සාන්ත අන්තෝනි හා රිච්මන්ඩ් විද්‍යාල පෙරමුණේ

169

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) නිමාව දුටු අතර එම තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ තරග අතරින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය වැඩි වාසි හිමිකර ගත්තේය.

කුරුණෑගල මලියදේවයට පළමු ඉනිමේ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත්…

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

දෙවන දිනයට පැවැත්වූ මේ තරගයේ අද දිනය ආරම්භ කරන විට සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබාගෙන සිටියේය.

නවෝද්‍ය විජේකුමාර අද දිනයේ දී ශතකයක් ලබාගෙන සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වූයේ සිය විද්‍යාලයට පළමු ඉනිම ජය ගැනීමට අවශ්‍ය මූලික පසුබිම සකසාලමිනි. දයාන් පංකජ හා ගිහාන් අචින්ත පිළිවෙළින් ලකුණු 34ක් හා ලකුණු 30ක් රැස්කර ගත්තේය. කඩුලු 7ක් දැවී ලකුණු 207ක් ලබා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදි, පන්දු යැවීමේ දී ටශික් පෙරේරා හා තදුල ද සිල්වා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 29ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව පිටියට පැමිණි සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 78ක් පමණි. විනුජ රණසිංහ ලකුණු 29යි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ පන්දු  යවන ක්‍රීඩක කල්හාර සේනාරත්න ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තේය. අවසානයේ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය මේ තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරන ලදි.

මේ තරගය සාන්ත සෙබස්තියන් පිටියේ දී පැවැත්විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 178 (54.4): දුනිත් ජයතුංග 77, සුකිත ප්‍රසන්න 36, නුවනිඳු ප්‍රනාන්දු 21, කල්හාර සේනාරත්න 5/58, අසිත වන්නිනායක 2/27, නිමංක ජයතිලක 2/44.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම  – 207/7d (73): නවෝද්‍ය විජේකුමාර 53, දයාන් පංකජ 34, ගිහාන් අචින්ත 30, කල්හාර සේනාරත්න 22, ටශික් පෙරේරා 2/33, තදුල ද සිල්වා 2/25.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 78 (26.4): විනුජ රණසිංහ 29,  නිම්නක ජයතිලක 5/32, කල්හාර සේනාරත්න 3/26.

ලොකු කුසල්ගේ අඩුව පුරවන්න පොඩි කුසල් පිටියට

වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා…


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

වත්තල සාන්ත අන්තෝනි පිටියේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයට දින දෙකේ දී ම දැඩි ලෙස වර්ෂාවෙන් බාධා එල්ල විය. අවසානයේ මේ තරගය නිමා වූයේ රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

සාන්ත අන්තෝනි විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 66ක් ලබා ගන්නා විට සිය දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණයි. රිච්මන්ඩ් විද්‍යාලයේ අම්ෂි ද සිල්වා, දිලුම් සුධීර යන දඟපන්දු යවන්නන් මේ තරගය පුරාවටම පන්දුවෙන් දස්කම් දක්වන ලද්දේ පිළිවෙළින් කඩුලු 7ක් හා 4ක් දවාගෙනයි. විටින් විට ඇදහැලෙන වර්ෂාව නිසා ක්‍රමයෙන් උදාසීන වූ මේ තරගයට යම් ජවයක් එක් කළ දකුණතින් පිත්ත හසුරුවන තවිෂ අභිෂේක් නොදැවී ලකුණු 74*ක් ලබාගෙන රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ අතර ඔවුන් සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන සිය ඉනිම අත්හිටු විය.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 66 (30.5): අරින්ද පසිඳු 19,  දිලුම් සුධීර 4/23, අම්ෂි ද සිල්වා  3/14, සුගීත් නිම්නාද 2/12.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 168/4d  (20): තවිෂ අභිෂේක් 74*, ආධිත්‍ය  සිරිවර්ධන 33,  දිලුම් සුධීර 22.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 87/6 (45): පැතුම් විහඟ 24, කවීෂ දුලංජන 24, දිලුම් සුධීර 3/33, චමත් දිල්සර 2/19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<