සහිරා – ජනාධිපති ක්‍රිකට් ගැටුම ඇරඹේ

189

ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

තරගය කණපිට හැරවූ සාන්ත සර්වේසස් ජය ලබයි

ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) දිවයින පුරා…

ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

ඊයේ (9) ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගයේ ඊයේ දිනය ආරම්භ වන විට මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දකුණත් පිතිකරු කෞශිත කොඩිතුවක්කු ලකුණු 38ක් ලබා ගත්තේ වර්ණවත් පිති හරඹයක නිරත වෙමිනි. ඊට අමතරව මිනුර දුල්සර හා ලහිරු භාෂණ පිළිවෙළින් ලකුණු 34ක් හා ලකුණු 32ක් මහින්ද විද්‍යාල ලකුණු සටහනට එකතු කළේය.

තරගයේ පළමු දිනයේ ක්‍රියාත්මක කළ පන්දුවාර 39 හැර දෙවන දිනයේ දී එකඳු පන්දුවක් හෝ යැවීමට සුදුසු තත්වයක ක්‍රීඩා පිටියේ තණතිල්ල ප්‍රදේශය නොතිබීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් පියවර ගත්තේය.

තරගය හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 128/3 (39): කෞශිත කොඩිතුවක්කු 38,  මිනුර දුල්සර 34, ලහිරු භාෂණ 32.

දෙවැනි ටෙස්ට් තරගයට චන්දිමාල් නෑ?

එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක…..


මරදාන සහිරා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

පළමු දිනයට පැවැත් වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට සහිරා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 205ක් රැස්කර ගෙන සිය පළමු ඉනිම අත්හිටවූ අතර ජනාධිපති විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටියේ සහිරා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 151ක් පසුපසින් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් ජනාධිපති විද්‍යාලයට එරෙහිව ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාලයීය පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දකුණත් පිතිකරු යසිත් නිර්මාල් ලකුණු 40ක් ලබා ගත්තේ වර්ණවත් පිති හරඹයක නිරත වෙමිනි. පන්දු යැවීමේ දී ජනාධිපති විද්‍යාලයට සවියක් වූ දඟපන්දු යවන ක්‍රීඩකයින් වන ටශික නිර්මාල් හා තෙවින් තෙව්මික පිළිවෙළින් කඩුලු 4ක් හා 3ක් දවා ගැනීමට සමත් විය.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 205/9 (73): යසිත් නිර්මාල් 40,  අරවින්ද 35, චතුර දිල්රුක්ෂණ 33, ටශික නිර්මාල් 4/50, තෙවින් තෙව්මික 3/37.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම: 54/4 (22):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (11) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<