සාන්ත පීතර, නාලන්දා හා සාන්ත තෝමසුවන්ට දැවැන්ත ජයග්‍රහණ

362

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග රැසක් අද (17) අවසන් වෙද්දී, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද දිනය නිමා කළේ මේ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් සාර්ථකව අවසන් කරමිනි.

ලක්ෂිත හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක හා උණුසුම් තරග කිහිපයක් අද (16) පැවැත්විය.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 74ක ජයක් හිමිකර දෙමින් අවසන් වූ මේ තරගය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ B කාණ්ඩයේ තරගයක් ලෙසයි.

දෙවන දිනය වෙනුවෙන් තරගය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවිය. සාන්ත පීතර විද්‍යාලය  ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 281 දී අත්හිටුවා දැමීමට තීරණය කළේ ජනාධිපති විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 92ට පිළිතුරු ලෙසයි. සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම ඔසවා තැබූ සන්තුෂ් ගුණතිලක හා නිපුන්ක ෆොන්සේකා පිළිවෙළින් ලකුණු 123ක් හා ලකුණු 84*ක් රැස්කර ගත්හ.

ලකුණු 189ක පළමු ඉනිමේ අවාසියක් ඇතිව පිටියට පැමිණි ජනාධිපති විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට ජනාධිපති විද්‍යාලයේ කිසිඳු පිතිකරුවෙකුට නොහැකි විය. නමුත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොෂාන් ජයරත්න ලකුණු 27ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම ලකුණු 115ක් දක්වා ගෙන ඒමට සහය විය.

පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක කනිෂ්ක මධුවන්ත ලකුණු 35කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම: 92 (30.2) – විකුම් කල්හාර 30, කේෂර පුෂ්පකුමාර 30, සන්තුෂ් ගුණතිලක 3/06.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම: 281/5d (65) – සන්තුෂ් ගුණතිලක 123, නිපුන්ක ෆොන්සේකා 84*.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම: 115 (47.5) – රොෂාන් ජයරත්න 27, තෙවින් තෙව්මික 26, කනිෂ්ක මධුවන්ත 5/35.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් දෙලොවක් අතර

ජයග්‍රහණය සඳහා ලකුණු 301ක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සටන්කාමී ඉනිමක නිරත වෙමින් තම…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 13ක දැවැන්ත ජයක් හිමි වූ මේ තරගය ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී  සුහද තරගයක් ලෙස පැවැත්විය.

තරගයේ අද දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 182ක් ලබාගෙන සිටියේ වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 34ක් ඉදිරියෙනි.

එතැන් සිට ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ලකුණු පුවරුව 300/6ක් ලෙස දැක්වෙද්දී පළමු ඉනිම අත්හිටුවන ලදි. එහි දී නොදැවී ක්‍රීඩා කරමින් අගනා ශතකයක් වෙත පිය තැබූ රවිඳු ද සිල්වා ලකුණු 122*ක් ලබාගෙන සාන්ත තෝමස් විද්‍යාලයේ ජයග්‍රහණය සඳහා සාර්ථක අඩිතාලමක් සකස් කළේය. ඊට අමතරව ඔහුට සහය වූ  උමයංග සුවාරිස් හා ඩියෝන් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 66ක් හා ලකුණු 47ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 152ක පළමු ඉනිමේ අවාසියක් හා දැඩි පීඩනයක් සමඟ දෙවන ඉනිමට පිටියට පැමිණි වේල්ස් කුමර විද්‍යාලයට සාන්ත තෝමස් විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක ඩෙලෝන් පීරිස්ගේ පන්දු යැවීම හමුවේ ඉනිමක පරාජයෙන් ගැලවීමට සටනක් ලබා දුන්නේය. අවසානයේ සියල්ලන්ම දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 139ක් පමණක් වන අතර පන්දු යැවීමේ දී ඩෙලෝන් වේල්ස් කුමර දෙවන ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම: 148 (46.4) – ප්‍රින්ස් ප්‍රනාන්දු 54, කාවින්ද ඩිල්ශාන් 21, දිල්මින් රත්නායක 4/24.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම: 300/6d (66.2) – රවිඳු ද සිල්වා 122*, උමයංග සුවාරිස් 66, ඩියෝන් ප්‍රනාන්දු 47, දිල්මින් රත්නායක 33, කාවින්ද ඩිල්ශාන් 2/51.

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම: 139 (42.5) – තරිඳු අමරසිංහ 49, විනුජ රන්පුල් 28, ඩෙලෝන් පීරිස් 6/28,  දිල්මින් රත්නායක 2/24.

>> ක්‍රිකට් ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කොළඹ නාලන්දා විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ නාලන්දා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ ඊයේ (16) දිනය නිමා වන විට පළමු ඉනීම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විද්‍යාලය කඩුලු දෙකක් දැවී 153ක් ලබාගෙන සිටියේය.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 146ක් ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන  නදුන් ඩිල්ශාන් හා නිම්න ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සවියක් කරගෙනයි.

නාලන්දා විද්‍යාල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබාගෙන අඩු පන්දුවාර ප්‍රමාණයක් තුල ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර අවසානයේ ඔවුන් ඉනිම අත්හිටුවීමට තරණය කරන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 5ක් සමඟ ලකුණු 78ක් ලබා ගැනීමට චමිඳු විජේසිංහ සමත් විය. ඊට අමතරව රනිඳු ද සිල්වා හා රවීන් ද සිල්වා පිළිවෙළින් ලකුණු 56ක් හා ලකුණු 54*ක් රැස්කර ගත්හ.

ලකුණු 156ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ද මැසනොඩ් විද්‍යාලය එම ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 141ක් පමණි. අනෙක් අන්තයේ පිතිකරුවන් එක් පෙළට ක්‍රීඩාගාරයට හැරී යද්දී පළමු ඉනිම මෙන්ම දෙවන ඉනිම වෙනුවෙන් ද දක්ෂ පිතිකරණයක නිරත වූ වමතින් පිතිකරණයේ නිරත වන නදුන් ඩිල්ශාන් නොදැවී ලකුණු 69*ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී කවිෂ් මදුරප්පෙරු ලකුණු 13කට කඩුලු 6ක් දවා ගත්තේ නාලන්දා විද්‍යාලයට ඉනිමක හා ලකුණු 15ක දැවැන්ත ජයක් ගෙන ඒමට අවශ්‍ය මඟ විවර කරමිනි.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම: 146 (46) – නදුන් ඩිල්ශාන් 30, නිම්න ප්‍රනාන්දු 28, ලක්ෂිත රසාංජන 7/41, චමිඳු විජේසිංහ 3/34.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම : 302/7d (74) – චමිඳු විජේසිංහ 78, රනිඳු ද සිල්වා 56, රවීන් ද සිල්වා 54*, ලක්ෂිත රසාංජන 32, රෝමාල් ප්‍රනාන්දු 3/84.

ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම: 141 (64.3) – නදුන් ඩිල්ශාන් 69*, නිම්න ප්‍රනාන්දු 23, කවිෂ් මදුරප්පෙරුම 6/13, දිනෙත් සමරවීර 2/17.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගන්නට කැපවූ දැවැන්තයෙක් සමුගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වත්මන් උපසභාපතිවරයා ලෙස කටයුතු කළ බෙන්තොට ගාමිණි ජාතික පාසලේ හා කරන්දෙණිය මධ්‍ය මහා…

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවති මේ C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 220ක් ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන ටශික පෙරේරාගේ හා නිෂිත අභිලාෂ්ගේ ලකුණු සවියක් කරගෙනයි.

ඊට අමතරව සුඛිත ප්‍රසන්න ද ලකුණු අතරට පිවිසියේය.

එම ලකුණු 220ට පිළිතුරු දුන් සාන්ත සර්වේසස් විද්‍යාලයේ පළමු ඉනිම අනපේක්ෂිත ලෙස ලකුණු 85කට සීමා වූයේ ශසික පෙරේරා ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසයි. කෙසේ නමුත් තරගයේ පළමු දිනය අවසානයේ දී සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සර්වේසස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 2ක් ලබාගෙන සිටින ලද්දේ සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 133ක් පසුපසින් සිටිමිනි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම: 220 (48.2): ටශික පෙරේරා 45, නිෂිත අභිලාෂ් 37, සුඛිත ප්‍රසන්න 39, දුනිත් ජයතුංග 25, චෙතක දෙනුවන් 4/59, ශෂික දුල්ශාන් 3/61

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම: 85 (31.3) – කේෂර නුවන්ත 31, ශසික පෙරේරා 3/12, විනුජ රණසිංහ 4/12

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම (F/O) (පළමු දිනය අවසානයේ):  2/0 (0.5)

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ධර්මරාජ විදුහල් පිටියේ පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 134ක් ලබා ගත්තේ මිතිල ගයාශාන් ලබාගත් ලකුණු 35 සවියක් කරගෙනයි. පන්දු යැවීමේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ නිදුක සමරසේකර හා සඳුන් මධුසංක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

අයහපත් ආලෝකය නිසාවෙන් පළමු දිනයට තරගය නවතා දමන විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 45ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක සිටින්නේ ධර්මරාජ විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 86ක් පසුපසින් සිටිමිනි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම: 134 (55.3) – මිතිල ගයාශාන් 35, නිදුක සමරසේකර 3/28, සඳුන් මධුසංක 3/40.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 48/5 (13)

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ල හෙට (18) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<