මුදිත ප්‍රේමදාස 1000 පසුකරයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

73

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (2) නිමා විය.  

තරග තුනම පළමු ඉනිමේ ජයග්‍රහණ සමඟින් අවසන් වූ නමුත් මලියදේව නායක මෙන්ම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ මුදිත ප්‍රේමදාස මෙවර පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය තුල ලකුණු 1000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීම කැපී පෙනුනි. 

මුරලි-වාස් කුසලානය සාන්ත ජෝසප් විද්‍යාලයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (1) නිමා විය.

දෙවන දිනයට පැවැත්වූ තරග 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

මලියදේව විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ කඩුලු රකින පිතිකරුවෙක් වන ප්‍රේමදාස නොදැවී ලකුණු 183*ක් ලබා ගනිමින් සිය විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 262ක් දක්වා ඔසවා තැබුවේය. 

සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ පුෂ්පිත ඩිල්ශාන් සහ චිරාත් නෙත්තරු  ලකුණු 40 බැගින් ලබාගෙන සිටිය දී දැවී ගිය නිසා ඔවුන්ගේ ඉනිම තුල එකඳු හෝ අර්ධ ශතකයක් වාර්තා වූයේ නොමැත. 

සකිඳු විජේරත්න ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 195කට සීමා කළේය. ලකුණු 67ක පළමු ඉනිමේ  සිය දෙවන ඉනිම මලියදේව විද්‍යාලය වෙනුවෙන් නැවතත් නොදැවී ලකුණු 61*ක් වාර්තා කර ගත් ප්‍රේමදාස මෙවර පළමු පෙළ පාසල් ක්‍රිකට් තුල ලකුණු 1000 සීමාව පසු කළ පළමු  පිතිකරුවා බවට පත් විය. 

මලියදේව විද්‍යාලය – 262 (83.5) මුදිත ප්‍රේමදාස 183*, නිඛිල ධර්මදාස 21, කොකුම් ඉන්දුම 2/16, මදුශාන් ද සිල්වා 2/21. සහ 145/4d (34.5) මුදිත ප්‍රේමදාස 67*, මතීෂ වීරසිංහ 46,චිරාත් නෙත්තරු 2/68.

සාන්ත සර්වේසස් විද්‍යාලය –  195 (71.3) පුෂ්පිත ඩිල්ශාන් 40, චිරාත් නෙත්තරු 40, චේතක දෙනුවන් 27, සකිඳු විජේරත්න 4/37, හසිඳු රුවන්පුර 2/25.

ඩිලන්ක අවර්ඩ් පොලිස් බලමුළු විනාශ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නාවික හමුදා…..

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (සුහද තරගය)

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් සනෝජ් පෙරේරා සහ ශෙහාන් ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගනිමින් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණියේය. පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙම සුහද තරගයේ පළමු ඉනිමේ වාසිය දිනා ගත් අතර ඒ සඳහා දුනිත් ජයතුංග, නායක ජනිෂ්ක පෙරේරා සහ කලන සංදීප ලබාගත් අර්ධ ශතක තුන සවියක් විය. 

Photos: St. Sebastian’s College v St. Benedict’s College | U19 Cricket Tournament 2019/20

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉසුරු ලක්ෂාන්  තරගයේ වාර්තා වූ එකම කඩුලු 5 දස්කම ප්‍රදර්ශනය කළේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 195 (68.4) සනෝජ් පෙරේරා 62, ශෙහාන් ප්‍රනාන්දු 61, යොහාන් සොයිසා 25, ශෂික පෙරේරා 4/40, කලන සංදීප 2/30, ඉඳුවර ද සිල්වා 2/17. සහ  113/7 (44) විහඟ රුවනාර 52, ශෙහාන් ප්‍රනාන්දු 26, නදීර ප්‍රනාන්දු 4/38, කලන සංදීප 2/32

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 312 (85.5) දුනිත් ජයතුංග 82, ජනිෂ්ක පෙරේරා 61, කලන සංදීප 50, නිෂිත අභිලාෂ් 48, සුකිත ප්‍රසන්න 35, ඉසුරු ලක්ෂාන් 5/41, අකිඳු කරුණාරත්න 2/63, මලින්ද පෙරේරා 2/86.


වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

අර්ධ ශතක 4ක් සහ කඩුලු 7 අවස්ථාවක් වාර්තා වූ මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

වේල්ස් කුමර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දු යැවූ අතර විනුජ රන්පුල් නොදැවී ලබා ගත් අර්ධ ශතකය සහ තරිඳු අමරසිංහ ලබා ගත් අර්ධ ශතකය නිසාවෙන් සියල්ලන්ම දැවී ලකුණු 214ක ඉලක්කයක් වෙත යාමට ඔවුන්ට හැකි විය.

කවිඳු ඒකනායක ලබා ගත් අර්ධ ශතකය සවියක් කර ගනිමින් සංචාරක සාන්ත ආනා විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වෙත යාමට උත්සහ කළ ද, රවිඳු ජනිත් ඇතුළු වේල්ස් කුමර විද්‍යාල පන්දු යවන්නන් හමුවේ එය එතරම් පහසු වූයේ නැත. පළමු ඉනිම ලකුණු 176කට සීමා විය.

සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් වැඩි දස්කම් දැක්වූ වමතින්  දඟපන්දු යවන පසිඳු තෙන්නකෝන් පළමු ඉනිමේ දී කඩුලු 7ක් සහ දෙවන ඉනිමේ දී කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

ලකුණු 40ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය තරගයේ නියමිත කාලය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවා තිබුණි.  දිනුර ප්‍රනාන්දු ලකුණු 60යි.

වේල්ස් කුමර විද්‍යාලය – 214 (63) විනුජ රන්පුල් 69*, තරිඳු අමරසිංහ 54, පසිඳු තෙන්නකෝන් 7/48. සහ 202/5d (63) දිනුර ප්‍රනාන්දු 60, ඔමේෂ් මෙන්ඩිස් 42, කාවින්ද ද මෙල් 34, පසිඳු පැතුම් 29, කවිඳු ඒකනායක 2/16, පසිඳු තෙන්නකෝන්  2/71.

සාන්ත ආනා විද්‍යාලය – 176 (56.2) කවිඳු ඒකනායක 61,  කවිඳු රණසිංහ 25, රවිඳු ජනිත් 3/70, තවිදු ද මෙල් 2/35. සහ 76/2 (13) ලසිත් වර්ණකුලසූරිය 40*, කවිඳු ඒකනායක 26

“හදවතට තුන්පාරක් පිහියෙන් ඇන්නා වගෙයි”

ශ්‍රේෂ්ඨ පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් මියගිය ශෝකය තවමත් අපතරින් මැකී ගොස් නැත. ඔහුගේ සමීපතම මිතුරෙකු……

පළමු දිනයට පැවැත්වූ තරග 

කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

ද  මැසනොඩ් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ද  මැසනොඩ් විද්‍යාලය – 280 (66.5) නිම්න ප්‍රනාන්දු 142, සාලිය ජූඩ් 60, සහන් කෝසල 28, සෙනාෂ් ප්‍රනාන්දු 24, ධනංජය දාබරේ 3/37, මනීන්ද්‍ර ජයතිලක 2/28, සනෙරු දිසානායක 2/43.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 93/6 (28) අසිත සිල්වා 3/31, සිහින සිතුමිණ 2/14.

පළමු දිනයට පැවැත්වූ තරගය අද (3) දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<