පවන්, සොනාල් හා සිතර හපුහින්න ශතක අතරට

296

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (14) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

වේල්ස් කුමර විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටම

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්..

කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස අද දිනයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක තර්ස්ටන් විද්‍යාලය සත්කාරක මහානාම විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුනි.

එය තර්ස්ටන් විද්‍යාලයට එතරම්  සුබදායී නොවූයේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 295ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටි නිසාවෙනි.

Photo Album – Mahanama College vs Thurstan College – U19 Cricket Tournament 2018/19

අවසානයේ අද දිනයේ පළමු කාර්තුව තුල ද පිතිකරණයේ නිරත වූ ඔවුන් සිය පළමු ඉනිම ලකුණු 323ක් දක්වා ඔසවා ගත් පසුව සිය පළමු ඉනිම අත්හිටු වීමට තීරණය කළේය. පවන් රත්නායක ලකුණු 123ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට සොනාල් දිනූශ ශතකයක් ලබා ගත්තේය.

එම ඉනිමට පිළිතුරු දුන් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර යොහාන් ලියනගේ ලකුණු 49ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි රනේෂ් සිල්වා ලකුණු 37යි. පන්දු යැවීමේ දී දක්ෂ පන්දු කරණයක නිරත වූ  පැතුම් බොතේජු ලකුණු 11ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් තර්ස්ටන් විද්‍යාල පිතිකරුවන් පාලනය කළේය.

තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී නිමාවුනි.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 323/9d (109): පවන් රත්නායක 123, සොනාල් දිනූශ 108,  විනුක රූබසිංහ 37, පවන්ත වීරසිංහ 28, අයේෂ් හර්ෂණ 5/112.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 163/8 (67.1): යොහාන් ලියනගේ 49, රනේෂ් සිල්වා  37*, පැතුම් බොතේජු 4/41.

අශාන් සහ ඇන්ජෙලෝගෙන් ශ්‍රී ලංකාවට පොඩි සහනයක්

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිමේ පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A…

ත්‍රිත්ව විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

නගිත විජේසුන්දරගේ දක්ෂ පන්දු යැවීම නිසා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 10ක දැවැන්ත ජයක් හිමි වූ මේ තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී නිමා විය.

තරගයේ පළමු දිනය වූ ඊයේ (13) දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 68ක් ලබා සිටියේ ඉතාමත් අසීරු තත්වයක පසු වූ අතර අද උදෑසනම ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 123කට සීමා කිරීමට නගිත විජේසුන්දර ප්‍රමුඛ ත්‍රිත්ව විද්‍යාල  ක්‍රීඩකයෝ සමත් වූහ.

ලකුණු 114ක පළමු ඉනිමේ අවාසියක් සහිතව නැවත වතාවක් පිතිකරණයේ නිරත වීම සඳහා අවස්ථාව ලැබුණු සාන්ත තෝමස් විද්‍යාලය එම ඉනිමේ දී සියල්ලන්ම දැවී ලකුණු 116ක් ලබාගැනීමට සමත් වීම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය. ඒ සඳහා මිහිසල් අමෝද ලබාගත් ලකුණු 27 සාන්ත තෝමස් විද්‍යාලයට විශාල අස්වැසිල්ලක් වූයේය. අවසානයේ සිය දෙවන ඉනිමේ පළමු පන්දුවේම 6 පහරක් එල්ල කළ ත්‍රිත්ව විද්‍යාලය මේ  D කාණ්ඩයේ තරගය විශිෂ්ට ලෙස ජය ගත්තේය. පන්දු යැවීමේ ද තරගය පුරාවට දස්කම් දැක්වූ නගිත විජේසුන්දර කඩුලු 11ක් දවා ගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 237/9d (67.1): අශාන් ලොකුකැටිය 61, පුබුදු බණ්ඩාර 60, උමෙයිර් රයිසාන් 40, සචිර රශ්මික 5/67, සෙනිත් සිසාරා 2/85.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 123 (53.4): සචිර රශ්මික 43, නගිත විජේසුන්දර 5/29, කවිෂ්ක සේනාධීර  4/45.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම  (F/O) – 116 (45.5): මිහිසල් අමෝද 27, නගිත විජේසුන්දර 6/47.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 6/0 (0.1):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය

ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

සුහද තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 354 සීමාවේ දී අත්හිටුවා දැමීමට තීරණය විය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සිතර හපුහින්න ලකුණු 142ක් ලබාගත් අතර කලන පෙරේරා අර්ධ ශතකයක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ලක්ෂිත අමරසේකර ලකුණු 105කට කඩුලු 3යි.

Photo Album – Ananada College vs S. Thomas’ College – U19 Cricket Tournament 2018/19

සිය පිළිතුරු ඉනිම දියත් කළ ආනන්ද විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටියේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 335ක් පසුපසිනි සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 354/8d (68.4): සිතර හපුහින්න 142, කලන පෙරේරා 54, රවිඳු ද සිල්වා 47, ඉයන් ප්‍රනාන්දු 45, ලක්ෂිත අමරසේකර  3/105

ආනන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 19/1 (5.2):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (15) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<