රිච්මන්ඩ් අවසන් වටයට යද්දී හා තර්ස්ටන් අවසන් 4ට

423

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් හා අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද (1) කොළඹ දී ක්‍රියාත්මක විය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පාකිස්තානයට හොඳ හැටි බැටදෙයි

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (31) පැවති පස්වැනි හා අවසාන එක්දින….

එම තරගවලින් ජය ගත් රිච්මන්ඩ් විද්‍යාලය මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කළ තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය

පළමු අවසන් පූර්ව තරගය

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

සීමිත පන්දුවාර අර්ධ අවසන් පූර්ව තරගවල දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පිළිවෙළින් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය පරාජය කරමින් පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

කොළඹ මුවර්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මේ තීරණාත්මක ක්‍රිකට් තරගයේ කාසියේ  වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 51ක් තුල බිඳ දැමීමට වේල්ස් කුමර විද්‍යාල පන්දු යවන්නෝ සමත් වුවත් සඳුන් මෙන්ඩිස් හා එක්වූ දිලුම් සුධීර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවයක් ගොඩනංවමින් රිච්මන්ඩ් කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ගියේය.

රොජර් ෆෙඩරර්ගේ උඩපන්දුව රැකගත් ෂේන් වෝන්

ෂේන් වෝන් යනු අවිවාදයෙන්ම ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පන්දු…..

පන්දු 50ක දී ලකුණු 26ක් ලබා ගත් දිලුම් සුධීර, ලක්ෂාන් පෙරේරාගේ පන්දුවකට කෞමාල් නානායක්කාර වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් මනරම් පිතිකරණයක නිරත වෙමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ අනෙකුත් ක්‍රීඩකයින් හට යම් අස්වැසිල්ලක් ගෙන එමිනි. පන්දු යැවීමේ දී ලක්ෂාන් පෙරේරා කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 209ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි වේල්ස් කුමර විද්‍යාලයේ පළමු කඩුලු 6 ලකුණු 55ක් තුල දැවී ගියත් පසුපෙළ සවිමත් කළ පසිඳු පැතුම් දියත් කළ පිතිකරණය නිසා වේල්ස් කුමාර විද්‍යාලයට තරගකාරී ලකුණක් වෙත යාමට හැකියාව ලැබුණි.

තරිඳු අමරසිංහ ලකුණු 24යි. අවසානයේ වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 140ක් පමණි. ඒ නිසාවෙන් ලකුණු 68ක ජයක් ලබා ගත් රිච්මන්ඩ් විද්‍යාලය මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී අම්ෂි ද සිල්වා ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

රිච්මන්ඩ් විද්‍යාලය – 208 (47.4): සඳුන් මෙන්ඩිස් 50, තවීෂ අභිෂේක් 34, දිමුත් සඳරුවන් 33, විමුද් සප්නක 29, දිලුම් සුධීර 26, ලක්ෂාන් පෙරේරා 3/42, කෞමාල් නානායක්කාර 2/31, කාවින්ද ද මෙල් 2/40.

වේල්ස් කුමර විද්‍යාලය – 140 (40.1): පසිඳු පැතුම් 41, තරිඳු අමරසිංහ 24, අම්ෂි ද සිල්වා 4/24,  දිලුම් සුධීර 3/23.

Photos: Prince of Wales College vs Richmond College | U19 Division I One Day Tournament 2018/19 – SF


අර්ධ අවසන් පූර්ව තරගය,

තර්ස්ටන් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

තර්ස්ටන් පිටියේ දී නිමාව දුටු මේ තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට සත්කාරක තර්ස්ටන් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තේ පන්දුවාර 48කුත් පන්දු 4ක් අවසානයේ දීයි.

Photos: St. Benedict’s College vs Thurstan College | U19 Division I One Day Tournament 2018/19 | QF

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිතිකරණයේ නිරත වන ෂෙහාන් ප්‍රනාන්දු 4 පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේය. ෂෙහාන් ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට පෙර අවාසනාවන්ත ලෙස දැවී ගියේ බිමර රණතුංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

පන්දු යැවීමේ දී බිමර රණතුංග ලකුණු 25ක් තුල කඩුලු 3ක් දවා ගන්නා විට, ඔහුට සහාය වූ අංජු කරුණානායක හා ශලක බණ්ඩාර කඩුලු දෙක බැගින් දවා ගත්තේය.

දිමුත් ගැන තීරණයක් ගන්න SLC වෙතින් පරීක්ෂණයක්

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට්…..

පන්දුවාර 50ක් තුල ලකුණු 172ක පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් 4 පහර 18ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 108*ක් ලබාගෙන තර්ස්ටන් විද්‍යාලය තරගය ජය ගන්නා තෙක් ඉදිරියට රැගෙන ගියේ ජයවිහාන් ප්‍රදීප්තගේ සුපිරි පිතිකරණයයි.

ඊට අමතරව යොහාන් ලියනගේ ලකුණු 36ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී  තේනුක රංගලාල් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගන්නා විට කවීෂ ජයතිලක හා මහීෂ තීක්ෂණ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 171 (48.4): ෂෙහාන් ප්‍රනාන්දු 47, බිමර රණතුංග 3/25, අංජු කරුණානායක 2/31,  ශලක බණ්ඩාර 2/31.

තර්ස්ටන් විද්‍යාලය – 175/9 (38.2): ජයවිහාන් මහාවිතාන 108*, යොහාන් ලියනගේ 36, තේනුක රංගලාල් 3/45, කවිශ ජයතිලක 2/16, මහිෂ තීක්ෂණ 2/18.

මේ තරගය ජය ගත් තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම ඉදිරියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමඟ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇති අතර එම තරගය ThePapare.com හරහා සජීවීව විකාශය කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<