සාන්ත තෝමස් විද්‍යාලය සිය පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරගනී

548

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින දක්ෂයින් සොයා යාම වෙනුවෙන් පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (15) ක්‍රියාත්මක වූ අතර එහි එක් තරගයකින් ආනන්ද විද්‍යාලය පරාජය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඉනිමක හා ලකුණු 95ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

පවන්, සොනාල් හා සිතර හපුහින්න ශතක අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (14) …

කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

මේ තරගය සාන්ත තෝමස් විද්‍යාලය ජය ගැනීම නිසා වසර 43කට පසුව ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් පරාජය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය.

සුහද තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 354 සීමාවේ දී අත්හිටුවා දැමීමට තීරණය විය.

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටියේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 335ක් පසුපසිනි සිටිමිනි. කනිෂ්ක රන්තිලකගේ ආනන්ද විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ පිතිකරුවා බවට පත්වූයේ ලකුණු 37ක් ලබා ගෙනයි. පන්දු යැවීමේ දී වේගපන්දු යැවූ කලන පෙරේරා සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තේ ආනන්ද පිතිකරුවන් දැඩි අසීරු තාවයකට ඇද දමමිනි.

ලකුණු 230ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ආනන්ද විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 230ක ඉලක්කයක් හඹා යා යුතුව තිබුණි.  නමුත් ශැනොන් ප්‍රනාන්දු ඇතුළු සාන්ත තෝමස් විද්‍යාලයීය පන්දු යවන්නන් ආනන්ද විද්‍යාලයීය දෙවන ඉනිම ලකුණු 145කට සීමා කරමින් දස්කම් දැක්වීම නිසා ආනන්ද විද්‍යාලයට පූර්ණ තරග පරාජයකට ලක්වීමට සිදු විය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 354/8d (68.4): සිතර හපුහින්න 142, කලන පෙරේරා 54, රවිඳු ද සිල්වා 47, ඉයන් ප්‍රනාන්දු 45, ලක්ෂිත අමරසේකර  3/105

ආනන්ද විද්‍යාල පළමු ඉනිම –  114 (29.4): කනිෂ්ක රන්තිලකගේ 37, කලන පෙරේරා 4/32.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම (F/O) – 145 (39.5): කමේෂ් නිර්මාල් 31, දමින්ද රෙෂාන් 27, චාමික ගුණසේකර 26, සුදීප අගුළුගහ 25, ශැනොන් ප්‍රනාන්දු 4/40, ඩෙලෝන් පීරිස් 3/58.

>>සාන්ත ආනා විද්‍යාලය අභිබවා ගිය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට වැඩි වාසිය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

මෙම C කාණ්ඩයේ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටියේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 46ක් පසුපසින් සිටිමිනි.

සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 186කට සීමා කිරීමට සමත් විය. එහි දී වමතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක විනුජ රණසිංහ ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්විය. පිතිකරණයෙන් දස්කම් දැක්වූ නායක ගිම්හාන ආශිර්වාද හා වමතින් පිතිකරණයේ නිරත වන මනුෂ්ක සමිත් පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 42ක් ලබාගන්නා ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නායක නුවනිඳු ප්‍රනාන්දු ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් ලකුණු 83ක් රැස්කර ගත්තේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 186 (66.3): ගිම්හාන ආශීර්වාද 47, මනුෂ්ක සමිත් 42, රවිඳු කාංචන 31, විනුජ රණසිංහ 3/36, ටශික් පෙරේරා 2/29.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 140/4 (28.3): නුවනිඳු ප්‍රනාන්දු 83, සුඛිත ප්‍රසන්න 24, නිදුක මල්සිත් 4/37.

ගාල්ල මහින්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 326 දී අත්හිටුවීමට තීරණය කරන ලදි.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන අශේන් කණ්ඩම්බි ලකුණු 93ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ අශේන් කණ්ඩම්බි 93යි. පන්දු යැවීමේ දී ටශික් නිර්මාල් ලකුණු 97කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 59ක් ලබාගෙන සිටියේ මහින්ද විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 267ක් පසුපසිනි සිටිමිනි.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 326/9d (71.3): අශේන් කණ්ඩම්බි 93, කවිශ මලියවඩු 93, ධනුජ ඉඳුවර 48, ටශික් නිර්මාල් 3/97.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  59/5 (21): දිනිත් නෙලුම්දෙණිය 20, කුශාන් මධූශ 2/15.

>>අකිල යළිත් දස්කම් අතරට

සාන්ත සර්වේසස් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ දී පැවැත්වෙන සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්හ.

සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ ශෂික දුල්ශාන් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 99ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ රිසිර ලක්වින් ලකුණු 38ක් ලබාගෙන සිය විද්‍යාලයේ පළමු ඉනිම ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ ලික්ශාන් සසංග ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 30ක් පමණි. ආණ්ඩු යැවීමේ දී නායක චරිත් හර්ෂණ ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 176ක පළමු ඉනිමේ වාසියක් සිය අත තිබූ සාන්ත සර්වේසස් විද්‍යාලය නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ ඉනිමක ජයක් ලබාගැනීමේ අරමුණකින් තොරවයි. කෙසේ නමුත් තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට තම දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියේ ගුරුකුල විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමට පළමු දිනයේම අර්ධ ශතකයක් එකතු කළ නායක ජොහෑන් ද සිල්වා  ලකුණු 80ක් ලබා ගත්තේය.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 206 (64.5): ශෂික දුල්ශාන් 99, රිසිර ලක්වින් 38, චරිත් හර්ෂණ 26, ලික්ශාන් සසංග 4/27.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 30 (14.3): චරිත් හර්ෂණ  5/13, පසිඳු මනුප්‍රිය 4/13.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 35/1 (6):

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාල

කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුව යැවූ සාන්ත මරියා විද්‍යාලය සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 281කට සීමා කළේය.

චමෝද් ප්‍රනාන්දු හා යොහාන් මදුවන්ත පිළිවෙළින් ලකුණු 52ක් හා ලකුණු 51ක් වාර්තා කරන ලදි. පන්දු යැවීමේ දී සිනෙත් වර්ණකුලසූරිය කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 281 (76.3): චමෝද් ප්‍රනාන්දු 52, යොහාන් මදුවන්ත 51, නිපුන් දනංජය 47, අවිඳු ෂෙහාර 43, අචින්ත දේශාන් 37*, සිනෙත් වර්ණකුලසූරිය 4/109, ගිහාන් අබේවර්ධන 3/70.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 60/0 (21): ගජිත කොටුවේගොඩ 31*, ගිහාන් අබේවර්ධන 21*

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (16) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<