මහින්ද විද්‍යාලය අභිබවා ගුරුකුල පෙරමුණ ගනී

360

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (15) ක්‍රියාත්මක වූ අතර නවෝද් පරණවිතාන, විනුර දුල්සර, ශෙවෝන් ඩැනියල්, ශෙරන් ෆොන්සේකා, මදුරංග නවීන්, චතුර කුමාරසිංහ හා කලන පෙරේරා යන ක්‍රීඩකයින්  අද දිනයේ දී වැඩි දස්කම් දැක්වීමට සමත් වූහ.

සාන්ත ආනාවරුන් ජයග්‍රහණයකින් තරගාවලියට තිත තබයි

ක්‍රමයෙන් අවසන් වෙමින් යන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරග අතරින්

මහින්ද විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් අවසන් වූ මේ A කාණ්ඩයේ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවුනි.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ගුරුකුල විද්‍යාලයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 106ක් රැස්කර ගත්තේය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගුරුකුල විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබාගෙන සිය පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගෙන තිබුණි.

නුවන් චානක හා සිතිජ චමෝද් පිළිවෙළින් ලකුණු 30*ක් හා ලකුණු 26*ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ගුරුකුල විද්‍යාලය අද දිනයේ තවත් ලකුණු 100ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටු වූයේ මහින්ද විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 105ක වාසියක් ලබාගෙනයි.

ගුරුකුල පළමු ඉනිම අර්ධ ශතක දෙකකින් වර්ණවත් කළ  සිතිජ චමෝද් හා නුවන් චානක පිළිවෙළින් ලකුණු 60ක් හා ලකුණු 54ක් වාර්තා කරගත්තේය. පන්දු යැවීමේ දී නිපුන් මාලිංග කඩුලු 4යි.

>>Photos: Gurukula College U19 Cricket Team Preview 2018/19<< 

සිය පිළිතුරු දෙවන ඉනිම දියත් කළ මහින්ද විද්‍යාලය පළමු ඉනිමේ දී ඔවුන් අතින් සිදු වූ අඩුපාඩු අවම කරගනිමින් ඉතාමත් ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ නිරත විය. එහි දී සුපිරි පිතිකරණයක නිරත වූ නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 154*ක් වාර්තා කරගන්නා ලදි. විනුර දුල්සර ලකුණු 72යි. අවසානයේ තරගයේ දෙවන දිනය අවසන් කර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 106 (37.1): කව්ෂිත කොඩිතුවක්කු 25, හංසික වැලිහිඳ 25, නුවන්ත මදුසංක 4/28.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 211/9d (103.3): සිතිජ චමෝද් 60, නුවන් චානක 54, නිපුන් මාලිංග 4/33, ඔසිඳු කාවින්ද්‍ය 2/28.

මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 269/2 (40.4): නවෝද් පරණවිතාන 154*, විනුර දුල්සර 72, හංසික වැලිහිඳ 24*.

පළමු දිනයට පැවැත්වූ තරග


සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන්  සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 244ක් ලබාගෙන තිබුණි.

ශෙවෝන් ඩැනියල් හා ආරම්භක කඩුලු රකින පිතිකරුවෙක් වන ශෙරන් ෆොන්සේකා යන දෙදෙනා ලබාගත් අර්ධ ශතක ඉනිම් නිසාවෙන් සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම පළමු දිනය තුලම එවැනි මට්ටමකට ඔසවා තැබුණි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 244/5 (77): ශෙවෝන් ඩැනියල් 80, ශෙරන් ෆොන්සේකා 75, දිනෙත් ජයකොඩි 25.

75 ඇරඹි එක්දින ලෝක කුසලානයේ සිංහ දස්කම්

70 දශකයේ ආරම්භයත් සමඟම ඇරඹුණු එක්දින ක්‍රිකට් තරග රටාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වුණු නිසාම 1975 වසර වන විට එක්දින ලෝක කුසලාන


කොළඹ නාලන්දා විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

සුහද  කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 220ක් රැස්කර ගත්තේය. ඒ සඳහා පිළිතුරු දුන් මලියදේව විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 104ක් ලබාගෙන යම් ස්ථාවර මට්ටමක සිටියේය.

සත්කාරක නාලන්දා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ රනිඳු ද සිල්වා ලකුණු 40ක් ලබාගෙන නාලන්දා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් විය. ඔහුගේ එම ඉනිම 4 පහර 4කින් වර්ණවත් විය. පන්දු යැවීමේ දී මදුරංග නවීන් කඩුලු 5යි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට මුදිත ප්‍රේමදාස හා විදත් බටපොල මලියදේව විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 37*ක් හා ලකුණු 27*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටී.

තරගය නාලන්දා විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 237 (51.2): රනිඳු ද සිල්වා 40, චමිඳු විජේසිංහ 38, අවිශ්ක පෙරේරා 36, ලක්ෂිත රසාංජන 26, ජිතේෂ් වාසල 25, මදුරංග නවීන් 5/90.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 104/3 (41): මුදිත ප්‍රේමදාස 37*, විදත් බටපොල 27*, කවීෂ මදුරප්පෙරුම 2/17.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස්  විද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගය සුහද  කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ත්‍රිත්ව  විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාල පිතිකරුවන් හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 182ක් රැස්කර ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවය අවසන් වූ වහාම ත්‍රිත්ව විද්‍යාලයේ මුල්පෙළ ප්‍රබල කඩුලු කිහිපයක් ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට කලන පෙරේරා ඇතුළු සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. නමුත් ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉනිම සවිමත් කළ චතුර කුමාරසිංහ ලකුණු 74ක් ලබාගෙන දස්කම් දක්වන ලදි.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන කලන පෙරේරා කඩුලු 6ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 92ක් ලබාගෙන තිබුණි. එම නිසා තරගයේ පළමු ඉනිම ජය ගැනීම වෙනුවෙන් දෙපිල අතරම උණුසුම් ද්වන්ද සටනක්  නිර්මාණය වනු නිසැකය. නොදැවී ක්‍රීඩා කරන කිෂාන් මුණසිංහ හා ඩියෝන් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 43*ක් හා ලකුණු 28*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටී.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 182 (53): චතුර කුමාරසිංහ 74, කවිෂ්ක සේනාධීර 48, දිනෙත් සිරිවර්ධන 23,  කලන පෙරේරා 6/41.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 92/4 (40): කිෂාන් මුණසිංහ 43*, ඩියෝන් ප්‍රනාන්දු 28*, කවිෂ්ක සේනාධීර 2/21.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (16) දෙවන දිනයටත් පැවැත්වෙන අතර රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<