සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් තවත් අඩියක් ඉදිරියට තියයි

152

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද (02) තරග දෙකක් ක්‍රියාත්මක විය.  එයින් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය විසඳුමකින් නිමාවට පත්විය.

ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර…

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය පළමු කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගයකි. අද තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන් ලකුණු 201කට කඩුලු 7ක් දැවී තිබිය දී ඉනිම අත්හිටු වන ලදි. මෙහි දී මාරිස් ස්ටෙල්ලා ඉනිම වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ප්‍රවීන් කුරේ කඩුලු 3ක් දවා ගන්නා ලදි.  

ජයග්‍රහණය සඳහා ලකුණු 172ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී තිබිය දී එම ඉලක්කය සාර්ථක කර ගත් අතර එම ජයග්‍රහණය සඳහා නුවනිඳු ප්‍රනාන්දුගේ පිත්තෙන් ලකුණු 89ක් වාර්තා විය. මෙම ජයග්‍රහණයත් සමඟ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් මෙම තරගාවලියේ  තවත් පියවරක් ඉදිරියට යාමට සුදුසුකම් ලබා ගන්නා ලදි.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 114 (45.1) පසිඳු පෙරේරා 22*, රවිඳු ප්‍රනාන්දු 21, තසික් පෙරේරා 3/23, විනුජ රණසිංහ 2/21, කලන සංදීප 2/27

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය-  143 (49.2) දුනිත් ජයතුංග 39, පසිඳු උෂෙට්ටි 5/17, නවීන් ප්‍රනාන්දු 3/32, රවිඳු ප්‍රනාන්දු 2/49

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 201/7d (37) රවිඳු ප්‍රනාන්දු 60, කෙවින් පෙරේරා 46, අමන්ත පෙරේරා 40*, නවීන් ප්‍රනාන්දු 22, ප්‍රවීන් කුරේ 3/56, කලන සංදීප 2/58

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 173/6 (43.1) නුවනිඳු ප්‍රනාන්දු 89, දුනිත් ජයතුංග 29, ජනිත් පෙරේරා 27, රවිඳු ප්‍රනාන්දු 3/63, අමන්ත පෙරේරා 2/10

මහානාමය ඉදිරියේ වේල්ස් කුමරුවන් තම විද්‍යාලය තුල දී ම අසරණ වෙයි!

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද….


මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දෙවන දිනට ආරම්භ වූ මෙම තරගය ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සඳහා ලකුණු 218ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයන් ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණි. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සචිර රශ්මික කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයන් දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස්කර ගෙන සිටියේය. සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් මලීෂ පෙරේරා නොදැවී ලකුණු 55ක් රැස් කරගත්තේය.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය –  218/8d (72.4) ගිෂන්තික ජයවීර 52*, හරිඳු ජයවීර 48, නිපුන් රුචිර 34, සචිර රශ්මික 25, මිහිසල් අමෝද 24, නදීර බාලසූරිය 5/68

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – 110 (58.2) චන්දුල ජයකොද්ය් 36, සචිර රශ්මික 6/33, චානක රණසිංහ 2/08

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – 168/7 (75) මලීෂ සිල්වා 55*, පසන් හෙට්ටිආරච්චි 29, මනෝහරන් පවිත්‍රන් 27, කෙවින් නිම්ෂන් 21, සිනෙත් සිතාර 2/29, සචිර රශ්මික 2/49

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<