වේල්ස් කුමර විද්‍යාලය ප්‍රසාද ලකුණු  සටහනේ ඉදිරියටම

1116

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

රසාංජන හා මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් අතරට

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 85ක දැවැන්ත ජයක් හිමිවුණු මේ තරගය මොරටුව වේල්ස් කුමාර විදුහල් පිටියේ දී සාර්ථකව නිමා විය.

B කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (12) දිනයේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනූ වේල්ස් කුමර විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 335ක් ලබා ගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

ද මැසනොඩ් විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 69ක් තුල දැවී ගිය නිසාවෙන් නැවත වතාවක් ඔවුන්ට පිතිකරණයේ නිරත වීමට වේල්ස් කුමාර විද්‍යාලය අවස්ථාව ලබා දුනි. ඒ නිසාවෙන් තරගයේ අද දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ද පිටියට පැමිණීමට ද මැසනොඩ් විද්‍යාලයට සිදු විය.

Photos : Prince of Wales College v De Mazenod College | Singer U19 Cricket Tournament 2018/19

එතැන් සිට ක්‍රියාත්මක වූ ද මැසනොඩ් විද්‍යාල පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව හොඳින් පිතිකරණයේ නිරත වෙමින් සිය දෙවන ඉනිම ලකුණු 181ක් දක්වා ඔසවා තබා ගත් නමුත් එම ලකුණු ප්‍රමාණය ඉනිමක පරාජයකින් ඔවුන්ව මුදවා ගැනීමට අපොහොසත් විය. නදුන් දිල්ශාන් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් ලකුණු 54ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර හා නායක සුවත් මෙන්ඩිස් පිළිවෙළින් කඩුලු 7ක් හා කඩුලු 2ක් දවා ගත්තේය.

පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ නායක සුවත් මෙන්ඩිස්  පිතිකරණයෙන් දැක්වූ දස්කම්වලට අමතරව ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 335/4 d (65): සුවත් මෙන්ඩිස් 84, දිනුර ප්‍රනාන්දු 55*, ප්‍රින්ස් ප්‍රනාන්දු 54, විනුජ රන්පුල් 51, දේවක පීරිස් 44*, තරිඳු අමරසිංහ 42, සඳෙව් මෙවන් 2/80.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම –  69 (24.5): සුවත් මෙන්ඩිස් 4/31, නදුක් ප්‍රනාන්දු 3/18

ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම – (F/O) – 181 (69.3): නදුන් දිල්ශාන් 54, රොමාල් ප්‍රනාන්දු 42, නිම්න සෙනේෂ් 40, කෞමාල් නානායක්කාර 7/64, සුවත් මෙන්ඩිස් 2/77.


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස නිමාව දුටු මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එහි පළමු ඉනිමේ ප්‍රසාද ලකුණ දිනා ගැනීමට සහිරා විද්‍යාලය සමත් විය.

තරගයේ ඊයේ (12) දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 59ක් පසුපසින් සිටිමිනි. සහිරා විද්‍යාල පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කළ මොහොමඩ් රිෆාත් හා මොහොමඩ් අරවින්ත් පිළිවෙළින් ලකුණු 103*ක් හා ලකුණු 74ක් ලබාගෙන සහිරා විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කළේය. ධර්මාශෝක  විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ කවිඳු නදීශාන් ලකුණු 115කට කඩුලු 5ක් දවා ගත්තේය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි ධර්මාශෝක විද්‍යාලය ඉතාමත් ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ නිරත වීම නිසා ඔවුන්ට වීමට ගිය හානිය අවම කරගැනීමට හැකි විය. එහි දී හසිත රාජපක්ෂ (ලකුණු 101*) හා නායක දිනුක ඩිල්ෂාන් (ලකුණු 60*) නොදැවී ක්‍රීඩා කරමින් සිය විද්‍යාලයේ නම රැකගැනීමට සමත් විය.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 128 (36): අරෝෂණ ද සොයිසා 42, චමිඳු ඩිල්ශාන් 27*, මොහොමඩ් අරවින්ත් 3/08, මොහොමඩ් දිල්හාන්  3/37.

සහිරා විද්‍යාල පළමු ඉනිම –  287/7 d (91.3): මොහොමඩ් රිෆාත් 103*, මොහොමඩ් අරවින්ත් 74, චතුර දිල්රුක්ෂණ 33, කවිඳු නදීශාන් 5/115.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 191/2 (50): හසිත රාජපක්ෂ 101*, දිනුක ඩිල්ෂාන් 60*

ඉන්දීය කණ්ඩායමේ වෙහෙස වතුරේ යයි

වාර්තා කිහිපයක් අලුත් කරමින් පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය…


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 87ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියේය. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 189කට සීමා කිරීමට යසිත සමරරත්න ඇතුළු ධර්මරාජ විද්‍යාල පන්දු යවන්නන් සමත් වීම නිසා ධර්මරාජ විද්‍යාලය මේ තරගයේ පළමු ඉනිම ජය ගත්තේය.

ලකුණු 90ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි ධර්මරාජ විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 208ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. තරගය එසේ නිමා වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි ඉසුරු දයානන්ද  නොදැවී ලකුණු 86*ක් ලබාගෙන සිටියේය. දුලාජ් බණ්ඩාර ලකුණු 61යි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 279 (71.2): ඉසුරු දයානන්ද 69, ශශික දුල්ශාන් 4/52, කේෂර නුවන්ත 3/25, රුවින්ද රෝචන 2/02.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 189 (58.4): රිසිර ලක්වින් 53, පුෂ්පිත ඩිල්ශාන් 40, චරිත් හර්ෂණ 29, කේසර නුවන්ත 26, යසිත සමරරත්න  4/35, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/41.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම –  208/2 (58.5): ඉසුරු දයානන්ද 86*, දුලාජ් බණ්ඩාර 61, සචින්ත සේනානායක 41.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග


කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක තර්ස්ටන් විද්‍යාලය සත්කාරක මහානාම විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ලබා දුනි.

එය තර්ස්ටන් විද්‍යාලයට එතරම්  සුබදායී නොවූයේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 295ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටි නිසාවෙනි.

මහානාම ඉනිමේ පළමු කඩුලු 3 දවා ගැනීමට අයේෂ් හර්ෂණ ඇතුළු තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකයින්ට තරමක් දුරට වෙහෙසට පත්වීමට සිදු වූයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සොනාල් දිනූශ හා  පවන් රත්නායක යන දෙදෙනාම ශතක ලබාගත් නිසාවෙනි.

මේ තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වේ.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 295/5 (95): සොනාල් දිනූශ 108, පවන් රත්නායක  101*, විනුක රූබසිංහ 37, පවන්ත වීරසිංහ 28, අයේෂ් හර්ෂණ 2/95.

​ICCය අකිලට එල්ල කළ චෝදනාවම රයිඳුටත් එල්ල කරයි

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ (12) සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය…


ත්‍රිත්ව විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ  මාතර සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. අශාන් ලොකුකැටිය, පුබුදු බණ්ඩාර අර්ධ ශතක වාර්තා කළේය. පන්දු යැවීමේ දී සචිර රශ්මික කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 68ක් ලබා සිටියේ ඉතාමත් අසීරු තත්වයක පසුවෙමිනි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 237/9d (67.1): අශාන් ලොකුකැටිය 61, පුබුදු බණ්ඩාර 60, උමෙයිර් රයිසාන් 40, සචිර රශ්මික 5/67, සෙනිත් සිසාරා 2/85.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 68/6 (36):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (14) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<