අර්ධ ශතක අතරේ පාසල් තරග නිමා වේ

171

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division I) තරග හතරක් ඊයේ දිනයේ (01) දී නිමාවට පත්විය.

ලක්ෂිත සහ අවිශ්කගෙන් දැවැන්ත ඉනිමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවති තරග අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ…

මලියදේව ක්‍රීඩාංගණයේ පැවැත්වූ ගුරුකුල හා මලියදේව පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රවීන් නිමේෂ්ගේ සාර්ථක පන්දු යැවීම හමුවේ 99කට සීමා වූ මලියදේව පළමු ඉනිම ඉකුත් දා නිමා වන විට ගුරුකුල විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 159ක් ලබාගෙන ප්‍රථම ඉනිම ජයග්‍රහණය කරන ලදි.

ඊයේ දිනය ආරම්භ වීමත් සමඟ ගුරුකුල ප්‍රථම ඉනිම තවත් සාර්ථක කරමින් විහඟ ඉරංජන තම පිත්තෙන් ලකුණු 56ක් ලබා ගන්නා ලදි. මලියදේව විද්‍යාලය වෙනුවෙන් කවීන් බණ්ඩාර ලකුණු 58කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

දෙවන ඉනිම ඉතාමත් සාර්ථකව ගොඩනගන මලියදේව ක්‍රීඩකයන්  කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබා සිටිය දී දිනය නිමාවට පත් විය.

මලියදේවය වෙනුවෙන් සුපුන් සුමනරත්න ලකුණු 66ක් සහ මුදිත ප්‍රේමදාස ලකුණු 79ක් ලබා ගනිමින් තම ඉනිම ශක්තිමත් කරන ලදි.

ගුරුකුල විද්‍යාලයේ දිලීප චාමර ලකුණු 25ට කඩුලු 3යි.

කුරුණෑගල මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 99 (පන්දුවාර 37.3): නිමේශ් චතුරංග 27, ප්‍රවීන් නිමේශ් 6/41, ලික්ශාන් සසංග 2/18.

කැලණිය ගුරුකුල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 239 (පන්දුවාර 88.5): විහන්ග ඉරංජන 56, ප්‍රවීන් නිමේශ් 33, කෙමිර නයනතාරු 33, කවීන් බණ්ඩාර 3/58

කුරුණෑගල මලියදේව විද්‍යාලය – කඩුලු 7ක් දැවී 257(65): සුපුන් සුමනරත්න 66, මුදිත ප්‍රේමදාස 79,දිලීප චාමර  3/25, විහන්ග ඉරන්ජන 2/37.

1-1න් හෝ ගොඩයන්නට ශ්‍රී ලංකාව වෙර දරණ ලකුණු

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (1) කැන්බරා හි….

කඳාන ද මැසිනොද් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

පළමු දිනය ඉකුත් දා නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 156ක් ලබාගෙන ප්‍රථම ඉනිමේ ජය තමන් සතු කර ගැනීමට ලුම්බිණි විද්‍යාලය සමත් විය. කෙසේ නමුත් ඊයේ දිනය ආරම්භ වීමත් සමඟ ලුම්බිණි ඉනිම අවසන් කිරීමට ද මැසිනොද් ක්‍රීඩකයන්ට හැකි විය.

සාර්ථකව තම දෙවැනි ඉනිම ආරම්භ කරමින් මැසිනොද් විද්‍යාලයේ පසිදු රජමුනින්ද්‍ර අර්ධ ශතකයක් වාර්තා කරන ලදි.

>>මෙම ලිපියේ දෙවන කොටසට පිවිසෙන්න<<

කඳාන ක්‍රීඩකයන් කඩුලු 9කට ලකුණු  230ක් ලබා සිටිය දී තම ඉනිම අත් හිටවන ලදි. ලකුණු 155ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයන් ලකුණු 70කට එක් කඩුල්ලක් දැවී තිබිය දී දිනය නිමා විය. මෙහි දී රවිෂ්ක විජේසිරි නොදැවී ලකුණු  51ක් ලබා ගන්නා ලදි.

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු අළු දූවිලි කර දැමීමට අද (01) පන්දු රකින්නන් අතින් නැවත…

කඳාන ද මැසිනොද් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 31): රවිශ්ක විජේසිරි 5/43, සිතුම් දිසානායක 3/15.

ලුම්බිණි කොළඹ විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 61.2): ප්‍රභාත් සිරින්ද 41, පසිඳු අනගිපුර 32, මාර්ක් මතායස් 3/22, සාලිය ජූඩ් 3/31, රොමාල් ප්‍රනාන්දු 2/33.

කඳාන ද මැසිනොද් විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 230 (78.1): පසිදු රජමුනින්ද්‍ර 50, සිතුම් දිසානායක 5/90 රවිෂ්ක විජේසිරි 3/90.

ලුම්බිණි කොළඹ විද්‍යාලය – කඩුලු 1යි  ලකුණු 74 (10): රවිෂ්ක විජේසිරි 58*

විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න එංගලන්තයේ හෑම්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය සමඟ එක්කාසු වී සිව්දින ක්‍රිකට් තරගාවලියක්…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

A කාණ්ඩයෙන් තරග වදින මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය ඉකුත් දා නිමා වන විට මහින්ද විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 218ක් ලබාගෙන ප්‍රථම ඉනිමේ ජය තමන් සතු කර ගැනීමට ඔවුන්ට හැකි විය.

ඊයේ දිනය ආරම්භ කරමින් මහින්ද විද්‍යාලය වෙනුවෙන්  දිනයේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට කවීෂ මල්ලියවඩුට හැකි විය.

ඊයේ දිනයේ දී මහින්ද විද්‍යාලය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 275ක් ලබාගන්නා ලදි. මෙහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් ශේනෂ් ප්‍රනාන්දු ලකුණු 42කට කඩුලු 3ක් දවා ගන්න ලදි.

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට SF වෙතින් අත හිත

ලොව ප්‍රකට ක්‍රිකට් සන්නාමයක් වන ඉන්දියාවේ නිෂ්පාදිත SF (Stanford Cricket) ආයතනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම වෙත වසරක…

තම දෙවැනි ඉනිම ආරම්භ කරමින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට රවිඳු ප්‍රනාන්දුට හැකි විය.

මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන් විසින් නැවතත් මාරිස් ස්ටෙල්ලා ඉනිම ලකුණු 199කට සීමා  කරනු ලැබුවේ අශේන්, නිපුන් හා නවෝද අතර කඩුලු දෙක බැගින් ලබා දෙමින්ය.

ජයග්‍රණය සඳහා ලකුණු 60ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහින්ද ක්‍රීඩකයන්  කඩුලු 3ක් පමණක් දැවී තම ඉලක්කය සාර්ථක කර ගන්නා ලදි.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 49.2): රවිඳු ප්‍රනාන්දු 48, නවෝද් පරණවිතාන 3/25, වී. දුල්සර 2/13, පී. පෙතන්ගොඩ 2/15.

ගාල්ල මහින්ද විද්‍යාලය – සියලු දෙන දැවී  ලකුණු 275 (පන්දුවාර 63.3): නවෝද් පරණවිතාන 54, නිපුන් මාලිංග 50, හංසික වැලිහින්ද 28, කවීෂ මල්ලියවඩු 55, ධනූජ ඉඳුවර 23, ශෙනාස් ප්‍රනාන්දු 3/42.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 199 (පන්දුවාර 65.1): රවිදු ප්‍රන්දු  69, අමන්ත පෙරේරා 40, චතුර අනුරාද  35, අශේන් කණ්ඩම්බි 2/17, නිපුන් මාලිංග 2/33, නවෝද් පරණවිතාන  2/33

ගාල්ල මහින්ද විද්‍යාලය – කඩුලු 3 ලකුණු 61 (පන්දුවාර 10.1): නවෝද් පරණවිතාන 25*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<