වයස අවුරුදු 19න් පහළ පළාත් සංචිත නිකුත් වේ

2132

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් එක්දින තරගාවලිය ජුනි 12 වැනිදා (අද) සිට ජුනි 23 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

සබරගමුව පළාත හැර සියලුම පළාත් නියෝජනය කරමින් එනම් බස්නාහිර පළාත් උතුර, බස්නාහිර පළාත් දකුණ, උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත, උතුරු මැද පළාත, බස්නාහිර පළාත මධ්‍යම, වයඹ පළාත, ඌව පළාත යන කණ්ඩායම් තරගාවලියට එක්වේ. එහි සුවිශේෂිත්වය වන්නේ  බස්නාහිර පළාත නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් තරගාවලියට එක්වීමයි.

අන්තර් පළාත් 19න් පහළ එක්දින තරගාවලිය ලබන සතියේ

යොවුන් ක්‍රීඩකයින් 150කට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්……..

පසුගිය වසරේ දී ධනංජය ලක්ෂාන්ගේ නායකත්වය යටතේ දකුණු පළාත් කණ්ඩායම, බස්නාහිර දකුණ කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර නව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා ප්‍රමුඛ තේරීම් කමිටුව ඉදිරියේ දස්කම් පාමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට මේ අවස්ථාව ක්‍රීඩකයින්ට ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත.

යොවුන් ක්‍රීඩකයින් 150කට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් කණ්ඩායම් දහයක් කාණ්ඩ දෙකක් යටතේ එකිනෙකා හා තරග වදින අතර එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය  දිනා ගන්නා කණ්ඩායම් දෙක සඳහා 23 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ.

ThePapare.com ජුනි 12 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

සම්පූර්ණ සංචිත,

දකුණු පළාත – නිපුන් මාලිංග (මහින්ද විද්‍යාලය), සසිත් මධුරංග (රාහුල විද්‍යාලය), දිලුම් සුදීර (රිච්මන්ඩ් විද්‍යාලය), ආධිත්‍ය සිරිවර්ධන (රිච්මන්ඩ් විද්යාලය), තවීෂ අභිෂෙක් (රිච්මන්ඩ් විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (රිච්මන්ඩ් විද්‍යාලය), තිසර ඩිල්ෂාන් (දේවපතිරාජ විද්‍යාලය), විනුර දුල්සර (මහින්ද විද්‍යාලය), නවෝද් පරණවිතාන (මහින්ද විද්‍යාලය), කාවින්ද සොහාන් (ධර්මාශෝක විද්‍යාලය), දිනුක ඩිල්ෂාන් (ධර්මාශෝක විද්‍යාලය), මිහිසල් අමෝද (සාන්ත තෝමස් විද්‍යාලය), කවිඳු රාජපක්ෂ (ශ්‍රී දේවානන්ද විද්‍යාලය), රවිෂ්ක විජේසිරි (රිච්මන්ඩ් විද්‍යාලය), ශෂික දුල්ෂාන් (සාන්ත සර්වේසස් විද්‍යාලය).

මධ්‍යම පළාත – පුබුදු බණ්ඩාර (ත්‍රිත්ව විද්‍යාලය), කසුන් ගුණවර්ධන (ධර්මරාජ විද්‍යාලය), කෙවින් නිම්ශාන් (සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය), ගජිත කොටුවේගොඩ (සාන්ත මරියා විද්‍යාලය), ඉසුරු ප්‍රබෝධ (විද්‍යාර්ථ විද්‍යාලය), දුලාජ් බණ්ඩාර (ධර්මරාජ විද්යාලය), චානක සන්තුෂ් (ත්‍රිත්ව විද්‍යාලය), අභිෂේක් ආනන්දකුමාර් (ත්‍රිත්ව විද්‍යාලය), නවෝද්‍ය ඉමේෂ් (සාන්ත අන්තෝනි විද්‍යාලය), ඔසඳ හේරත් (ත්‍රිත්ව විද්‍යාලය), රුවින් පීරිස් (ත්‍රිත්ව විද්‍යාලය), කල්හාර සේනාරත්න (සාන්ත අන්තෝනි විද්‍යාලය), නිම්නක ජයතිලක (සාන්ත අන්තෝනි විද්‍යාලය), උපේන්ද්‍ර වර්ණකුලසූරිය (ධර්මරාජ විද්‍යාලය), මෙදුනක විජේතිලක (විද්‍යාර්ථ විද්‍යාලය).

බස්නාහිර උතුර – අෂාන් ප්‍රනාන්දු (මාරිස් ස්ටෙල්ලා විදුහල), කමේෂ් නිර්මාල් (ආනන්ද විද්‍යාලය), මොහොමඩ් ශමාස් (සහිරා විදුහල), මහේෂ් තීක්ෂණ (සාන්ත බෙනඩික් විද්‍යාලය), පසිඳු උෂෙට්ටි (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), දිල්සර සමින්ද (සහිරා විදුහල), චාමික ගුණසේකර (ආනන්ද විද්‍යාලය), ෂෙහාන් ප්‍රනාන්දු (සාන්ත බෙනඩික් විදුහල), කෙවින් පෙරේරා (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), රවිඳු ප්‍රනාන්දු  (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), රොෂේන් ප්‍රනාන්දු (මාරිස් ස්ටෙල්ලා විදුහල), ප්‍රවීන් නිමේෂ් (කැළණිය ගුරුකුල විද්‍යාලය), අවිෂ්ක තරිඳු (සාන්ත අන්තෝනි විද්යාලය, වත්තල), උගීෂ දිල්ෂාන් (කැලණියේ ධර්මාලෝක විද්‍යාලය), ජනිඳු ජයවර්ධන (ආනන්ද විද්‍යාලය).

බස්නාහිර පළාත් මධ්‍යම – සන්තුෂ් ගුණතිලක (සාන්ත පීතර විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (රාජකීය විද්‍යාලය), කලණ පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය),  ඩෙලෝන් පීරිස් (සාන්ත තෝමස් විද්‍යාලය), ලක්ෂිත රසාංජන (නාලන්දා විද්‍යාලය), කමිල් මිෂාර (රාජකීය විදුහල), ලක්ෂාන් ගමගේ (සාන්ත ජෝසප් විද්‍යාලය), තිසුරක අක්මීමන (වෙස්ලි විදුහල), දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප් විද්‍යාලය), රන්මිත් ජයසේන (සාන්ත පීතර විද්‍යාලය), තෙවිඳු සේනාරත්න (රාජකීය විදුහල), සිිතාර හපුහින්න (සාන්ත තෝමස් විද්‍යාලය), චමිඳු විජේසිංහ (නාලන්දා විද්‍යාලය), අශේන් ඩැනියල්  (සාන්ත ජෝසප් විද්‍යාලය), මුදිත ලක්ෂාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය), ශෙනාල් දංගල්ල (වෙස්ලි විදුහල), කවිඳු මදරසිංහ (රාජකීය විදුහල), ඉරංග හේෂාන් (ජනාධිපති විද්‍යාලය), පසිඳු රුක්ෂාන් (විද්‍යා විද්‍යාලය).

බස්නාහිර දකුණ – නිශාන් මදුෂ්ක (මොරටු මහා විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය), ටෂික් පෙරේරා (සාන්ත සෙබස්තියන් විද්‍යාලය), නිෂිත අබිලිෂ් (සාන්ත සෙබස්තියන් විද්‍යාලය), ප්‍රවීන් කුරේ (සාන්ත සෙබස්තියන් විදුහල), ජනිශ්ක පෙරේරා (සාන්ත සෙබස්තියන් විද්‍යාලය), සුවත් මෙන්ඩිස් (වේල්ස් කුමර විදුහල), කෞමල් නානායක්කාර (වේල්ස් කුමර විදුහල), රොහාන් සංජය (කලුතර විද්‍යාලය), චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය), අශාන් දිල්හාර (සාන්ත ජෝන් විද්‍යාලය), දිනිත් නිම්මාන (සෙබස්තියන් විද්‍යාලය), කෝසල රවිඳු (යුද හමුදා ක්‍රීඩා සමාජය), පූර්ණ ප්‍රභාත් (ශ්‍රී සුමංගල විදුහල), අවිෂ්ක ලක්ෂාන් (කළුතර විද්‍යාලය), සසංක ලක්ෂාන් (පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය).

ඇඟිල්ලක් කඩන් 100 ගහපු පොඩි දැවැන්තයා – කෞශාල් සිල්වා – Powerplay

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජන කළ දක්ෂ දකුණත් පිතිකරුවෙක් තමයි කෞශාල් සිල්වා….

උතුරු පළාත – එස්. මතුෂාන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), එන්. මොනික් නිතුශාන් (සාන්ත පැට්‍රික් විද්‍යාලය), එම්. අභිනාෂ් (සාන්ත ජෝන් විද්‍යාලය), ශාන්ත බෙනූජන (කොකුවිල් හින්දු විද්‍යාලය), එන්. සවුම්යන් (සාන්ත ජෝන් විද්‍යාලය), ටී. දිනොෂන් (සාන්ත ජෝන් විද්‍යාලය), බී. අජින්ටන් (ස්කන්ධවොර්ධය විද්‍යාලය), එස්. වරලක්සන් (මහජන විද්‍යාලය),  ඒ. ජෙහාතරාෂන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), ආර්. රච්ලින්ග්ටන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), වී. විශාකන්ත් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), ටී. විතුෂන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), එම්. කාවිලන් (පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය) කේ. ඉලාරසසන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), ඒ. අයිවන් රොශාන්තන් (සාන්ත පැට්රික් විද්‍යාලය).

නැගෙනහිර පළාත – මිතිල චරිත් (උහන මහා විද්‍යාලය /ධර්මරාජ විද්‍යාලය), කේ. තිනුක්ෂාන් (හින්දු කොනෂ්වරන් විද්‍යාලය), කවිඳු ලක්ෂිත (උහන මහා විද්‍යාලය), පසිදු දිල්හාර (සිංහල මහා විද්‍යාලය ත්‍රිකුණාමලය), දිනේෂ් මධුශංක (උහන මහා විද්‍යාලය), ආකාෂ් (මධ්‍ය මහා විද්‍යාලය), මඩකලපුව), චනුර දීෂාන් (අම්පාර ඩී. එස්. සේනානායක විද්‍යාලය), තේව ඩිලොක්ස්ෂාන් (මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලය), පසන් දෙව්මිණ (උහන මහා විද්‍යාලය / මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), ජේ.බ්රාමන් (සාන්ත මයිකල් විද්‍යාලය), ඉෂාන් රුහයිම් (අලිගර් මධ්‍ය මහා විද්‍යාලය, ඉරාවූර්), එස්. ඩිරුෂන් (මධ්‍ය මහා විද්‍යාලය, මඩකලපුව), එස්. නිෆ්රාස් (වෙස්ලි උසස් පාසල, කල්මුණේ), ෂෙවොන් නිමන්ත (සිංහල මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය), ජේ.නිර්තීෂ් (ශිවනන්ද විද්‍යාලය, මඩකලපුව).

වයඹ පළාත – නිපුන් ධනංජය (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), දිලුෂාන් ජයශංක (සාන්ත මරියා විද්‍යාලය), සුපුන් සුමනරත්න (මලියදේව විද්‍යාලය), සෝහාන් අනුරුද්ධ (සාන්ත ජෝශප් වාස් විදුහල), මුදිත ප්‍රේමදාස (මලියදේව විද්‍යාලය), යොහාන් පීරිස් (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), ෂෙහාන් උදාර (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කවීන් බණ්ඩාර (මලියදේව විද්‍යාලය), කවිඳු රණසිංහ (සාන්ත ආනා විද්‍යාලය), චතුන් චමෝදය (කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය), කනිෂ්ක හසිත (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), විදත්  බටපොළ (මලියදේව විද්‍යාලය), පසිඳු චාමික (සාන්ත ආනා විද්‍යාලය), ශේෂාන් සිල්වා (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), සිතුමි අකලංක (කටුනායක ශාන්ත සෙබස්තියන් විද්‍යාලය).

ඌව පළාත – නිනින් චූරුලා, රවිඳු දර්ශන, චිහාන් කලින්දු, සචින්දු මාලක, තේවින් අමරසිංහ, චේතක දනුවන්, ගගන චලංගන, චිරාට් අකලංක, සුඛිත ධම්සර, ලේෂාන් දිලක්ෂ, දුමිදු ඉමාන්ත, ඉෂාන් සංගීත්, චරිත පබසර, චමොද් හංසක, රන්දුණු සංගීත්.

උතුරු මැද පළාත – අංජන කරුණාරත්න (නායක), ෂෙහාන් අවන්ධ්‍ය, ප්‍රමිල දනංජන, අසංක කුලරත්න, දමිත් සමරවික්‍රම, චමෝද්‍ය රුවන්වැල්ල, රුසිත් සෙනරත්, අෂ්මික ඉද්දමල්ගොඩ, අවිශ්ක සේනාධීර, ඉන්දික දිසානායක, තේමින්ද වීරසිංහ, නිසල් හෙට්ටිආරච්චි, සචින්ත සන්දීප, සමිත් සුපුන්තන, තරිඳු ලක්ෂාන්, ඉනුක ඒකනායක, මොහොමඩ් හස්නි, මයුර ලක්ෂාන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<