකුණු පුවරුවට එකතු කළා. පන්දු යැවීමේ දී දඟපන්දු යවන්නෙකු වන  කෙවින් පෙරේරා මාරිස් ස්ටෙල්ලා පිළ වෙනුවෙන් ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

මහානාම විද්‍යාලය පළමු ඉනිම: 198 (73.2) – පැතුම් බොතේජු 40*, දිශාන් මෙන්ඩිස් 39, පවන්ත වීරසිංහ 35, කෙවින් පෙරේරා 4/11

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 34/3 (9)

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (21) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සුදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<