ලක්ෂිත හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වයි

169

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක හා උණුසුම් තරග කිහිපයක් අද (16) පැවැත්විය.

සඳරුගේ දඟ කැවීමෙන් ධර්මපාල විද්‍යාලය අතරමං වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ…

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

රත්මලාන ඉරිගේෂන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (15) ආරම්භ වූ මෙම C කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවත් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ මහානාම ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට සංචාරක සාන්ත මරියා ක්‍රීඩකයින්ට ආරාධනා කළ අතර ඔවුන්ට රැස්කරගත හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 103ක් පමණි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක මහානාම කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 169ක් ලබා ඉතා ප්‍රබල තැනක පසුවිය. අද දිනයේ ඔවුන් එක් ලකුණක් ලබා ගත් පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පැය කිහිපයක් නවතා දැමූ අතර වර්ෂාවෙන් පසුව මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිට වූයේ ලකුණු 67ක පළමු ඉනිමේ වාසියක් ද ලබාගෙනයි.

මහානාම විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි පවන්ත වීරසිංහ ශතකයක් ලබාගන්නා විට විනුක රූපසිංහ ලකුණු 53*ක් ද ලබා ගත්තේය.

අවසානයේ සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 118ක් ලබාගෙන සිටිය දී තරගයේ දෙවන දිනය නිමා කිරීමට තරග සංවිධායකයින් කටයුතු කළේය.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම: 103 (39.5) – පසන් වලිසිංහ 35, අසේල පෙරේරා 3/12.

මහානාම විද්‍යාල පළමු ඉනිම: 170/0d (54) – පවන්ත වීරසිංහ 100*, විනුක රූපසිංහ 53*.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම: 118/5 (44) – ගිහාන් අබේවර්ධන 34, පසන් වලිසිංහ 33*, ගජිත කේෂර 32.

අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි

එංගලන්ත පිතිකරුවන්ට කෙසේ පන්දු යැවිය යුතු දැයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ළතැවෙමින්…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

පසිඳු උෂෙට්ටිගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී ක්‍රියාත්මක වූ මේ සුහද තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය අද (16) දෙවන දිනයට ආරම්භ කරන විට පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 55ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවිය. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 87කට සීමා කළ මාරිස් ස්ටෙල්ලා පන්දු යවන්නන් සිය විද්‍යාලයට ලකුණු 85ක පළමු ඉනිමේ වාසියක් ලබා දුන්නේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය දෙවන ඉනිම ලකුණු 110කට සීමා කළ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මනෝහරන් පවිත්‍රන් කඩුලු 4ක් දවා ගනිමින් ඔවුන්ගේ දෙවන ඉනිම සුනුවිසුනු කළේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරුවන්ට ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි. මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක පසිඳු උෂෙට්ටි පන්දු යැවීමෙන් කඩුලු 6ක් දවා ගත් අතර පිතිකරණයෙන් ද ලකුණු අතරට පැමිණියේය.

සාන්ත සිල්වෙස්ටර් දෙවන ඉනිමේ පන්දුවාර 40ක් අවසානයේ තරගයේ ප්‍රතිඵලයක් නොපැමිණි නිසා තරගය නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම: 172 (50.5) – කෙවින් පෙරේරා 51, චතුර අනුරාධ 25, පසිඳු උෂෙට්ටි 25*, නවීන් ප්‍රනාන්දු 24, පසන් හෙට්ටිආරච්චි 4/42.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම : 87 (35.2) – නවීන් ප්‍රනාන්දු 4/35, පසිඳු උෂෙට්ටි 2/01, රවිඳු ප්‍රනාන්දු 2/13.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම: 110 (32.1) – රොෂේන් ප්‍රනාන්දු 24, මනෝහරන් පවිත්‍රන් 4/18.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම: 62/7 (40) – කෙවින් නිමාෂන 22, පසිඳු උෂෙට්ටි 4/14, රවිඳු ප්‍රනාන්දු 3/35.

කෲස්පුල්ලේ සහ නුවනිඳු පිත්තෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ…


පළමු දිනයට පැවැත්වූ තරග

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

මූලික වටයේ B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ අද (16) දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවේ. ඒ ජනාධිපති විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 92ට පිළිතුරු ලෙසයි.

කාසියේ වාසිය දිනා ගත් ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන විකුම් කල්හාර හා කේෂර පුෂ්පකුමාර ලකුණු 30 බැගින් ලබා ගත්හ. ඊට අමතරව සාන්ත පීතර විද්‍යාලයේ පන්දු යවන්නට එරෙහිව ජනාධිපති විද්‍යාල පිතිකරුවන් ක්‍රියාත්මක වීමට වෑයම් කළත් එම උත්සාහයන් සාර්ථක නොවීය. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක ලකුණු 6කට කඩුලු 3යි.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 92ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලයේ ශතක ලාභී සන්තුෂ් ගුණතිලක (ලකුණු 123) හා නිපුන්ක ෆොන්සේකා (ලකුණු 84*) සුපිරි පිතිකරණය නිරත වෙමින් තරගයේ පළමු දිනය තුලම සිය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දෙන්නට සමත් වූහ.

තරගය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම: 92 (30.2) – විකුම් කල්හාර 30, කේෂර පුෂ්පකුමාර 30, සන්තුෂ් ගුණතිලක 3/06.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 281/5 (65) – සන්තුෂ් ගුණතිලක 123, නිපුන්ක ෆොන්සේකා 84*.


කොළඹ නාලන්දා විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

මූලික වටයේ B කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්දා විද්‍යාල පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයෝ පළමුව පන්දු යැවීමට තීරණය කළහ.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 146ක් ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන  නදුන් ඩිල්ශාන් හා නිම්න ප්‍රනාන්දු ලබාගත් ලකුණු  සවියක් කරගෙනයි. ඔවුන් දෙදෙනාට හැරෙන්නට නාලන්දා විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂිත රසාංජන හා චමිඳු විජේසිංහගේ පන්දු හමුවේ ලකුණු රැස්කර ගැනීමට හැකි පිතිකරුවන් සිටියේ නැත. සුපිරි පන්දු යැවීමක නිරත වූ ලක්ෂිත රසාංජන ලකුණු 41කට කඩුලු 7ක් දවා ගන්නා ලදි.

ද මැසනොඩ් විද්‍යාලය ලබා ගත් එම ලකුණු 146ට පිළිතුරු දුන් නාලන්දා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ දී කඩුලු  දෙකක් දැවී ලකුණු 153ක් ලබාගෙන සිටියි. පළමු දිනය අවසන් වන විට නාලන්දා ඉනිම වෙනුවෙන් ලකුණු 56ක් ලබාගත් රනිඳු ද සිල්වා තරගයේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන්ම සිටියි.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම: 146 (46) – නදුන් ඩිල්ශාන් 30, නිම්න ප්‍රනාන්දු 28, ලක්ෂිත රසාංජන 7/41, චමිඳු විජේසිංහ 3/34.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 153/2 (41) – රනිඳු ද සිල්වා 56, අවිශ්ක පෙරේරා 23.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී  සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 182ක් ලබාගෙන සිටියේ වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 34ක් ඉදිරියෙන් සිටිමිනි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 148ක් ලබා ගත්තේ දෙදින තරගයේ පළමු දිනයේ පන්දුවාර 46කුත් පන්දු 4ක් වැය කරමිනි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 54ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව කාවින්ද ඩිල්ශාන් ලකුණු 21යි.

පිට දඟපන්දු යවන ක්‍රීඩක දිල්මින් රත්නායක ලකුණු 24ක් තුල වේල්ස් කුමර විද්‍යාලයේ කඩුලු 4ක් දවා ගත්තේය. වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු දුන් සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයේ ඩියෝන් ප්‍රනාන්දු හා දිල්මින් රත්නායක පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 33ක් ලබාගෙන තරගයේ ආරම්භක දිනය තුලම පළමු ඉනිමේ ජය තහවුරු කළේය.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම: 148 (46.4) – ප්‍රින්ස් ප්‍රනාන්දු 54, කාවින්ද ඩිල්ශාන් 21, දිල්මින් රත්නායක 4/24.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 182/3 (46) – උමයංග සුවාරිස් 49*, ඩියෝන් ප්‍රනාන්දු 47, රවිඳු ද සිල්වා 45*, දිල්මින් රත්නායක 33, කාවින්ද ඩිල්ශාන් 2/36.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ල හෙට (17) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<