පළමු ඉනිමේ ජය වෙනුවෙන් පාසල් කිහිපයක් තියුණු සටනක

183

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයට පැවැත්වුණු තරග කිහිපයක් ඊයේ (12) ආරම්භ විය.

චමිදු, කවිෂ්ක හා උපේන්ද්‍ර පිතිකරුවන් අසරණ කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස ….

මහානාම විද්‍යාලය හා වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

C කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 220ක් රැස්කර ගත්තේය.

සංචාරක මහානාම විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන පවන්ත වීරසිංහ මෙවර තරගවාරය තුල තවත් අර්ධ ශතකයක් සම්පූර්ණ කර ගැනීමට සමත් විය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 4කින් වර්ණවත් විය. පන්දු යැවීමේ දී 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් දනංජය කඩුලු 3යි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 98ක් ලබාගෙන තිබුණි. එහි දී නැවත වතාවක් සිය දස්කම් ඔප මට්ටම් කර ගත් නිපුන් දනංජය ලකුණු 53*ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

මහානාම විද්‍යාල පළමු ඉනිම220 (79.2): පවන්ත වීරසිංහ 53, ධනුක නිම්මාන 34, චාමිකර පීරිස් 28, නිපුන් දනංජය 3/66, කනිෂ්ක ගමගේ 2/27.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම98/6 (26): නිපුන් දනංජය 53*,  ධනුක නිම්මාන 3/21.

අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර …

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගය B කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලය සහිරා විද්‍යාල පිතිකරුවන් හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 188ක් රැස්කර ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවය අවසන් වූ වහාම වේල්ස් කුමර විද්‍යාලයේ මුල්පෙළ ප්‍රබල කඩුලු කිහිපයක් ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට ඉමිතියාස් ස්ලාසා ඇතුළු සහිරා විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. නමුත් වේල්ස් කුමාර පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉනිම සවිමත් කළ පසිඳු පැතුම් ලකුණු 46ක් ලබාගෙන දස්කම් දක්වන ලදි.

>>Live – Prince of Wales’ College vs Zahira College – Singer U19 Cricket Tournament 2018/19<<

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ඉමිතියාස් ස්ලාසා කඩුලු 6ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සහිරා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 127ක් ලබාගෙන තිබුණි. එම නිසා තරගයේ පළමු ඉනිම ජය ගැනීම වෙනුවෙන් දෙපිල අතරම උණුසුම් ද්වන්ද සටනක්  නිර්මාණය වනු නිසැකය. නොදැවී ක්‍රීඩා කරන දිල්සර සමින්ද ලකුණු 40*යි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 188 (47.2): පසිඳු පැතුම් 46, විනුජ රන්පුල් 28, ඉමිතියාස් ස්ලාසා 6/82.

සහිරා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 127/5 (49): දිල්සර සමින්ද 40*, ඉමිතියාස් ස්ලාසා 26.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ  සාන්ත ජෝසප් විද්‍යාලය දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 124කට සීමා කළේය.

>>Photos: St. Joseph’s College vs Devapathiraja College | Singer U19 Cricket Tournament 2018/19<<

පවන් ද සිල්වා ලබාගත් ලකුණු 47ක් නිසාවෙන් දේවපතිරාජ විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු පුවරුවක් වෙත යාමට අවස්ථාව උදාවූ අතර පන්දු යැවීමේ දී අශාන් ද අල්විස් ලකුණු 32ක් තුල කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලබා සිටියේ දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම සම කරමිනි.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම124 (25.3): පවන් ද සිල්වා 47, කල්ප චේතිය 25, අශාන් ද අල්විස් 5/32.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම124/4 (44): ජොහෑන් ද සිල්වා 30, පැතුම් මධුසංක 3/47.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම අද (13) දෙවන දිනයටත් පැවැත්වෙන අතර ඒ අතරින් වේල්ස් කුමර විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර පැවැත්වෙන තරගය සජීවීව විකාශනය කිරීමට ThePapare.com විසින් අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කර ඇත. රැඳී සිටින්න ThePapare.com සමඟම.