නිපුන්ට ශතකයක්; මනුලට කඩුලු 9ක්

467

සිංගර් ආයතනයේ සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල්  ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද දිනයේ (10) පැවැත්විය. එහි දී ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය ශතකයක් ලබාගෙන දිනය වර්ණවත් කරන විට, රාජකීය විද්‍යාලයේ මනුල පෙරේරා තරගය පුරාවට කඩුලු 9ක් දවා ගන්නා ලදි.

ලක්ශාන් සාන්ත ජෝශප් විද්‍යාලය පන්දුවෙන් ඔසවයි.

සිංගර් ආයතනයේ සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ කිහිපයක්…

සාන්ත ජෝසප් විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කදිරාන පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පිතිකරණයේ යෙදීමට තීරණය කරන ලදි. මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 172ක් ලබාගත් අතර, එහි දී සචින්ත මහින්දසිංහ ලකුණු 46ක් සිය කණ්ඩායමට එකතු කරන විට, පන්දු යැවීමේ දී රවිඳු ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගනිමින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් සිය වගකීම ඉටු කළේය.

පිළිතුරු ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගැනීමට ලක්ෂාන් ගමගේ සමත් විය. සෑහීමකට පත්විය හැකි පිතිකරණයක නිරත වූ කෙවින් පෙරේරා ලකුණු 41ක් ලබාගත් අතර අවසානයේ මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ  පිළිතුරු පළමු ඉනිම ලකුණු 130කට සීමා විය. තරගයේ අද දිනය ආරම්භ කරන විට, සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 2ක් ලබාගෙන සිටියේය.

ලකුණු 168ක් දක්වා සිය දෙවන ඉනිම ගොඩනැංවූ සාන්ත ජෝසප් විද්‍යාලයට සචින්ත රවිඳුගේ ලකුණු 40 බෙහෙවින් වැදගත් විය. යෙසිත් රූපසිංහ ලකුණු 38යි. පන්දු යැවීමේ දී රවිඳු කඩුලු 4ක් දවාලන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 210ක් ලබා ගැනීමට තිබූණ ද, එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. එහි දී අවිඳු ප්‍රනාන්දු ලකුණු 40යි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 172/10 (66.2): සචින්ත මහින්දසිංහ 46, ජෙහාන් ඩැනියල් 27, කැමරන් දුරැගේ 25, දිනෙත් ජයකොඩි 22 රෙවාන් කෙලී 21, රවිඳු  ප්‍රනාන්දු 5/58, පසිදු උශෙට්ටි  4/58.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 130/10 (25): කෙවින් පෙරේරා 41, ලක්ෂාන් ගමගේ 5/41, සාලින්ද සෙනවිරත්න 3/20.

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 168/10 (51.5): සචින්ත රවිදු 40, යෙසිත් රූපසිංහ 38, ජෙහාන් ඩැනියල් 37, ලක්ශාන් ගමගේ 32, රවිදු ප්‍රනාන්දු 4/51, ලසිත් කෲස්පුල්ලේ 2/56.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම – 177/8 (39.4): අවිඳු ප්‍රනාන්දු 40, අශේන් ප්‍රනාන්දු 33, අභිශේක් කේශාන් 27, අශේන් ඩැනියල් 4/54,

ශ්‍රී ලංකා පිළේ ජය ගමනට සෆ්රාස් – ශෆීක් අකුල් හෙලයි!

පාකිස්තානු මැදපෙළ ශක්තිමත් කරමින් නායක සෆ්රාස් අහමඩ් සහ අසාද් ශෆීක් නිර්මාණය කළ නොබිඳුණු ශතක සබඳතාවය නිසා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය…

සාන්ත පීතර විද්‍යාලය හා ජෝසප් වාස් විද්‍යාලය

C කාණ්ඩය යටතේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත පීතර විද්‍යාලය කටුනේරිය පිටියේ දී පළමුව පිතිකරණයේ නිරත විය. මෙහි පළමු ඉනිම ජය ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

තරගයේ අවසන්  දිනය වූ අද (10) දිනය ආරම්භයේ දී ම සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහි දී සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 283ක් ලබාගෙන තිබුණි. අනතුරුව පිටියට පැමිණි ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 220ක් කරා මෙහෙයවීමට වමතින් පිත්ත හසුරුවන නිපුන් දනංජයගේ ශතකය අගනා සවියක් වුවත්, ඔවුන්ට පළමු ඉනිමේ ජයක් වෙත යාමට එම ලකුණ ප්‍රමාණවත් වූයේ නැත. සොහාන් අනුරුද්ධ හා අංජන රුක්මාල් පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 27යි. තාරික් සාබූර් කඩුලු 3යි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 283/9 dec (97): සන්තුෂ් ගුණතිලක 50, නිපුන්ක ෆොන්සේකා 46, ශාලිත් ප්‍රනාන්දු 38,රන්මිත් ජයසේන 37, සචින් සිල්වා 37, දිනෙත් ප්‍රනාන්දු 4/53,දනංජය පෙරේරා 3/79.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 220/10 (88.3): නිපුන් දනංජය 102, සොහාන් අනුරුද්ධ 28, අංජන රුක්මාල් 27, තාරික් සාබුර් 3/24.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 24/1 (8):


සහිරා විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ධර්මරාජ විද්‍යාලය එහි පළමු ඉනිම ජයග්‍රහණය කරන ලදි. සත්කාරක ධර්මරාජ විද්‍යාලය මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ අතර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තරගයේ පළමු දිනය අවසානයේ ධර්මරාජ විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 7ක් ලබාගෙන සිටියේය. දුලාජ් බණ්ඩාර හා ශමිල් මුහන්දිරම් එක්ව හොඳ සබඳතාවයක් ගොඩනංවමින් පිළිවෙළින් ලකුණු 42ක් හා ලකුණු 33ක් රැස්කර ගත්තේ, ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය ද ලබා දෙමිනි. පන්දු යැවීමේ දී මොහොමඩ් රිෆාත්, යසිත් නිර්මාල් හා මොහොමඩ් හශිම් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

පිළිතුරු දෙවන ඉනිම දියත් කළ සහිරා විද්‍යාලය තරගය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 72ක් ලබා ගන්නා ලදි. රිද්මික නිමේෂ් නොදැවී ලකුණු 24*යි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 147 (53.5): යසිත් නිර්මාල් 33, රිද්මික නිමේශ්  28, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 4/61, චේතිය ඒකනායක 2/18.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම  – 198/10 (68.5): දුලාජ් බණ්ඩාර 42, ශමිල් මුහන්දිරම් 33, බවන්ත උදන්ගමුව 25, මොහොමඩ් රිෆාත් 2/06, යසිත් නිර්මාල් 2/18, මොහොමඩ් හශීම් 2/29.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 72/5 (30): රිද්මික නිමේශ් 24*, නිතිල ගයේශාන් 3/24.

කිංස්වුඩ් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

දෙවන පෙළ තරගයක් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ කිංග්ස්වුඩ් විද්‍යාලය පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම සඳහා රාජකීය විද්‍යාලයට ඇරයුම් කළේය.

මෙම තරගයේ දී රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 213ක් ලබාගත් අතර, කමිල් මිශාරගේ පිතිකරණය  ඒ වෙනුවෙන් නොමද සහයෝගයක් දැක්විය. තෙවිඳු සේනාරත්න ලකුණු 46යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ කිංග්ස්වුඩ් විද්‍යාලය ඊයේ දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 105ක් ලබාගෙන තිබුණි.  එතැන් සිට ලකුණු 189ක් දක්වා එම ඉනිම වර්ධනය කර ගැනීමට අද ඔවුන්ට හැකි විය. හර්ශන වික්‍රමසිංහ ලකුණු 44යි.  පන්දු යැවීමේ දී වෙනුජ මෙන්ඩිස් හා මනුල පෙරේරා කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.

පහන් වික්‍රමසිංහ ගේ ලකුණු 37ද සමඟින් රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටවූයේ කිංග්ස්වුඩ් විද්‍යාලයට ලකුණු 152ක ඉලක්කයක් ලබා දෙමිනි. කිංග්ස්වුඩ් විද්‍යාලයේ හසික ගමගේ ලකුණු 31ක් ලබා ගත්ත ද, එය හඹා යාමට ඔවුන්ට කාලය හරස් විය. එහි දී ද වමතින් දඟපන්දු යවන මනුල කඩුලු 5ක් දවාලමින් දක්ෂ ලෙස පන්දු යවන ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 213/10 (64.1): කමිල් මිශාර 59, තෙවිඳු සේනාරත්න 46, ගයාන් දිසානායක 38, යුවින් හේරත් 21, සෞම්‍ය ප්‍රියසේන 5/63, දේවින්ද දිසානායක 2/21.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – 189/10 (62.5): හර්ශන වික්‍රමසිංහ 44, දුමිඳු දමිශ්ක 37, මනුල පෙරේරා 4/49, වෙනුජ මෙන්ඩිස් 4/53.

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – 127/7 dec (65): පහන් වික්‍රමසිංහ 37, තෙවිඳු සේනාරත්න 34*, කවිදු පතිරණ 29, සෞම්‍ය ප්‍රියසේන 2/17.

කිංස්වුඩ් විද්‍යාලය දෙවන ඉනිම – 129/7 (31): හසික ගමගේ 31, අචල බොගොඩවත්ත 28,  කසුන් මාධව 25*, දේවින්ද දිසානායක 24*, මනුල පෙරේරා 5/45.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න