ධර්මරාජයත් අවදානමෙන් මිදෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

101
U19 schools cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) දිනයේ ක්‍රියාත්මක වූ අතර නිමාව දුටු තරග අතුරින් පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කිසිඳු පාසලක් සමත් වූයේ නැත. 

අශේන් ඩැනියල්ගේ අමුතු උපන් දින සාදයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්

දෙවන දිනයට පැවති තරග

ධර්මරාජ විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

ධර්මරාජ විදුහල් පිටියේ දී නිමාවූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මපාල විද්‍යාලයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 227ක් රැස්කර ගත්හ. 

යසිත සමරරත්න සහ ජනිත් ගුණතුංග ලකුණු 40 සීමාව අභිබවා යමින් ලකුණු වාර්තා කර ගත් අතර දිනිත් නෙලුම්දෙණිය කඩුලු 3ක් දවා ගනිමින් ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන ලදි. 

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ධර්මපාල විද්‍යාලය තම පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 192ක් පමණි. ඒ නිසාවෙන් මෙම තරගයේ පළමු ඉනිමේ ජය හිමි වූයේ ධර්මරාජ විද්‍යාලයට යි. ඒ අනුව මෙවර තරගවාරයේ සිය කාණ්ඩයේ තරග අවසන් කළ ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් සහ එක් පූර්ණ ජයක් සමඟින් මෙවර තරගාවලියේ මූලික වටය සඳහා තිත තැබුවේ සිය දෙවන ඉනිම වෙනුවෙන් ද ලකුණු 153ක් රැස්කර ගැනීමෙන් අනතුරුවයි. 

එම ඉනිමේ දී ඉසුරු දයානන්ද සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිමින් ලකුණු 61ක් රැස්කර ගත්තේය. 

ධර්මරාජ විද්‍යාලය : 227/9d (59) යසිත සමරරත්න 42*, ජනිත් ගුණතුංග 41, ඉසුරු දයානන්ද 28, දිනුක පතිරාජ 27, දිනිත් නෙලුම්දෙණිය 3/64, පසිඳු හිරුදිත 2/36. සහ 153/7d (40.3) ඉසුරු දයානන්ද 61, ජනිත් ගුණතුංග 28, දුලාජ් බණ්ඩාර 25, විහඟ ගුණරත්න 2/26, ලක්ෂිත පූරසිංහ 2/28, තිසර වික්‍රමසිංහ 2/39. 

ධර්මපාල විද්‍යාලය : 192 (58.3) නදීෂ බණ්ඩාර 47, සංචිත ලංකා 42, විහඟ ගුණරත්න 25, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 7/42, සහන් සිරිවර්ධන 2/38. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

Photos: Dharmaraja College Vs Nalanda College | U19 Cricket Tournament 2019/20

ThePapare.com | Yazir Zubair | 11/02/2020 Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement.


මොරටු මහා විද්‍යාලය සහ මාරිස් ස්ටෙලා විද්‍යාලය (සුහද තරගය) 

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගය මොරටු මහා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවැත්විනි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාල නායක මදුශාන් දිලක්ෂණ පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර එහිදී ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 185ක් රැස්කර ගන්නා ලදි. 

නවීන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් මාරිස් ස්ටෙලා කණ්ඩායම ඔවුන්ගේ පළමු පිළිතුරු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 226ක් රැස්කර ගනිමින් ලකුණු 41ක පළමු ඉනිමේ වාසියක් තමන් සතුකර ගත්හ. ආමන්ත පෙරේරා එම ඉනිමේ දී ලකුණු 45ක් රැස්කර ගත්තේය. 

Photos: Moratu Maha Vidyalaya Vs Maris Stella College | U19 Cricket Tournament 2019/20

නායකත්වයේ ඉනිමක් දියත් කළ කඩුලු රකින පිතිකරුවෙකු වන මදුශාන් දිලක්ෂණ අගනා ලකුණු 90ක් රැස්කර ගනිමින් මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම ඔසවා තබන ලදි. මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ තිලින පෙරේරා, චානුක පෙරේරා සහ තරිඳු මධුවන්ත අතරේ මොරටු විද්‍යාල පිතිකරුවන්ගේ වැඩි කඩුලු ගණනක් බෙදී ගියේය. 

මොරටු මහා විද්‍යාලය : 185 (44) නිරාජ් කවිෂ්ක 47, එරන් හංසමාල් 32*, චානුක පෙරේරා 3/30, තරිඳු මධුවන්ත 3/30, අශේන් ප්‍රනාන්දු 2/24. සහ 253 (60.1) මදුශාන් දිලක්ෂණ 90, චමල්ක පුෂ්පකුමාර 46, නිරාජ් කවිශ්ක 36, තිලින පෙරේරා 5/70, ප්‍රියශාන් සිල්වා 2/67. 

මාරිස් ස්ටෙලා විද්‍යාලය : 226 (81.4) ආමන්ත පෙරේරා 45,නවීන් නිර්මාල් 41, චමත් ගෝමස් 28, තිලින පෙරේරා 24, රෂාන් කවිෂ්ක 4/62, විශ්ව දිදුලන 2/46, එරන් හංසමාල් 2/46. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (මාරිස් ස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

Photos: Moratu Maha Vidyalaya Vs Maris Stella College | U19 Cricket Tournament 2019/20

ThePapare.com | Viraj Kothalawala| 13/02/2020 | Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement.


පළමු දිනයට පැවති තරග 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය (C කාණ්ඩයේ තරගය) 

දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක දේවපතිරාජ විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 145 (58.3) හිරුෂික තිමිර 7/49, සුදීර වීරරත්න 2/09. 

දේවපතිරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 86/3 (36) දිනෙත් ප්‍රබංක 26, සුධීර වීරරත්න 25. 


මහානාම විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය) 

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 165 (58) නවීන් සනිත් 39, කේෂර නුවන්ත 34, ඩිනුර දිල්මිත් 25, නිසල් ආකාශ් 3/30, දෙවිඳු කැකිරිදෙනිය 3/31, අචින්ත සුපුන් 3/45. 

මහානාම විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 92/3 (24) පවන්ත වීරසිංහ 53*, පවන් රත්නායක 25, දමිඳු සංකල්ප 2/17. 

කොදෙව් පුහුණු තරගයට නවකයන් රැසක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු එක්දින තරග සඳහා


ඉසිපතන විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (A කාණ්ඩයේ තරගය) 

මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

ඉසිපතන විද්‍යාලය : 257 (82) ඉසුරු සඳමාල් 44, Rරවිඳු රත්නායක 38, සවිඳු උත්සර 34, ලෙශාන් අමරසිංහ 34, තිවංක ලක්රුවන් 29, මුදිත ලක්ෂාන් 3/52, මනුර පීරිස් 2/13, මනීන්ද්‍ර ජයතිලක 2/43, සසික චන්දිර 2/53. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 26/0 (11) 


නාලන්දා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය (C කාණ්ඩයේ තරගය) 

මලියදේව ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

නාලන්දා විද්‍යාලය : 303/8d (79) රවීන් ද සිල්වා 103*, චමිඳු විජේසිංහ 57, අවිශ්ක පෙරේරා 55, රනිඳු ද සිල්වා 36, සකිඳු විජේරත්න 3/92, මතීෂ වීරසිංහ 3/70, පසිඳු තෙන්නකෝන් 2/86.

මලියදේව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 35/1 (14) 

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (14) දින දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<