මහීෂ්ගේ පන්දු හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

325

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ සීමිත පන්දුවාර තරග දෙකක් හා එක් සම්ප්‍රදායික තරගයක් අද (04) පැවැත්විය.

සීමිත පන්දුවාර තරග දෙකේ ජය හිමිකර ගැනීමට සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන් හා සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් සමත් විය. එම ජයග්‍රහණයත් සමඟම ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

වැරදි අඩුවෙන්ම කළ දකුණු අප්‍රිකාවට පහසු ජයක්!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ මුල්ම තරගය අද (03)….

කැලණිය ගුරුකුල විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් ගුරුකුල ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. නමුත් ගුරුකුල ක්‍රීඩකයන් ගත් තීරණය අසාර්ථක තීරණයක් බවට පත්කළ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් ගුරුකුල ඉනිම ලකුණු 77 සීමා කළ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ප්‍රවීන් කුරේ ලකුණු 14ට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

Photos: Sri Dharmaloka College vs Gurukula College – 28th One Day Encounter

ලකුණු 77 පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් කඩුලු 3ක් දැවී තිබිය දී එම ඉලක්කය සාර්ථක කර ගත් අතර දුනිත් ජයතුංග නොදැවී ලකුණු 36ක් හා එරංග මෙන්ඩිස් නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින් සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන ලදි.

ගුරුකුල විද්‍යාලය – 77 ( 22.2) ප්‍රවීන් කුරේ 3/14, කලන සංදීප 2/4, තසික් පෙරේරා 2/19

මොරටුව සාන්ත සෙබස්තියන් – 79/3 (25) දුනිත් ජයතුංග 36*, එරංග මෙන්ඩිස් 27*, දිල්ෂාන් තාරක 2/15

මාස 9කට පසු ICCයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පුරා දින හයක් පුරා පැවැත්වූ විශේෂ…..


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

සම්ප්‍රදායික තරගයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයේ නායකයාගේ තීරණය වූයේ ප්‍රථමයෙන්ම පන්දු යැවීමයි.

ඒ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මාශෝක ක්‍රීඩකයන් තම පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 204ක් ලබා සිටිය දී දිනය නිමාවට පත් විය. දිනුක් දිල්ෂාන් නොදැවී ලකුණු 43ක් ලබා ගෙන කඩුල්ලේ රැඳී සිටින අතර අශේන් කන්ඩම්බි කඩුලු 3ක් දවා ගෙන සිටි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 204/8 (72) දිනුක දිල්ෂාන් 43*, කවිඳු නදීෂාන් 42, ශේනාල් දේශාන් 33, අරෝෂන් ද සිල්වා 26, අශේන් කණ්ඩම්බි 3/15, සුභානු රාජපක්ෂ 2/37

සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් තවත් අඩියක් ඉදිරියට තියයි

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද….


කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා මොරටුව මොරටු මහා විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මොරටු ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කරන ලදි.

සිය ප්‍රථම ඉනිම සඳහා සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 159ක් රැස් කර ගත් අතර පිතිකරණයේ දී අශේන් ද සොයිසා හා බ්‍රයන් ජෝන්පිල්ලේ අර්ධ ශතක ලබා ගත්තේය. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ටවත් සාර්ථක වීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මොරටු ක්‍රීඩකයන්ට මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීමට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් සියලු ක්‍රීඩකයන් ලකුණු 81 දැවී ගියේය. මහීෂ් තීක්ෂණ ලකුණු 24ට කඩුලු 5ක් හා ඉමේෂ් ප්‍රනාන්දු ලකුණු 15ට කඩුලු දෙකක් දවා ගත්තේය‍ෙ

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 159 (48.1) අශේන් ද සොයිසා 70,  බ්‍රයන් ජෝනේපිල්ලේ 55, විනුර නිපුන් 4/30, නදිත් මිශේන්ද්‍ර 3/8

මොරටුව මොරටු මහා විද්‍යාලය – 81(25.1) නදීත් මිශේන්ද්‍ර 39*, මහීෂ් තීක්ෂණ 5/24, ඉමේෂ් ප්‍රනාන්දු  2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<