සාන්ත ආනාවරුන් ජයග්‍රහණයකින් තරගාවලියට තිත තබයි

200

ක්‍රමයෙන් අවසන් වෙමින් යන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරග අතරින් තරග දෙකක් නිමා වූ අතර එහි දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය පූර්ණ ජයක් ලබා ගන්නා විට කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරගත්තේය.

කෞමාල් සහිරාවන් තිගස්සදී සාන්ත ජෝසප් ජය කණුවට

පාසල් ක්‍රිකට් පිටියේ දැකගන්නට ලැබුණු තවත් තීරණාත්මක තරග කිහිපයක් අද….

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමිකර දෙමින් නිමාව දුටු මේ තරගයේ දී සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් කවිඳු රණසිංහ හා රිෂිත පෙරේරා අර්ධ ශතක වාර්තා කරගනිමින් දස්කම් දැක්විය.

සාන්ත ආනා විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 240ක් රැස්කරගත්තේය. එයට පිළිතුරු දුන් වත්තල සාන්ත අන්තෝනි පළමු ඉනිම වෙත රිෂිත පෙරේරා හා පසිඳු තෙන්නකෝන් එක්ව එල්ල කළ ප්‍රබල පීඩනය නිසාවෙන් සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 93ක් පමණි.

ලකුණු 147ක පළමු ඉනිමේ වාසියක් සහිතව නැවත වතාවක් පිතිකරණය සඳහා පිටියට පැමිණි සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම කෙසේ හෝ සවිමත් කර ගත් ඔවුන් සාන්ත ආනා විද්‍යාලය හමුවේ ඉනිමක පරාජයෙන් ගලවා ගත්තේය. ඒ සඳහා මූලිකත්වය ලබා ගත් ජොයෙල් පින්ටෝ, විශාල් සිල්වා ලකුණු 40 සීමාව ඉක්මවා ගියේය.

අවසානයේ ඔවුන් සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 157ක් ලබාගත්තේ සාන්ත ආනා විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක පහසු ඉලක්කයක් හිමිකර දෙමින් වන අතර ඔවුන් පන්දුවාර දෙකකුත් පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තේය.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 240 (89.2): කවිඳු රණසිංහ 71, රිෂිත පෙරේරා 50, ලසිත් වර්ණකුලසූරිය 36, විශාල් සිල්වා 3/39, කවීෂ දුලංජන 3/53.

සාන්ත අන්තෝනි විද්‍යාල  පළමු ඉනිම – 93 (30.2): විශාල් සිල්වා 41, රිෂිත පෙරේරා 4/40, පසිඳු තෙන්නකෝන් 4/15.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම (F/O) –  157 (46.3): ජොයෙල් පින්ටෝ 41, විශාල් සිල්වා 40, පුබුදුශාන් සේදර 3/24, මනාන් මුසම්මිල් 3/27.

සාන්ත ආනා විද්‍යාල – 14/1 (2.2):

ඇඹුල්දෙනිය නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් සුරැකේ!

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් දක්ෂතා අතරට පැමිණි තරගයේ මුල්පෙළ……


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් නිමාව දුටු මේ තරගය ඊයේ (13) දිනයේ ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 186ක් ලබා ගත්තේය.

එහි දී සාන්ත පීතර විද්‍යාල ඉනිම සවිබලගැන්වූ ශිවාන් පෙරේරා, සන්තුෂ් ගුණතිලක හා එක්වෙමින් ඉතාමත් සාර්ථක පිතිකරණ නිරත වූයේ ඉතාමත්  දැකුම්කළු ලෙසයි. පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන අකිල මෙන්ඩිස් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගන්නා විට කවිඳු නදීෂාන් කඩුලු 3ක් තමන් සතු කරගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට එරෙහිව පිළිතුරු ඉනිම දියත් කළ ධර්මාශෝක විද්‍යාලය පන්දුවාර 50ක් අවසානයේ සියල්ලන්ම දැවී වාර්තා කර ගත්තේ ලකුණු 109ක් වන අතර ඒ අතරින් වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ගත් සේන ධර්මසේන ලකුණු 22ක් ලබාගෙන සිටිය දී කනිෂ්ක මදුවන්ත යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියේය.  නායක දිනුක ඩිල්ශාන් ලකුණු 21යි.

ලකුණු 77ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාලය සිය දෙවන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වුවත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සන්තුෂ් ගුණතිලක හා එක්වූ නිපුනක ෆොන්සේකා පිළිවෙළින් නොදැවුණු ශතකයක් හා අර්ධ ශතයක් වාර්තා කරගනිමින් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළේය. අවසානයේ සාන්ත පීතර විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 216ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 186 (80.4): ශිවාන් පෙරේරා 53, සන්තුෂ් ගුණතිලක 32, දිනිත් අංජුල 27, වනුජ කුමාර 24*, කනිෂ්ක මදුවන්ත 24, අකිල මෙන්ඩිස් 4/33, කවිඳු නදීෂාන් 3/49.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 109 (50): සේන ධර්මසේන 22, දිනුක ඩිල්ශාන් 21, වනුජ කුමාර 2/10, කනිෂ්ක මදුවන්ත 2/19, රුවින් සෙනෙවිරත්න 2/22, තාරික් සබූර් 2/22.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 216/3 (60): සන්තුෂ් ගුණතිලක 101*, නිපුනක ෆොන්සේකා 53*, බානුක ද සිල්වා 23, රන්මිත් ජයසේන 21, දිනුක ඩිල්ශාන් 2/48.


මහින්ද විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

A කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ගුරුකුල විද්‍යාලයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 106ක් රැස්කර ගත්තේය.

සංචාරක මහින්ද විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වමින් වැඩිම ලකුණු රැස්කරගත් කව්ෂිත කොඩිතුවක්කු හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණි. පන්දු යැවීමේ දී ප්‍රබල මහින්ද විද්‍යාල පිතිකරුවන් අසරණ වන ලෙස පන්දු යැවීම හා පන්දු රැකීම සිදු කළ නුවන්ත මදුසංක කඩුලු 4ක් දවාගත්තේ ලකුණු 28ක් වැනි අවම ලකුණු ප්‍රමාණයක් තුලයි.

>>Photos : Mahinda College vs Nalanda College | Singer U19 Cricket Tournament 2018/19<< 

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගුරුකුල විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබාගෙන සිය පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගෙන තිබුණි. නුවන් චානක හා සිතිජ චමෝද් පිළිවෙළින් ලකුණු 30*ක් හා ලකුණු 26*ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 106 (37.1): කව්ෂිත කොඩිතුවක්කු 25, හංසික වැලිහිඳ 25, නුවන්ත මදුසංක 4/28.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 111/4 (53): නුවන් චානක 30*, සිතිජ චමෝද් 26*, ඔසිඳු කාවින්ද්‍ය 2/21, නිපුන් මාලිංග 2/25.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (15) දෙවන දිනයටත් පැවැත්වෙන අතර රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<