පෙරළිකාර ජයග්‍රහණයක පහස ඉසිපතනයට

178

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (13) කොළඹ ඉසිපතන විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය අතර ආරම්භ වූ සුහද තරගයෙන් ඉනිමක හා ලකුණු 49ක ජයක් ලබාගැනීමට ඉසිපතන විද්‍යාලය අද (14) සමත් විය.

ඉසිපතනයේ රවිඳු රත්නායක මංගල ශතකය රැස් කරයි

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්..

කෝල්ට්ස් පිටියේ දී පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගත්හ. එයට පිළිතුරු දුන් ලුම්බිණි විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 78ක් පමණි.

එතැන් සිට අද දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ මේ තරගයේ අද දිනය ආරම්භ වන විට ලකුණු 140ක පළමු ඉනිමේ අවාසියක් සහිතව ලුම්බිණි විද්‍යාලය සිය දෙවන ඉනිම ගොඩනැගීම ආරම්භ කරන ලදි. ඉසිපතන විද්‍යාලයේ වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා නිසා පළමු පන්දු 27 තුලම කිසිදු ලකුණක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් යුගලය අපොහොසත් විය.

Photos: Isipathana College vs Lumbini College | Singer U19 Cricket Tournament 2018/19 | Day 2

ලුම්බිණි විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස ක්‍රීඩා කළ එශාන් හා පසිඳු අනගිපුර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 15ක සබඳතාවයක් ගොඩනංවා සිටිය දී ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පසිඳු ලකුණු 8කට දැවී ගියේය.

ලකුණු 16කට කඩුලු දෙකක් දැවී ගොස් අසරණව සිටි ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම තරමක ආකාරයෙන් ස්ථාවර කළ කවිඳු ප්‍රනාන්දු හා එශාන් ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවමින් ඉනිමක පරාජයකින් සිය විද්‍යාලය ගලවා ගන්නට උත්සාහ ඉසිපතන ක්‍රීඩකයින් ඔවුන්ව ලකුණු 140ට මෙපිටින් නවතා ගැනීමට සමත් විය.

ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

2019 වසර ආරම්භයත් සමඟ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර හෙවත් …

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක දුශාන් ප්‍රනාන්දු ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිමේ පසුපෙළ සවිමත් කරමින් පන්දු 21ක් තුල ලකුණු 25ක් ලබාගෙන සිටිය දී මදුෂික ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී යාමත් සමඟම ලුම්බිණි පසුපෙළ බිඳ වැටීම වේගවත් විය.

පන්දු යැවීමේ දී  සවිඳු උත්සර හා නායක මදුෂික සඳරුවන් පිළිවෙළින් කඩුලු 5ක් හා කඩුලු 4ක් දවා ගනිමින් ලුම්බිණි විද්‍යාලයීය දෙවන ඉනිම ලකුණු 91කට සීමා කිරීමට සිය උපරිම දායකත්වය දක්වන ලදි.

>>ඉසිපතන – ලුම්බිණි ක්‍රිකට් තරගයේ ඡායාරූප ඇල්බමය<< 

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 218 (51.2): රවිඳු රත්නායක 113, අශාන් ගුණවර්ධන 20, රවිශ්ක විජේසිරි 5/40, ප්‍රභාත් මධුශංක 2/47

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 78 (31.3): පසිඳු අනගිපුර 26, සඳුනිල් සංකල්ප 28, දිනත් දිසානායක 3/10, සවිඳු උත්සර 3/10, මධුශික සඳරුවන් 2/16

ලුම්බිණි විද්‍යාලය දෙවැනි ඉනිම – 91 (37.5): දුශාන් ප්‍රනාන්දු 25, සවිඳු උත්සර 5/44, මදුෂික සඳරුවන් 4/21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<