චමිදු, කවිෂ්ක හා උපේන්ද්‍ර පිතිකරුවන් අසරණ කරයි

157

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (12) දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්විය.

ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය කොළඹට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ පැවති…….

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය

ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ දිනට නිමා වන විට සාන්ත මරියා විද්‍යාලය ප්‍රථම ඉනිමේ  ලබාගත් ලකුණු 150 හඹා යමින් සිටි ධර්මරාජ ක්‍රීඩකයින් දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගනිමින් ප්‍රථම ඉනිමේ ජය තමන් සතු කර ගන්නා ලදි.

අද ධර්මරාජ ප්‍රථම ඉනිම සියලු දෙන දැවී ලකුණු  295ක් ලෙස අවසන් විය මෙහි දී ධර්මරාජය වෙනුවෙන් කසුන් ගුණවර්ධන ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය. ගිහාන් අබේවර්ධන ලකුණු 85කට කඩුලු 6ක් දවා ගන්නා ලදි.

දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි කෑගල්ල ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ධර්මරාජය ක්‍රීඩක උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 46කට කඩුලු 6යි. අවසානයේ ධර්මරාජ ක්‍රීඩකයින් ඉනිමක සහ ලකුණු 10ක විශිෂ්ට ජයක් අත්කර ගන්නා ලදි.

සාන්ත මේරි විද්‍යාලය; 150 (47.1) පසන් වලිසිංහ 53, ගජිත කොටුවේගොඩ 31, ගිහාන් අබේවර්ධන 24, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 6/55, මිතිල ගයාෂාන් 2/15

ධර්මරාජ විද්‍යාලය; 295 (71.4) කසුන් ගුණවර්ධන 50, ඉසුරු දයානන්ද 48, යසිත් සමරරත්න 47, සචින්ත සේනානායක 41, ගිහාන් අබේවර්ධන 6/85

සාන්ත මේරි විද්‍යාලය; 135(53.5) ගජිත කොටුවේගොඩ 43,සිනෙත් වීරසූරිය 21,උපේන්ද්‍ර වර්ණකුලසූරිය 6/35,තුෂාන් හේරත්  2/27


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මොරටුව මහා විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් ලබා සිටි මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩකයන් ප්‍රථම ඉනිමේ ජය තමන් සතුකර ගෙන සිටියේය.

දෙවැනි දිනය වූ අද මොරටු ඉනිම අවසන් වූයේ ලකුණු 174කටයි. දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 268ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්වූයේ මොරටු ක්‍රීඩකයන්ට ප්‍රථම ඉනිමේ ජයක් අත්කර දෙමිනි. මෙහි දී සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු හා ජනිෂ්ක පෙරේරා අර්ධ ශතක වාර්තා කරන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; 149 (45) නිසිත අභිලාෂ් 41, විනුජ රණසිංහ 21, ජනිෂ්ක පෙරේරා 21, එරාන් හංසමාල් 3/35, පවන්ත සුලක්ෂණ 2/11, විශ්ව දිදුලනගේ 2/31, නජිත් නිශේන්ද්‍ර 2/44

මොරටු මහා විද්‍යාලය; 174 (44.5) නිශාන් මධුශ්ක 84, නදිත් නිශේන්ද්‍ර 57, නදීර ප්‍රනාන්දු 3/12, ජනිශ්ක පෙරේරා 2/18, විනුජ රණසිංහ 2/56

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; 268/8 (44.5) නුවනිදු ප්‍රනාන්දු 74, ජනිෂ්ක පෙරේරා 50, දුනිත් ජයතුංග 33, රෂන් අවිශ්ක 3/38, එරන් හන්සමාල් 3/58

ඉසිපතන සහ ජනාධිපති තරගයේ පළමු දිනයේ ම කඩුලු 24ක් බිඳ වැටේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (11) කොළඹ…….


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය

අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගයේ ලකුණු 264ක ඉලක්කයක් හඹා යමින් සිටින කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් අද දිනය ආරම්භ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 64ක් ලබා ඉතාමත් අසීරු තත්වයක සිටියේය.

ලකුණු 125ට සීමා වූ කිංග්ස්වුඩ් ප්‍රථම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ හර්ෂ වික්‍රමසිංහයි.  ඔහු ලකුණු 34ක් ලබා ගන්නා ලදි. කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් අසරණ කෙරූ කවිෂ්ක සේනාධීර ලකුණු 46කට කඩුලු 7ක් දවා ගන්නා ලදි. තම දෙවන ඉනිම ආරම්භ කළ ත්‍රිත්ව ක්‍රීඩකයන් කඩුලු 6ට ලකුණු 165ක් ලබා සිටිය දී තම ඉනිම අත්හිටු වන ලදි.

ජයග්‍රහණය සඳහා ලකුණු 305ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් කවිෂ්ක සේනාධීරගේ අතිදක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 33ට සීමා විය. මෙහි දී කවිෂ්ක සේනාධීර ලකුණු 14කට කඩුලු 6ක් දවා ගන්නා ලදි. මෙහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 271ක විශිෂ්ට ජයක් හිමිකර ගන්නා ලදි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය; 264 (65.2) පුබුදු බණ්ඩාර 57, චානුක කුමාරසිංහ 53, දිනිත සිරිවර්ධන 39, ජෙෆ් වීරසිංහ 27, උමෙල් රිසාන් 23, දේවින්ද දම්ෂික 3/42, ලක්මාල් ද සිල්වා 3/102, දුමින්ද දම්ෂික 2/30

කිංග්ස්වුඩ් විද්‍යාලය මහනුවර; 125 (49.4) හර්ෂණ වික්‍රමසිංහ 34, කවිෂ්ක සේනාධීර 7/46, අවිශ්ක සේනාධීර 2/24

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය; 165/6d (10) අභිෂේක් ආනන්දකුමාර් 100*, ශේන් ගුණතිලක 26, දුමිදු දම්ෂික 3/27, දිගායු බණ්ඩාර 2/48

කිංග්ස්වුඩ් විද්‍යාලය මහනුවර; 33 (14.5) කවිෂ්ක සේනාදීර 6/14, අභිෂේක් අනන්දකුමර් 3/12


කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය

නාලන්ද විද්‍යාලයේ පැවැත්වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ක්‍රීඩා කරමින් සිටි ලුම්බිණි ක්‍රීඩකයන් තම දෙවැනි ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 51ක් ලබා සිටියේය.

දිවා ආහාරයටත් පෙර ලුම්බිණි ඉනිම අවසන් කිරීමට සමත් වූ නාලන්ද ක්‍රීඩකයන් ලකුණු 96ක් තුල සියලු ලුම්බිණි ක්‍රීඩකයන් ප්‍රේක්ෂකාගාරය වෙත හරවා යැවීමට සමත් විය. ප්‍රථම ඉනිමේ මෙන්ම දෙවැනි ඉනිමේ ද ක්‍රියාත්මක වූ චමිදු විජේසිංහ කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 26ක් පමණක් ලබා දෙමිනි. මේ අනුව නාලන්ද ක්‍රීඩකයන් විසින් ලුම්බිණි ක්‍රීඩකයින්ව ඉනිමකින් හා ලකුණු 45 පරාජය කරන ලදි.

ලුම්බිණි විද්‍යාලය; 44 (19.1) රවිඳු රසාංක 9, චමිඳු විජේසිංහ 6/21, දිනෙත් සමරවීර 3/21; දෙවැනි ඉනිම සියලු දෙන දැවී 96 (38.2), සවිඳු ප්‍රභාෂ්වර 18, චමිදු විජේසිංහ 4/26, මහීම වීරකෝන් 2/02, කවිෂ මදුරම්පෙරුම 2/27

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 185 (51) අවිශ්ක පෙරේරා 34,  චමිඳු විජේසිංහ 21, මෝක්ෂ සංකල්ප 30, මහීම වීරකෝන් 20, කවීෂ් මධුරප්පෙරුම 18, රවිශ්ක විජේසිරි 4/82, රවිඳු රසාන්ක 2/26, යසිරු ජයසිංහ 2/36

ලුම්බිණි විද්‍යාලය; 96 (38.2) සවිඳු ප්‍රභාෂ්වර 18,චමිදු විජේසිංහ 4/26, මහීම වීරකෝන් 2/02, කවීෂ මදුරම්පෙරුම 2/27

ශ්‍රී ලංකාව යටත් කරගන්න නවකයෙක් ද. අප්‍රිකා සංචිතයට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙටින් (13) ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා තවමත් ජාත්‍යන්තර ටෙස්ට්……


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ දිනයට නිමා වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටියේ ප්‍රථම ඉනිමේ පරාජයත් සමඟිනි.

Photos: Isipathana College vs President’s College Kotte – Singer U19 Division 1 Cricket Tournament 2018/19

අද දිනයේ දී කෝට්ටේ ක්‍රීඩකයින් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙන දැවී ලකුණු 148ක් ලබා ගන්නා ලදි. මෙහි දී කෝට්ටේ ඉනිම වෙනුවෙන් අකිල රොෂාන් හා විකුම් කල්හාර අර්ධ ශතක ලබා ගන්නා ලදි.

ඉසිපතනය වෙනුවෙන් මදුෂික සදරුවන් කඩුලු 4ක් දවා ගන්නා ලදි. ජයග්‍රහණ සඳහා ලකුණු 138 ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඉසිපතන ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117ක් පමණි. ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් දිනුක නෙලුම්දෙනිය හා තෂික නිර්මාල් කඩුලු 4 බැගින් දවා ගන්න ලදි.

ජනාධිපති විද්‍යාලය; 119 (28.2) ශෂික නිර්මාල් 38, චිරංග හේෂාන් 34, විකුම් කල්හාර 26, මධුශික සඳරුවන් 7/30, තෙවිඳු දික්වැල්ල 2/31;

ඉසිපතන විද්‍යාලය; 130 (36.4) රවිඳු රත්නායක 48, ශෂික නිර්මාල් 4/34, සුවෙන් සෙව්මික 2/09, එරාන් කේසර 2/11

ජනාධිපති විද්‍යාලය; 148 (27) අකිල රොෂේන් 60, විකුම් කල්හාර නොදැවී 50, මදුෂික සදරුවන් 4/59,සවිදු උත්සර 2/36

ඉසිපතන විද්‍යාලය; 117(40) මන්දීප ගුණසේකර 22, ශෂික නිර්මාල් 4/49, දිනුක නෙලුම්දෙණිය 4/51


මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය

ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද දිනට ආරම්භ වන විට මාතර සාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගෙන සිටියේය. කෙසේ නමුත් අද දිනයේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් ප්‍රථම ඉනිමට සියලු දෙන දැවී ලකුණු 291ක් රැස්කර ගන්නා ලදි.

Photos: Ananda College v St.Thoma’s College, Matara | Singer U19 Cricket Tournament 2018/19

මෙහි දී තෝමසුවන් වෙනුවෙන් නිපුන් රුචිර හා මිහිසල් අමෝද අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේ දී දසුන් තාරුක, සවිඳු බණ්ඩාර හා ජනිදු ජයවර්ධන අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයින් කඩුලු 6ට ලකුණු 255ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරමිනි. මෙහි දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දමින්ද රෙෂාන් හා කනිෂ්ක රන්තිලකගේ අර්ධ ශතක වාර්තා කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය; 291 (120.3) නිපුන් රුචිර 62, මිහිසල් අමෝද 52, හරිඳු ජයසේකර 43, ගිහාන්තික ජයවීර 39, දසුන් තාරුක 2/38, සවිරු බණ්ඩාර 2/64, ජනිඳු ජයවර්ධන 2/72

ආනන්ද විද්‍යාලය; 255/6 (67) දමින්ද රෙෂාන් 74*, කනිෂ්ක රන්තිලකගේ 71, සුදීප අගුළුගහ 39, කලන විජේසිරි 33, චාමික රණසිංහ 2/22, සිනෙත් සිතාර 2/49

තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට!

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකීය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා……


කොළඹ වෙස්ලි විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අද දිනයේ 207ක ඉලක්කයක් හඹා ගිය ධර්මපාල ක්‍රීඩකයන් තම ප්‍රථම ඉනිමේ දී මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වුවත් අශේන් එගොඩගේ හා ශෙවෝන් නජිතගේ යන දෙදෙනාගේ දක්ෂ පිතිකරණය නිසා ධර්මපාල ක්‍රීඩකයන් තම ඉනිම ලකුණු 344ක් කරා රැගෙන යන ලදි. මෙහි දී ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් අශේන් එගොඩගේ අගනා ශතකයක් වාර්තා කරන ලදි.

අද දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින වෙස්ලි ක්‍රීඩකයන් කඩුලු 3ක් දැවී ලකුණු 25ක් ලබා සිටියේය. මෙහි දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් හිමි විය.

වෙස්ලි විද්‍යාල; 207 (67) ෂෙනාල් දංගල්ල 68, මෝවීන් සුබසිංහ 29, රාහුල් ගුණසේකර 23, ශහීම් ඩයස් 21, දුලාජ් එගොඩගේ 3/34, විහඟ ගුණසේකර 3/44, ශෂික ඩිල්ශාන් 2/36

ධර්මපාල විද්‍යාලය; 344 (111) අශේන් එගොඩගේ 162*, ශෙවෝන් නජිත 72, සංචන ලංකා 32, සිදත් ධර්මසිරිවර්ධන 2/12, ෂෙනාල් දංගල්ල 2/28, තේනුක පෙරේරා 2/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<