තර්ස්ටන් සහ ධර්මාශෝක විද්‍යාල පූර්ණ ජය ලබයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

104

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග අටක් ඊයේ (10) දිනයේ දී ක්‍රියාත්මක විය.  

නිමාව දුටු තරග තුනෙන් තරග දෙකක් ප්‍රතිඵල සමඟ අවසන් වූ අතර එහි දී තර්ස්ටන් විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය ජයග්‍රාහකයින් බවට පත්විය. අනෙක් තරගය අවසන් වූයේ මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. 

දකුණු ලක රිච්මන්ඩ් සහ සාන්ත සර්වේසස් ජයග්‍රාහකයින් වෙයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (09) දිනයේ දී ක්‍රියාත්මක…

දෙවන දිනයට පැවැත්වූ තරග 

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස කදිරාන ක්‍රිකට් පිටියේ දී නිමා වූ මේ තරගයේ දී යොහාන් ලියනගේ දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා ලකුණු 99ක ජයක් ලබා ගැනීමට සංචාරක තර්ස්ටන් විද්‍යාල සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ ද ඔවුන්ගේ පන්දු හමුවේ සිය පළමු ඉනිමේ ලකුණු සටහන සඳහා ලකුණු 191ක් වාර්තා කරගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ. ලියනගේ එහි දී ලකුණු 49ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම වෙනුවෙන් කවීන් ප්‍රනාන්දු අගනා සහ වටිනා ලකුණු 72ක් ලබා ගත් නමුත් අනෙක් පිතිකරුවන් එතරම් සැලකිය යුතු මට්ටමේ ලකුණු අතරට පිවිසීමට අසමත් වූ නිසාවෙන් ලකුණු 34ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය පළමු ඉනිම අවසන් කර ගැනීමට ඔවුන්ට සිදු විය. 

තර්ස්ටන් විද්‍යාල පිතිකරුවන් ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් පළමු ඉනිමට සාපේක්ෂව වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 161ක් ලබාගත්තේ පළමු ඉනිමේ ලබාගත් වාසියට අමතරවයි.

ඒ නිසාවෙන් සිය ජයග්‍රහණය සඳහා ලකුණු 196ක ඉලක්කයක් හඹා යාමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ක්‍රීඩකයින්ට සිදුවුවත්, දඟපන්දු යවන ක්‍රීඩක ලියනගේ දෙවන ඉනිම තුල පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වූ නිසා එම තරගය ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදා වූයේ නැත. 

තර්ස්ටන් විද්‍යාලය – 191 (50.4) යොහාන් ලියනගේ 49, අවිශ්ක කෞශල්‍ය 42, රනේෂ් සිල්වා 26, ජයවිහාන් මහවිතාන 27, අශේන් ප්‍රනාන්දු  4/20, තිලින පෙරේරා 4/52. සහ 161 (40.4) සනුත් නන්දිනු 59, බවන්ත ජයසිංහ 28, තිලින පෙරේරා 5/69, අශේන් ප්‍රනාන්දු 4/41 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 157 (48.4) කවීන් ප්‍රනාන්දු 72, ශෙහාන් ආධිත්‍ය 29, යොහාන් ලියනගේ 4/47, විහාස් තෙවුමික 3/30, පුන්තික්ල සමන්තකුමාර 2/45. සහ 96 (30.3) නවීන් ප්‍රනාන්දු 34, යොහාන් ලියනගේ 5/33, පුන්තිලා සමන්ත කුමාර 3/26, විහාස් තෙවුමික 2/29.

තර්ස්ටන් විද්‍යාලය ලකුණු 99ක ජයක්

පැතුම් සහ මිලින්ද ද්වන්ධ සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (10 ) දින නිමා වූ එන්…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

ලොහාන් අරෝෂණ නැවත නැවතත් දක්වන තුන් ඉරියව් දස්කම් මනාව පිළිබිඹු වූ මේ තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලයට හැකි විය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව ලකුණු රැස්කළ වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම ලකුණු 89කට සීමා කිරීමට වමතින් දඟපන්දු යවන අරෝෂණ ඇතුළු ධර්මාශෝක ක්‍රීඩකයෝ සමත් වූහ. අරෝෂණ මේ තරගයේ දී සිය විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේ කඩුලු 7ක් සහ දෙවන ඉනිමේ කඩුලු 7ක් ද ඇතුළුව ලකුණු 68කට කඩුලු 14ක් දවා ගත අතර පිතිකරණයේ දී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 28ක් ලබා ගන්නා ලදි. 

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පිතිකරණයේ දී එතරම් මට්ටමක සැලකිය යුතු දස්කමක් පෙන්වීමට කිසිඳු පිතිකරුවෙක්ට අවස්ථාව උදා නොවූ අතර පන්දුකරණයේ දී රවිඳු ජනිත් ලකුණු 25කට කඩුලු 5ක් දවා ගන්නා ලදි. 

B කාණ්ඩයේ තරගයක් ලෙස ගාලු ක්‍රිකට් පිටියේ දී මේ තරගය ක්‍රියාත්මක විය. 

වේල්ස් කුමාර විද්‍යාලය – 89 (31.2) තරිඳු අමරසිංහ 35, ලොහාන් අරෝෂණ 7/19, චානක ජනංග 2/23. සහ 115 (36.1) විනුජ රන්පුල් 38, නදුක ප්‍රනාන්දු 31, ලොහාන් අරෝෂණ 7/49. මනීෂ රන්සික 3/51.

ධර්මාශෝක විද්‍යාලය – 127 (38.5) සචිඳු මල්ෂාන් 31, ලොහාන් අරෝෂණ 28, රවිඳු ජනිත් 5/25, නදුක ප්‍රනාන්දු 2/16, කාවින්ද ද මෙල් 2/37. සහ 78/1 (16.2) චමිඳු ඩිල්ශාන් 38*, චමීන් සනුල 36*. 

ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 9ක ජයක්

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය  

B කාණ්ඩයේ තරගයක් ලෙස මොරටු විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමාව දුටු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සත්කාරක මොරටු මහා විද්‍යාලය ක්‍රීඩකයින් සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මපාල ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දුන් ධර්මපාල පළමු ඉනිම ලකුණු 113කට සීමා වූ අතර එහි දී එරන් හංසමාල් සහ මෙහිත් මෙත්දිනු කඩුලු  බැගින් දවා ගනිමින් ධර්මපාල පිතිකරුවන් පාලනය කරන ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ මොරටු මහා විද්‍යාලය පළමු කඩුලු  කිහිපය ඉතාමත් අඩු ලකුණු මට්ටමක් තුල දැවී ගියත්, නායකත්වයේ පිතිකරණයක් දියත් කළ මදුශාන් දිලක්ශනගේ (ලකුණු 70) පිතිකරණය නිසාවෙන් ඔවුන්ට ඔවුන්ගේ පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට හැකි විය. ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් විහඟ ගුණරත්න ලකුණු 59කට කඩුලු 5ක් දවා ගත්තේය. 

තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට ලකුණු 33ක පළමු ඉනිමේ අවාසියක් ද සමඟ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මපාල විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබාගෙන සිටි අතර එහි දී නදීෂ් බණ්ඩාර  අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලය – 113 (51.1) නවිඳු නවීන් 30, නදීෂ් බණ්ඩාර 28, එරන් හංසමාල් 3/16, මෙහිත් මෙත්දිනු 3/22, ඩිලාන් තාරක 2/18. සහ 178/7 (64) නදීෂ් බණ්ඩාර 55, රශ්මික ජයකොඩි 33*, විහඟ ගුණරත්න 25*, නවිඳු නවීන් 23, එරන් හංසමාල් 3/62, විශ්ව දිදුලන 2/46.

මොරටු මහා විද්‍යාලය  – 146 (73.2) මදුශාන් දිලක්ෂණ 70, චමල්ක පුෂ්පකුමාර 20, විහඟ ගුණරත්න 5/59.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (පළමු ඉනිමේ ජය මොරටු මහා විද්‍යාලයට)

Video – සංගාගේ දෑතින් ක්‍රිකට් ක්‍රීඩක නිවහන විවෘත කරයි

ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය තාක්ෂණික දැනුම පිළිබඳව පුළුල් මෙන්ම විශ්වාසනී…

පළමු දිනයට පැවති තරග 

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත පීතර විද්‍යාලය – 242 (55.4) ෂැනොන් ප්‍රනාන්දු 69, බානුක ද සිල්වා 37, වනුජ කුමාර 35, නිපුනක ෆොන්සේකා 21, කලන සංදීප 5/64, සුපුන් ප්‍රනාන්දු 4/53.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 95/8 (38.2) නිලාෂ් පෙරේරා 22, නිෂිත අභිලාෂ් 21, රුවින් සෙනෙවිරත්න 5/18, විනුද ලියනගේ 2/22.

කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස රාජකීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දු යවන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය  – 323/8d (65.5) ශෙවෝන් ඩැනියල් 99, දිනෙත් ජයකොඩි 67, ශෙරන් ෆොන්සේකා 62,ලක්ෂාන් ගමගේ 47, ප්‍රශාන් කල්හාර 3/78, ගිශාන් බාලසූරිය 3/102.

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 85/1 (26.4) කෞශාන් කුලසූරිය 50, ඉසිවර දිසානායක 29*.

Photos: St. Joseph’s College Vs Royal College | U19 Cricket Tournament 2019/20

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස දොඹගොඩ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් පළමුව පන්දු යවන ලදි.

මහින්ද විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 240/6 (92.4) සදෙව් ඉඳුවර 51, කවීෂ මලියවඩු 47, රශ්මික  මදුසංක 42*, සසික චන්දිර 2/51.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස සහිරා විදුහල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාල ක්‍රීඩකයින් පළමුව පන්දු යවන ලදි.

ත්‍රිත්ව විද්‍යාලය – 235 (46.1) අභිෂේක් ආනන්දකුමාර් 78, ශේන් ගුණතිලක 40, උමෙයිර් රයිසාන් 32, පසන් ගනේගොඩ 24, ඉම්තියාස් ස්ලසා 4/104, මොහොමඩ් මහදි 3/33, ඉශාක් රූහයිම් 2/45.

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 115 (46.3) අභිෂේක් ආනන්දකුමාර් 5/34. සහ 12/1 (7)  

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත ආනා විදුහල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩකයින් පළමුව පන්දු යවන ලදි.

සාන්ත ආනා විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 106 (33) කවිඳු ඒකනායක 29, කවිඳු රණසිංහ 27*, නිම්නක ජයතිලක 4/21, සසිත් හිරුදික 3/41. සහ 31/1 (16)

සාන්ත අන්තෝනි විද්‍යාලය – 154 (38.3) ප්‍රභාත් සචින් 31, අසිත වන්නිනායක 36, මොහොමඩ් කාමිල් 26, කවිඳු ඒකනායක 4/13, ශෙවෝන් නිමන්ත 2/16.

ඊයේ දින ආරම්භ වූ තරග අද (11) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<