මොරටු මහා විද්‍යාලයට අමතක නොවන ජයක්

231

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතක් අද (19) දිවයින පුරා විසිර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

අභිමානය බේරාගන්න ලැබෙන අවසන් අවස්ථාවට පෙර

නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලි කිහිපය තුලම සාර්ථක අවසානයක් කරා ළඟා වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිය….

මොරටු මහා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

සුහද තරගයක් ලෙස කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී නිමා වූ මෙම තරගයේ අද දිනය ආරම්භ වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබා සිටියේ ය. ගියවර පැවති දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පසුගිය දා පැවති තරගයක දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හමුවේ පරාජය වූ නමුත් මේ තරගය අවසන් වූයේ මොරටු මහා විද්‍යාලයට ඉනිමක හා ලකුණු 44ක ජයක් ලබා දෙමිනි.

මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 224ක් වෙත යාමට සමත් වූයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක නිශාන් මධුෂ්කගේ වටිනා ශතකය ඉවහල් කරගෙනයි.

ලකුණු 200ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිමට සාපේක්ෂව යම් ප්‍රගතියක් පෙන්නුම් කරමින් පිතිකරණයේ නිරත වූ නමුත් එම ඉනිම ද ලකුණු 159කට සීමා විය. දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චතුර අනුරාධ හා කෙවින් පෙරේරා ලකුණු 37 බැගින් ලබා ගත්හ. පන්දු යැවීමේ දී එරන් හංසමාල් මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිමේ කඩුලු 7ක් දවා ගත්තේය.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 225 (52.1): නිශාන් මධුෂ්ක 121, නදිත් නිශේන්ද්‍ර 39*, රවිඳු ප්‍රනාන්දු 4/64

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 25 (11.1): විරාජ් කවිෂ්ක 6/02, නදිත් නිශේන්ද්‍ර 3/21

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 159 (57.3): චතුර අනුරාධ 37, කෙවින් පෙරේරා 37, අශාන් ප්‍රනාන්දු 33, එරන් හංසමාල් 7/48.


තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එහි පළමු ඉනිමේ වාසිය දිනා ගත්තේ තර්ස්ටන් විද්‍යාලයයි.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් යොහාන් ලියනගේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් රැස් කළේය. අවිශ්ක කෞෂල්‍ය ලකුණු 42යි. එම ඉනිම හතරේ පහර 3ක් සමඟින් එක් හයේ පහරකින් වර්ණවත් විය. තරගයේ දෙවන හා අවසන් දිනය නිමා වෙද්දී පිතිකරණයේ නිරතව සිටි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලබාගෙන සිටියේය. ත්‍රිත්ව ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් සවියක් වූ අශාන් ලොකුකැටිය හා දුමින්ද සිරිවර්ධන ලකුණු අතරට පිවිසෙන ලදි.

ත්‍රිත්ව විද්‍යාල පිතිකරුවන් අසරණ කළ දඟපන්දු යවන ක්‍රීඩක  සඳරු ඩයස් මේ තරගය පුරාවට කඩුලු 8ක් දවගන්නා විට තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකයෝ ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළහ.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 319 (85): යොහාන් ලියනගේ 85, අවිශ්ක කෞෂල්‍ය 42, රනේෂ් සිල්වා 40, නිමේෂ් පෙරේරා 33, අයේෂ් හර්ෂණ 31*, රශ්මික හිරිපිටිය 28, කෞෂික සේනාධීර 4/91.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 150 (56.1): අශාන් ලොකුකැටිය 41*, අග්බෝ අමරසිංහ 37, සඳරු ඩයස් 3/28, අයේෂ් හර්ෂන 3/42, යොහාන් ලියනගේ

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම (F/O) – 165/8 (56): දුමින්ද සිරිවර්ධන 36*, අයේෂ් හර්ෂණ 5/54, යොහාන් ලියනගේ 2/30.

දේවපතිරාජයේ දිනිතගෙන් විශ්මිත පන්දු යැවීමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර…

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගය ඊයේ (18) පළමු දිනය සඳහා නවතා දමන විට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 80ක් ලබාගෙන තිබුණි.

උයන්වත්ත පිටියේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලබාගත් ලකුණු 106ට පිළිතුරු ලෙස සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 177ක් ලබාගෙන සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේ ගිශාන්තික ජයවීර ඇතුළු පිතිකරුවන් ලබාගත් ලකුණු ප්‍රමාණයන් එකතු කරගනිමිනි.  පන්දු යැවීමේ දී අවිඳු ටෙහාර කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 71ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දී ලකුණු 173ක් ලබා ගත්තේ චමෝද් කවිෂ්කගේ අර්ධ ශතකය සවියක් කරගෙනයි. ගිශාන්තික ජයවීර මේ තරගයේ දී සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙනි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 106 (43.3): අවිඳු ශෙහාර 46, චමෝද් කවිෂ්ක 27, හිරුෂික ජීවජිත් 5/23, සචිර රශ්මික 2/14

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 177 (70): ගිශාන්තික ජයවීර 37, හරිඳු ජයසේකර 31, චාමික රණසිංහ 30, අවිඳු ටෙහාර 4/48, ශෙහාන් අනුරුද්ධ 2/08.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම –  173 (62.1): චමෝද් කවිෂ්ක 57, අවිඳු ශෙහාර 31, ගිශාන්තික ජයවීර 5/65, කවිඳු රිද්මාල් 2/42.

දෙවන දිනයට ක්‍රියාත්මක වූ තරග

කොළඹ ආනන්ද විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

මූලික වටයේ D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ අද (19) දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 31ක් ලබාගෙන සිටියේය. ඒ රිච්මන්ඩ් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 277ට පිළිතුරු ලෙසයි.

ආධිත්‍ය සිරිවර්ධන හා විමුද් සප්නක යන දෙදෙනාම රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් මේ තරගයේ පන්දු  යැවීමේ දී ජනිඳු ජයවර්ධන ලකුණු 98කට කඩුලු 5ක් දවා ගන්නා විට ලක්ෂිත අමරසේකර විසින් කඩුලු 2ක් දවා ගත්තේය. අනතුරුව  රිච්මන්ඩ් විද්‍යාලයීය නායකයා සිය පළමු ඉනිම අත්හිටුවා ආනන්ද විද්‍යාලයට පිතිකරණය සඳහා අවස්ථාව ලබා දුන්නේය.

මේ තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 277/8d (67): ආධිත්‍ය  සිරිවර්ධන 55, විමුද් සප්නක 55, දිමුත් සඳරුවන් 44, භානුක මනෝහර 30, ජනිඳු ජයවර්ධන 5/98, ලක්ෂිත අමරසේකර 2/49.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 31/2 (22):

සාන්ත ජෝසප් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය දැවැන්ත ලකුණු පුවරුවක් වෙත ඇදී ගිය මේ තරගයේ දී ශෙවෝන් ඩැනියල් ශතකයක් ලබා ගන්නා විට ශෙරාන් ෆොන්සේකා හා මිරංග වික්‍රමගේ අර්ධ ශතකයක් ලබා ගත්තේය.

පළමුව පිටියට පැමිණි සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 341ක් ලබා ගත්තේ පන්දුවාර 79ක් පමණක් වැය කරමිනි. එම ඉනිමේ දී එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබාගත් සාන්ත ජෝසප්වරුන් මලියදේව පන්දු යවන්නන් වෙත දැඩි පීඩනයක් ලබා දීමට සමත් වෙන ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මලියදේව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටියේ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 313ක් පසුපසින් සිටිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 341 (79): ශෙවෝන් ඩැනියල් 116, ශෙරාන් ෆොන්සේකා 83, මිරංග වික්‍රමගේ 61*, පසිඳු තෙන්නකෝන් 5/95.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 28/2 (8):


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

සුහද තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙස්ලි විදුහල් පිටියේ දී පළමුව පන්දුවට පහර දුනි. තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබාගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ දකුණතින් පිත්ත හසුරුවන ක්‍රීඩක ශෙහාන් ප්‍රනාන්දුයි. ඊට අමතරව මහේෂ් තීක්ෂණ ලකුණු 40ක් ලබා ගන්නා ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 174/7 (58): ශෙහාන් ප්‍රනාන්දු 48, මහේෂ් තීක්ෂණ 40*, කවිරු පෙරේරා 29.


කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

සහිරා විද්‍යාල පිටියේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන  සිටියේ ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 153ක් පසුපසින් සිටිමිනි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ද මැසනොඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 180ක් ලබා ගත්තේ දෙදින තරගයේ පළමු දිනයේ පන්දුවාර 63කුත් පන්දු 5ක් වැය කරමිනි. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සසිඳු සසංක ලකුණු 45ක් ලබා ගන්නා ලදි. එම්. කාලීඩ් කඩුලු 3යි.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම – 180 (63.5): සසිඳු සසංක 45, රොමල් ප්‍රනාන්දු 36, එම්. කාලීඩ් 3/26.

සහිරා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 27/2 (11):

පළමු  දිනයට පැවති තරග හෙට (20) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<