කෘෘස්පුල්ලේ හා තෙවිඳු ශතක අතරට

481

වයස අවුරුදු 19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් අද (29) පැවැත්වුණු අතර සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 5ක ජයක් හිමිවූ තරගයට අමතරව සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් තවත් තරගයක් නිමාව දුටුවේය. රාජකීය විද්‍යාලයේ තෙවිඳු හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කෘෘස්පුල්ලේ ශතක ලබා ගැනීමට සමත් විය.

ගාල්ලට හා මොරටුවට දැවැන්ත ජයග්‍රහණ

ගාල්ල මහින්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ ලබාගත් අද (29) දිනය තුලත් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම…

කැළණිය ගුරුකුල විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

මහර බන්ධනාගාර පිටියේ දී  වූ අවසන් වූ මෙම තරගය කඩුලු 5 කින් ජය ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම අද උදෑසනම ලකුණු 100කට සීමා කිරීමට ගුරුකුල පන්දු යවන්නන් සමත් වූයේ පළමු ඉනිමේ වැඩි වාසිය ලබා ගනිමිනි. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පෘතුවි රූසර විසින් කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 26ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලය වෙනුවෙන්, වගකීම් සහිතව පිතිකරණයේ යෙදුණු ශේශාන් මාලින්ද නොදැවී ලකුණු 38*ක් ලබා ගත්තේය. රූසර ලකුණු 22යි. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේ දී ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගන්නා ලදි. රුවින් සෙනවිරත්න කඩුලු 4යි.

ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ශැනොන් ප්‍රනාන්දු හා සාලිත් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 52ක් හා ලකුණු 31* ලබාගෙන සිය විද්‍යාලය ජයග්‍රහණය දක්වා මෙහෙයවන ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 126/10 (55.4): රසිඳු අරෝෂ 42, පැතුම් මහේෂ් 35, මොහොමඩ් අමීන් 5/46.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 100/10 (46): සුලක්ෂණ ප්‍රනාන්දු 22, රන්මිත් ජයසේන 22, පෘතුවි රූසර 5/20.

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම – 119 (44.5): ශේශාන් මාලින්ද 38*, පෘතුවි රූසර 22, මොහොමඩ් අමින් 5/45, රුවින් සෙනවිරත්න 4/29.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම –  147/5 (44.4): ශැනොන් ප්‍රනාන්දු 52, සාලිත් ප්‍රනාන්දු 31*, රන්මිත් ජයසේන 25.

උමේග චතුරංගගෙන් දක්ෂ පන්දු යැවීමක්

මතින් පා දඟපන්දු යවන උමේග චතුරංග කළුතර නාගරික ක්‍රීඩකයන් 7 දෙනෙක් ලකුණු 79කට දවා ගනිමින් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලියේ දෙවැනි දිනයේ කැපී පෙණෙන…

කොළඹ ආනන්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක ආනන්ද විද්‍යාලය සිය සුපුරුදු තණතීරුව මත පළමුව පන්දුවට පහරදී සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 136ක් රැස්කර ගත්තේය. එහි දී හසිඳු ශමින්ක හා කනිෂ්ක රන්තිලකගේ ලකුණු 27 බැගින් රැස්කර ගන්නා විට හසිඳු නොදැවී ක්‍රීඩා කරමින් තවත් ලකුණු 27ක් ලබා ගන්නා ලදි. ඩිල්ෂාන් ද සිල්වා ලකුණු 34ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ශාමල් හිරුෂාන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ධර්මපාල පිතිකරුවන් අසරණ තත්වයට ඇද වැටුණේ සිය පළමු ඉනිම ලකුණු 42ක් වැනි අඩු මට්ටමකට සීමා කර ගනිමිනි. ලකුණු 94ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දුශාන් හෙට්ටිගේ (54*) හා කනිෂ්ක (46*) තෙවන කඩුල්ලට නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූයේ තරගයේ වාසිය තවදුරටත් ආනන්ද විද්‍යාලය දෙසට හරවමිනි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 136/10 (48.4): හසිඳු ශමින්ක 27*, කනිෂ්ක රන්තිලකගේ 27, ඩිල්ෂාන් ද සිල්වා 4/34, චමිඳු සමරසිංහ 4/36,

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 42/10 (16.2): ශාමල් හිරුශාන් 6/10, තුෂාන් හෙට්ටිගේ 3/07.

ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 106/1 (26): දුශාන් හෙට්ටිගේ 54*, කනිෂ්ක රන්තිලකගේ 46*.

කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

එක්‌ ශතකයක් හා අර්ධ ශතක දෙකක් වාර්තා වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලය  සමත් විය.

ධර්මරාජ විද්‍යාල පිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ රාජකීය විද්‍යාලය, සිය පළමු ඉනිමට සවිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කරන ලදි. එහි දී ඔවුන්ගේ ඉනිමේ වැඩි බරක් සිය කර මතට ගත් දකුණතින් පිත්ත හසුරුවන තෙවිඳු සේනාරත්න ශතකයක් වාර්තා කළේය. අවසානයේ තෙවිඳු ලකුණු 115කට දැවී ගිය අතර භාග්‍ය දිසානායක හා ගයාන් දිසානායක විසින් අර්ධ ශතක දෙකක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී නවිඳු ඩිල්ෂාන් හා රුක්මාල් දිසානායක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 301/10 (66.3): තෙවිඳු සේනාරත්න 115, භාග්‍ය දිසානායක 68, ගයාන් දිසානායක 52, නවිඳු ඩිල්ෂාන් 3/57, රුක්මාල් දිසානායක 3/62.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/1 (13):


මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

B කාණ්ඩය යටතේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පිටියේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය වූ අද දිනය තුළ ශතකයක් ලබා ගැනීමට ලසිත් කෘෘස්පුල්ලේ සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස් කර ගත්තේ ලකුණු 194ක් වන අතර එම ලකුණු ප්‍රමාණයෙන් වැඩි කොටසකට හිමිකම් කීමට රිෆාස් මවුරස් හා හිරුණ සිගේරා සමත් විය. ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් කෙවින් පෙරේරා හා පසිඳු උෂෙට්ටි කඩුලු  3 බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ප්‍රථම ඉනිම වර්ණවත් කළ කෘෘස්පුල්ලේ දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් සිය ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර රොෂේන් ප්‍රනාන්දු හා චතුර අනුරාධ ද ලකුණු අතරට පිවිසීමට වරම් දිනා ගත්තේය. කෙවින් ලකුණු 33යි. තරගයේ පළමු දිනය අවසන් වන විට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  ජනාධිපති විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 82ක් පෙරමුණේ සිටියි.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – 194/10 (52.3): රිෆාස් මවුරස් 43*, හිරුණ සිගේරා 41, ටශික නිර්මාල් 33, කෙවින් පෙරේරා 3/19, පසිඳු උෂෙට්ටි 3/34.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 276/5 (40): ලසිත් කෘෘස්පුල්ලේ 104, රොෂේන් ප්‍රනාන්දු 48, චතුර අනුරාධ 46, කෙවින් පෙරේරා 33.

පාකිස්තානයේ නවිඩ් ශ්‍රී ලංකා පිටිය කලඹයි

අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලිය නියෝජනය කරන පාකිස්තාන ක්‍රීඩක කාෂිෆ් නවීඩ් තම පළමු පෙළ තෙවැනි ශතකය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව රැස් කරමින් තරගාවලියේ…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

පළමු දිනය සඳහා තරගය නවතා දමන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 98ක් ලබා සිටින්නේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 32ක් පසුපසින් සිටිමිනි.

එතැන් සිට අද දිනය සඳහා තරගය ආරම්භ වූ අතර උදෑසනම රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 121කට සීමා විය. එහි දී දඟපන්දු යවන ශැනොන් ප්‍රනාන්දු ලකුණු 28ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලද්දේ සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කරමිනි.

පළමු ඉනිමේ ලකුණු 9ක සුළු වාසියක් සහිතව පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයේ දෙවන ඉනිමේ මුල් කඩුලු කිහිපය ඉක්මනින් දවා ගැනීමට රිච්මන්ඩ් ක්‍රීඩකයින් සමත් වූ නමුත් වමතින් පිත්ත හසුරුවන සිතාර හපුහින්න 4 පහර 2ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටිය දී දැවී ගීයේය.

අනතුරුව පිටියට පිවිසි මනීෂ රුපසිංහ ද ලකුණු 30ක් ලබාගෙන සිටිය දී තවීෂ අභිශේක් එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ලකුණු 187ක් ලබා සිටිය දී සිය දෙවන ඉනිම අත්හිටවූ සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 197ක ඉලක්කයක් රිච්මන්ඩ් විද්‍යාලයට ලබා දෙන ලදි.

කලන්සූරිය හා ආකාශ් කාවින්ද දෙවන කඩුල්ලට ගොඩනැංවූ ලකුණු 51ක සබඳතාවය අවසන් වූ පසුව රිච්මන්ඩ් විද්‍යාල දෙවන ඉනිම ලකුණු 64ට කඩුලු 3ක් ලෙස දැක්විය. අනතුරුව පිටියේ එක්වූ තවීෂ හා දුවින් කලන්සූරිය දෙවන හා අවසන් දිනය අවසානය දක්වා නොදැවී පිතිකරණයේ නිරත වෙමින් ලකුණු 37*ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි දී 4 පහර 4ක් සිය පුද්ගලික ලකුණු ගිණුමට බැර කරගත් කලන්සූරිය ලකුණු 56*ක් ලබා ගන්නා ලදි. අනෙක් අන්තයෙන් නොදැවී ක්‍රීඩා කල  තවීෂ ලකුණු 26*යි. පන්දු යැවීමේ දී නායක ඩෙලෝන් පිරිස් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 130/10 (54.1): මනීෂ රූපසිංහ 42, සිතාර හපුහින්න 30, අවිඳු තීක්ෂණ 3/16, අම්ශි ද සිල්වා 3/19, දිලුම් සුධීර 3/45.  

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 121/10 (59.1): විනුජ කිරිඇල්ල 29, සඳුන් මෙන්ඩිස් 28, ශැනොන් ප්‍රනාන්දු 4/28.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 187/7 d (62): සිතාර හපුහින්න 53, මනීෂ රූපසිංහ 30, ඩෙලෝන් පිරිස් 25, සඳුන් මෙන්ඩිස් 3/55.

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – 101/3 (29): දුවින් කලන්සූරිය 56*, තවීෂ අභිෂේක් 26*, ඩෙලෝන් පිරිස් 2/33.

පළමු දිනය සඳහා පැවැත්වූ තරග සියල්ල හෙට (30) දෙවන දිනටත් පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න