තර්ස්ටන් විද්‍යාලයට අභියෝග කළ දේවපතිරාජයට පළමු ඉනිමේ ජය

91

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) නිමා විය. 

ඒ තරග අතරින් තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ නමුත් තර්ස්ටන් විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් විය. 

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

දෙවන දිනයට පැවැත්වූ තරග,

තර්ස්ටන් විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගයේ අද දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දෙමින් සිටි දේවපතිරාජ විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 278ක් වාර්තා කරගන්නා ලදි.  

නායක කල්ප චේතිය සංචාරක තර්ස්ටන් තණතීරුව මත ලබා ගත් එම තීරණය නිවැරදි තීරණයක් බව පෙන්නුම් කළ දේවපතිරාජ පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 293ක් වාර්තා කරගන්නා ලදි.

එහි දී දක්ෂ පිතිකරණයක නිරත වුනු ජීවක ශෂීන් හා කල්ප චේතිය පිළිවෙළින් ලකුණු 98ක් හා ලකුණු 73ක් වාර්තා කරගනිමින් දේවපතිරාජ පළමු ඉනිම ඉතාමත් හොඳ මට්ටමකට රැගෙන එන ලදි. පන්දු යැවීමේ දී පුන්තිල කුමාර ලකුණු 103කට කඩුලු 3ක් දවා ගන්නා විට, යොහාන් ලියනගේ හා අවිශ්ක කෞශල්‍ය අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් පිළිතුරු දුන් තර්ස්ටන් විද්‍යාල පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම තුල සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 151ක් පමණි. ඒ නිසාවෙන් ඉනිමක ජයක් අපේක්ෂා කළ දේවපතිරාජ ක්‍රීඩකයින් ලකුණු 142ක් තුල තර්ස්ටන් දෙවන ඉනිම පාලනය කිරීමට වෑයම් කළත් සාර්ථක වූයේ නොමැත. 

යොහාන් ලියනගේ තරගය පුරාවට පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් මේ තරග ප්‍රතිඵලය සඳහා විශාල බලපෑමක් එල්ල කළේය.  පන්දු යැවීමේ දී සුධීර වීරරත්න හා ඉරුෂික තිමිර දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන ලදි.

දේවපතිරාජ විද්‍යාලය – 293 (86): ජීවක ශෂීන් 98, කල්ප චේතිය 73, පවන් සංදේශ් 30, සසංග නිර්මාල් 25, පුන්තිල කුමාර 3/103, යොහාන් ලියනගේ 2/78.

තර්ස්ටන් විද්‍යාලය – 151 (42.5): යොහාන් ලියනගේ  49, රනේෂ් සිල්වා 34, සුධීර වීරරත්න 5/27, ඉරුෂික තිමිර 4/72 හා (F/O) 131/2 (32): යොහාන් ලියනගේ  64, ජයවිහාන් මහවිතාන 30, ප්‍රසන්න පුෂ්පකුමාර 33*.

Video – ශ්‍රී ලංකා පිතිකරුවන් ODI වලදී ගොඩනංවා තිබෙන හොඳම සබඳතා – සිංහලෙන් ක්‍රිකට් 05

ධර්මපාල විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. කෙසේ නමුත් වර්ෂාව පතිත වීම නිසා තරගයේ දින දෙකේම ආරම්භ වීම සඳහා පැය කිහිපයක් ගත විය. 

තරගයේ පළමු දිනය අවසන් වන විට ධර්මාශෝක විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 95ක් ලබාගෙන යම් අසීරු මට්ටමක සිටියේය. නමුත් යොහාන් ද සොයිසා ලබා ගත් ලකුණු 44 නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 113ක් දක්වා රැගෙන ඒමට යොහාන් ද සොයිසා හට හැකිවිණි. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන තිසර ශිශාර ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තේය.

ධර්මාශෝක විද්‍යාලය ලබා ගත් ලකුණු 113ට පිළිතුරු දුන් ධර්මපාල විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 166ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි. 

එහි දී නවීන් මදුසංක හා  විහඟ ගුණරත්න පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 34ක් ලබාගෙන ධර්මාශෝක විද්‍යාලයේ පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කළේ, ලකුණු 53ක පළමු ඉනිමේ වාසියක් ද ලබා ගෙනයි. 

තරගයේ දෙවන දිනය අවසන් වන විට ධර්මාශෝක විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටි අතර තරගය ප්‍රතිඵලයක් රහිතව නිමාවට පත්විය. කෙසේ නමුත් මෙහි පළමු ඉනිමේ වාසිය හිමිකරගත්තේ ධර්මපාල විදුහල් කණ්ඩායමයි. 

ධර්මාශෝක විද්‍යාලය – 113 (61.2): යොහාන් ද සොයිසා 44, තිසර ශිශාර 4/23, දිනිත් නෙලුම්දෙණිය 2/36 හා 9/1 (5.4)

ධර්මපාල විද්‍යාලය – 166/9d (65): නවීන් මදුසංක 41, විහඟ ගුණරත්න 34, ලොහාන් ද සොයිසා 3/53, මනීෂ රශ්මික 2/33.

Video – ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – ශිරාන් ප්‍රනාන්දු

පළමු දිනයට පැවැත්වූ තරග,

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 156 (56.2): තේනුක නන්දලාල් 42, අශේන් ද සොයිසා 31, කවිරු පෙරේරා 29, ෂෙහාන් ප්‍රනාන්දු 27, සෙමිල ලියනගේ 4/38.

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 51/1 (19): සාහිල් ඩයස් 30*.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 131 (43): දිලීප් නිරෝෂන් 28, අමිත සංදීප 26, ඉමිතියාස් ස්ලාසා 6/38, මොහොමඩ් දිල්හාන් 2/28.

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 22/3 (12): ගිහාන් සත්මික 2/08.

පළමු දිනයට පැවැත්වූ මේ  තරග සියල්ලම හෙට (19) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<