රයන්, දනාල් සහ යසිරු සම්මාන දිනති

104

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (11) දින නිමා විය. ඒ අතුරින් සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර පැවති මයිකල් තිසේරා – රෝයි ඩයස් අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගයේ වැඩි වාසි දිනා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

රවිඳු රසාන්ත 19න් පහළ තරගාවලියේ කණ්ඩායමට

සති තුනක සිත් ඇදගන්නා සුළු තරගාවලියකින් අනතුරුව බංග්ලාදේශය ඔවුන්ගේ පළමු ලෝක …

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

මයිකල් තිසේරා රෝයි ඩයස් අභියෝගතා කුසලානය වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම සමත් වූහ.

මෙම තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් සාන්ත තෝමස් විද්‍යාලයේ රයන් ප්‍රනාන්දු ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සාන්ත පීතර විද්‍යාලයේ දනාල් හේමානන්ද ද සහ තරගයේ වීරයා ලෙසින් සාන්ත තෝමස් විද්‍යාලයේ යසිරු රොද්‍රිගෝ ද සම්මාන ලැබූහ. 

Photos: S. Thomas’ College, Mt. Lavinia vs St. Peter’s College – Day 2 | Singer U19 Division 1 Cricket Tournament 2019/20

සාන්ත තෝමස් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (71.2) ඩිල්මින් රත්නායක 26, රයන් ප්‍රනාන්දු 57, ගවින් බොතේජු 49, යසිරු රොද්‍රිගෝ නොදැවී 59, දනාල් හේමානන්ද 3/42, කනිෂ්ක මධුවන්ත 2/75, රුවින් සෙනෙවිරත්න 2/55. 

සාන්ත පීතර විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 21ක දී කඩුලු 2ක් දැවී 83) සියලු දෙනා දැවී 262 (97.3) රිශික සන්තුෂ් 55, නිපුනක ෆොන්සේකා 42, නිමාන් උමේෂ් 21, වනුජ කුමාර 30, ධනාල් හේමානන්ද 29,   යසිරු රොද්‍රිගෝ 3/63, ජී. කැනිස්ටන් 3/54, මනීෂ රූපසිංහ 2/03. 

සාන්ත තෝමස් විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 70 (15) ඩිල්මින් රත්නායක නොදැවී 32, උමයංග සුවාරිස් 27. 

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. 

Photos: Ananda College Vs St. Sebastian’s College | U19 Cricket Tournament 2019/20

තරගයේ දෙවැනි දිනය තරමක් උණුසුමක් ගත්තේ ආනන්ද විද්‍යාලය තම දෙවැනි ඉනිම ලකුණු 155කට සීමා වීමත් සමඟ ය. එම ඉනිමේ දී නදීර ප්‍රනාන්දු ලකුණු 54කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 189ක ඉලක්කයක් පසුපස ගිය සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 101කි.  

ආනන්ද විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 210 (63.4) නෙත්ම කරුණාරත්න 77, අනුද ජයවීර 36, ජනිඳු ජයවර්ධන 32, කලන විජේසිරි 24, සසික පෙරේරා 3/21, නදීර ප්‍රනාන්දු 2/43, කලන සංදීප් 2/51. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : පළමු ඉනිම (තරගයේ පළමු දිනය අවසානයේ පන්දුවාර 30ක දී කඩුලු 5ක් දැවී 101) සියලු දෙනා දැවී 177 (64.5) දුනිත් ජයතුංග 48, බිහඟ මෙන්ඩිස් 36, යසන් අවිශ්ක 23, ශෂික උමයංග 4/35, සවිරු බණ්ඩාර 4/49. 

ආනන්ද විද්‍යාලය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 155 (44.5) ජනිඳු ජයවර්ධන 37, කනිෂ්ක රංතිලකගේ 36, නදීර ප්‍රනාන්දු 5/54, සුපුන් ප්‍රනාන්දු 2/39. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 101 (12) නිශිත අභිලාෂ් 35, සුඛිත ප්‍රසන්න නොදැවී 30, ජනිෂ්ක පෙරේරා 21, සවිරු බණ්ඩාර 2/28. 

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය (C කාණ්ඩයේ තරගය) 

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

මෙම තරගයේ අද දවසේ දක්ෂතා දැක්වීමට සදිශාන් චමෝද්‍ය සහ ශෂික බස්නායක සමත් වූහ. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 220 (89.2)මලීෂ සිල්වා 79, අභිෂේක් ආනන්දකුමාර් 37, සදීප් හලංගොඩ 29, සදිශාන් චමෝද්‍ය 4/30, නිසල් ආකාශ් 2/25, දෙවිඳු කෙක්රිදෙණිය 2/40.

මහානාම විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසාන වන විට පන්දුවාර 04ක දී කිසිවෙකු නොදැවී 20) සියලු දෙනා දැවී 283 (80.3)සදිශාන් චමෝද්‍ය 97, දිලීෂ තුඩුවගේ නොදැවී 41, පවන් රත්නායක 34, පුල්ශාන් රෝහණ 30, අචින්ත සුපුන් 29, පවන්ත වීරසිංහ 22, ශෂික බස්නායක 5/85, කසුන් එදිරිතිලක 4/120. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 43 (18) චන්දුල ජයකොඩි 21, සොනාල් දිනූෂ 2/04, අචින්ත සුපුන් 2/10. 

නිපන්දුවේ තීරණය දැන් තෙවැනි විනිසුරු අතේ

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ දී ඉදිරි පාදය නියමිත සීමාවෙන් එපිට ගිය විට එය නිපන්දුවක්…

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

වත්තල දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වූවේය.

මෙම තරගයේ පෙර දිනයේ නොදැවී ලකුණු 110ක් රැස්කර ගෙන සිටි අවිශ්ක තරිඳු අද දින තම ඉනිම නිමා කළේ ලකුණු 181ක රැස්කර ගැනීමට සමත් වෙමිනි. ඔහුට අමතරව දිලිප් නිරෝෂන් ද අර්ධ ශතකයක් වාර්තා කළේය. 

ලකුණු 215ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ දේවපතිරාජ ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිම වෙනුවෙන් ජීවක සශීන් සහ සුධීර වීරරත්න අර්ධ ශතක වාර්තා කළහ.  

දේවපතිරාජ විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 109 (53.1) මතීෂ සාරංග 26*, තරිඳු රුක්ෂාන් 24, පැතුම් විහඟ 5/26, කවීෂ දුලංජන 2/23. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 43ක දී කඩුලු 3ක් දැවී 193) කඩුලු 8ක් දැවී 324 (68) අවිශ්ක තරිඳු 181, දිලිප් නිරෝෂන් 59, ගිහාන් සත්මික 30, රොමේෂ් සුරංග 21, කල්ප චේතිය 3/28, සදීෂ නෙත්සර 2/109. 

දේවපතිරාජ විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 255 (80) ජීවක සශීන් 66, සුධීර වීරරත්න 55, පවන් සංදේශ් 42, කල්ප චේතිය 38, රොමේෂ් සුරංග 2/43. 

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය (A කාණ්ඩයේ තරගය) 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් ලකුණු 90ක ජයක් හිමිකර ගැනීමට ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ දෙවැනි දිනයේ කණ්ඩායම් දෙකේ කඩුලු 25ක් දැවී යෑම විශේෂ සිදුවීමක් වූ අතර එහිදී වඩාත් දක්ෂතා දැක්වූයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දුල්මින දසුන් ය. ඔහු ලකුණු 32කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 109 (38) හර්ෂණ නදීෂ 31, සිතුක ගුණවර්ධන 3/44, තෙවිඳු දික්වැල්ල 2/06, යසිරු කස්තුරිආරච්චි 2/23. 

ඉසිපතන විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 16ක දී කඩුලු 2ක් දැවී 62) සියලු දෙනා දැවී 132 (41.2) රවිඳු රත්නායක 31, තෙවිඳු දික්වැල් 28, කවිඳු අමන්ත 20, සඳුන් මධුශංක 3/12, ආදිත්‍ය යාපා 2/14, දුල්මිණ දසුන් 2/26. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 220 (55) සංදීප චමෝද් 66, රවිඳු කාංචන 31, ශනුක නිකේෂල නොදැවී 29, ඔමල් සංදිත් 28, චාමික සඳරුවන් 25, සිතුක ගුණවර්ධන 2/51, ලිසුර විනාත් 2/36, සවිඳු උත්සර 2/71. 

ඉසිපතන විද්‍යාලය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 117 (38) රවිඳු රත්නායක 56, ලෙශාන් අමරසිංහ 26, දුල්මින දසුන් 5/32, ආදිත්‍ය යාපා 4/20. 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් ලකුණු 171ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය. 

තරගයේ දෙවැනි දිනයේ දී කඩුලු 26ක් බිඳ වැටුන අතර ඉන් කඩුලු 17ක්ම සත්කාරක ධර්මාශෝක ක්‍රීඩකයෝ වූහ. කෙසේ වෙතත් ලකුණු 230ක් හඹා යන දෙවැනි ඉනිමේ දී ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 58ක් පමණි. එම ඉනිම ඒ තරමින් අසරණ කළේ නිම්නක ජයතිලක සහ අමිත් ඊබට්ගේ පන්දු යැවීමෙන් දැක්වූ දක්ෂතා හේතුවෙනි. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 185 (75.2) ක්‍රිශාන්ත බණ්ඩාර 73, ප්‍රබාශ්වර වන්නිනායක 43, ලොහාන් ද සොයිසා 6/62, කවිඳු නදීශාන් 2/45රිස් නොදැවී 27. 

ධර්මාශෝක විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 18ක දී කඩුලු 3ක් දැවී 82) සියලු දෙනා දැවී 120 (39.1) සනුල සමීන් 30, හසිත රාජපක්ෂ 23, ලොහාන් අරෝෂණ 21, අමිත් ඊබට් 5/27, නිම්නක ජයතිලක 3/16. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 164 (49.3) අසිත වන්නිනායක 29, ලසිත වැරැල්ලේගම 25, අංජල බණ්ඩාර 25, ලහිරු අබේසිංහ 20, කවිඳු නදීශාන් 5/69, ලොහාන් ද සොයිසා 3/53. 

ධර්මාශෝක විද්‍යාලය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 58 (17.4) කවිඳු නදීශාන් 25, නිම්නක ජයතිලක 5/22, අමිත් ඊබට් 4/34. 

අද ආරම්භ වූ තරග 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය) 

වේල්ස් කුමර විද්‍යාලයීය පිටියේ දී අද දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. 

ඒ අනුව පිටියට පිවිසි සත්කාරකයෝ තම පළමු ඉනිමට ලකුණු 137ක් රැස්කර ගත්හ. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී විහස් තෙව්මික ලකුණු 36කට කඩුලු 6ක් දවා ගත්තේය. තර්ස්ටන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඔමේෂ් මෙන්ඩිස් ය. ඔහු ලකුණු 32ක් රැස්කර ගත්තේය. 

තම පළමු ඉනිමට පිටියට පිවිසි සංචාරකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 131ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිම වෙනුවෙන් යොහාන් ලියනගේ අර්ධ ශතකයක් වාර්තා කළේය. 

වේල්ස් කුමර විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 137 (48.5) ඔමේෂ් මෙන්ඩිස් 32, අශාන් ප්‍රනාන්දු නොදැවී 25, පසිඳු පැතුම් 24, විහස් තෙව්මික 6/36, යොහාන් ලියනගේ 2/23, පුන්තිල සමන්තකුමාර 2/27. 

තර්ස්ටන් විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 131 (44) යොහාන් ලියනගේ 63, සනුද් රන්දුණු නොදැවී 27, කාවින්ද්‍ය ද මෙල් 2/13. 

කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය ((සුහද කාණ්ඩයේ තරගය) 

“ලා සාලියන්ස් කුසලානය” වෙනුවෙන් 08 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ද මැසිනෝද් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. 

ඒ අනුව ප්‍රතිවාදී සාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසෙමින් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස්කර ගත්හ. එම ඉනිමේ ඉදිරිපෙළ පිතිකරුවෝ ලකුණු අතරට පිවිසෙමින් තම මෙහෙය සාර්ථකව ඉටු කළ ද පසුපෙළ අසරණ වූහ. 

සාන්ත බෙනඩික් විද්‍යාලය වෙනුවෙන් පසන් සුවහස් ඉනිමේ වාර්තා කළ එකම අර්ධ ශතකයේ හිමිකරු වූවේය. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් රැස්කර ගත්තේය. 

තරගය පළමු දිනයට නතර කරන විට ද මැසිනෝද් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 80ක් රැස්කර ගෙන සිටියහ. 

සාන්ත බෙනඩික් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 212 (71.4)සනෝජ් පෙරේරා 43, විහඟ රුවනරා 39, පසන් සුවහස් 55, නිමේෂ් යොහාන් සොයිසා 30, ප්‍රමෝද් රාජමුණින්ද්‍ර 2/37, සෙනාෂ් ප්‍රනාන්දු 3/64, සිතුම් ප්‍රනාන්දු 4/33. 

ද මැසිනෝද් විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 2ක් දැවී 80 (21)සාලිය ජූඩ් නොදැවී 33. 

අශේන් ඩැනියල්ගේ අමුතු උපන් දින සාදයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්…

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

මීගමුව කඳිරානේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 121ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් වෙස්ලි ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන සිටියහ. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 121 (46.5) අචින්ත දේශාන් 26, තෙනුක පෙරේරා 3/06, රාහුල් ගුණසේකර 2/09, අනුදිත් වික්‍රමසිංහ 2/18, සිදත් සිරිවර්ධන 2/19. 

වෙස්ලි විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 148 (49) රාහුල් ගුණසේකර 38, බුද්ධිම විජේසුන්දර 27, ලක්ෂාන් රුවන්ත 24, වෙනුෂ පෙරේරා 4/55, නිපුන් ධනංජය 3/52. 

මෙම තරග හෙට (12) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<