කෞමාල් සහිරාවන් තිගස්සදී සාන්ත ජෝසප් ජය කණුවට

324

පාසල් ක්‍රිකට් පිටියේ දැකගන්නට ලැබුණු තවත් තීරණාත්මක තරග කිහිපයක් අද (13) දිනයේ දීත් සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්විය.

පළමු ඉනිමේ ජය වෙනුවෙන් පාසල් කිහිපයක් තියුණු සටනක

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු…

මහානාම විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

C කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 220ක් රැස්කර ගත්තේය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 98ක් ලබාගෙන තිබුණි. එහි දී නැවත වතාවක් සිය දස්කම් ඔප මට්ටම් කර ගත් නිපුන් දනංජය ලකුණු 53*ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ඔහු අද දිනයේ දී සිය ඉනිම ලකුණු 65ක් දක්වා ඔසවා තබාගත්තේය.

ලකුණු 68ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව පිටියට පිවිසුණු මහානාම විද්‍යාලය වෙනුවෙන් පවන්ත වීරසිංහ රැස්කරගත් අගනා ලකුණු 92 සවියක් කොටගෙන ඉතාමත් ස්ථාවර ලකුණු පුවරුවක් වෙත ඇදී යාමට මහානාම විද්‍යාලයට හැකි විය. අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 200ක් ලබාගත් ඔවුන් සිය දෙවන ඉනිම අත්හිටු වූයේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 269ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි.

එම හඹා යාමේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව යම් ඉදිරියක් ලබාගත් අතර දෙවන ඉනිමේ දී නවෝද් යොහාන් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් සිය විද්‍යාලය පූර්ණ තරග පරාජයකින් ගලවා ගන්නා ලදි.  නිපුන් දනංජය ලකුණු 50යි.

තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් පිටියේ දී නිමාව දුටුවේ මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 220 (79.2): පවන්ත වීරසිංහ 53, ධනුක නිම්මාන 34, චාමිකර පීරිස් 28, නිපුන් දනංජය 3/66, කනිෂ්ක ගමගේ 2/27.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 152 (39): නිපුන් දනංජය 65, කනිෂ්ක ගමගේ 26, පැතුම් බොතේජු 4/48, ධනුක නිම්මාන 3/24,

මහානාම විද්‍යාල දෙවන ඉනිම –  200/5d (48.1): පවන්ත වීරසිංහ 92, සොනාල් ගමගේ 24, නිපුන් දනංජය 2/71.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 152/5 (33): නවෝද් යොහාන් 51*, නිපුන් දනංජය 50,  සොනාල් ගමගේ 3/48, අවිශ්ක පෙරේරා 2/40

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

ඉතාමත් තියුණු තරගයක් ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත්වීමට සහිරා විද්‍යාලයට සිදු විය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගය B කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලය සහිරා විද්‍යාල පිතිකරුවන් හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 188ක් රැස්කර ගත්තේය.

Photos: Prince of Wales College v Zahira College | Singer U19 Division 1 Cricket Tournament 2018/19

තරගයේ දෙවන දිනයේ ආරම්භය සනිටුහන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 127ක් ලබාගෙන තිබුණි.  

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි දිල්සර සමින්ද ලකුණු 53කට අද උදෑසන ක්‍රීඩා පිටියෙන් ඉවත් වූයේ කෞමාල් නානායක්කාරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. අවසානයේ කෙසේ හෝ සිය  පළමු ඉනිමේ ජය ලබාගත් සහිරා විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම ලකුණු 154කට සීමා කළේ තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 132ක ඉලක්කයක් ලබාගෙනයි.

එසේ වුවත් සිය කණ්ඩායමේ තිබෙන දක්ෂතා මානව කළමනාකරණය කර ගත් නායක සුවත් ඇතුළු කණ්ඩායම තරගයේ නිමාව සනිටුහන් වන විට සහිරා විද්‍යාල දෙවන ඉනිමේ ලකුණු 22ක් තුල කඩුලු 6ක් දවා ගත්තේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාරගේ සහය ද අතැතිවයි. තරගය පුරාවට කඩුලු 5 අවස්ථාවන් 4ක් වාර්තා වූ අතර ඉමිතියාස් ස්ලාසා, කෞමාල් නානායක්කාර හා  රිෆාත් රිස්වාන් ඒ සඳහා හිමිකම් කීවේය.

කොදෙව්වන් තරගාවලි ජය ලබද්දී අවසන් තරගයේ ජය එංගලන්තයට

පසුගිය තරගාවලිවල දී ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පිළ ද ටෙස්ට් තරගාවලිවල දී පරාජයට පත් කළ…

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 188 (47.2): පසිඳු පැතුම් 46, විනුජ රන්පුල් 28, ඉමිතියාස් ස්ලාසා 6/82.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 210 (81.2): දිල්සර සමින්ද 53, අරවින්ත් රාජේන්ද්‍රන් 35, ඉමිතියාස් ස්ලාසා 26, කෞමාල් නානායක්කාර 5/62.

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 154 (54.3): විනුජ රන්පුල් 32, දේවක පීරිස් 28,  පසිඳු පැතුම් 28, රිෆාත් රිස්වාන් 5/51.

සහිරා විද්‍යාල දෙවන ඉනිම –  22/6 (15): කෞමාල් නානායක්කාර 5/09

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමිකරදෙමින් නිමාව දුටු මේ තරගයේ දී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් සුධීර වීරරත්න අර්ධ ශතකයක් ලබාගත් අතර සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් අශාන් ද අල්විස් කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කරගනිමින් දස්කම් දැක්වීය.

මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ  සාන්ත ජෝසප් විද්‍යාලය දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 124කට සීමා කළේය.

>>Photos: St. Joseph’s College vs Devapathiraja College | Singer U19 Cricket Tournament 2018/19<<

තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලබා සිටියේ දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම සම කරමිනි. අද දිනයේ උදෑසන කඩුලු 7ක් දැවී ලකුණු 225ක් ලබා සිටි සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනාල් අනුරාධ ලකුණු 49ක් ලබාගන්නා ලදි.

ලකුණු 101ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසුණු දේවපතිරාජ පළමු ඉනිම ලකුණු 137කට සීමා වෙන ලදි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 36ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 9කුත් පන්දු 4ක් අවසානයේ සිය ජයග්‍රහණය සපුරා ගත්තේය.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම – 124 (25.3): පවන් ද සිල්වා 47, කල්ප චේතිය 25, අශාන් ද අල්විස් 5/32.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 225/7d (68.1): දිනාල් අනුරාධ 49, දුනිත් වෙල්ලාලගේ 39, ජොහෑන් ද සිල්වා 30, පැතුම් මධුසංක 4/102, ඉරුෂික තිමිර 3/17.

දේවපතිරාජ විද්‍යාල දෙවන ඉනිම – 137 (51.4): සුධීර වීරරත්න 63, අශේන් ද අල්විස් 3/17, අශේන් ඩැනියල් 3/26.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 37/1 (9.4):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (14) දෙවන දිනයටත් පැවැත්වෙන අතර රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<