මධ්‍යම සහ වයඹ ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කරති

194

වයස අවුරුදු 19න් පහළ දක්ෂයන් සොයමින් සැරි සැරූ ගමනේ A කොටසේ කණ්ඩායම් අතර තරග අවසන් කරමින් අද (20) පැවති තරග අතුරින් ජයග්‍රහණ වාර්තා කිරීමට මධ්‍යම පළාත සහ වයඹ පළාත සමත් වුනා. ඔවුන් වෙතින් පරාජය වුනේ පිළිවෙළින් උතුරු පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායමයි.

දකුණට පහසු අභියෝගයක්; පසිඳුගෙන් අර්ධ ශතකයක්

හෙට දින ක්‍රිකට් පිටියේ දිදුලතැයි විශ්වාස කෙරෙන තරු සොයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය….

උතුරු පළාත සහ මධ්‍ය පළාත අතර තරගය

කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් උතුරු පළාත් ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 81ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් මධ්‍යම පළාත් ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 82ක් ලබා ගත්තා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දුවාර 25ක් ම ඉතිරිව තිබිය දී ය.

කාසියේ වාසිය දිනූ මධ්‍යම පළාත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උතුරු පළාත් ක්‍රීඩකයන් ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම වැඩිම ලකුණුලාභියා වූයේ යාපනය මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන වී. විශාකාන්ත. ඔහු ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ ඔසඳ හේරත්, පුබුදු බණ්ඩාර, නිම්නක ජයතිලක සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මධ්‍යම පළාත් ක්‍රීඩකයෝ පන්දුවාර 25ක දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 82ක් ලබා ගත්තා. එම ඉනිමේ දී නායක පුබුදු බණ්ඩාර සහ ගජිත කොටුවේගොඩ දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 57ක සබඳතාවක් එක් කළා. පුබුදු බණ්ඩාර පන්දු 70කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද, ගජිත කොටුවේගොඩ පන්දු 48ක දී හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා ගත්තා.

දැවී ගිය එකම කඩුල්ලේ හිමිකාරීත්වය එන්. මොනික් නිතූශාන් සතු වුනා.

උතුරු පළාත; සියලුම දෙනා දැවී 81 (35.1) එන්. සෞම්‍යන් 11, වී. විශාකාන්ත් 20, ඔසඳ හේරත් 2/18, පුබුදු බණ්ඩාර 2/19, නිම්නක ජයතිලක 2/24, කල්හාර සේනාරත්න 2/03

මධ්‍යම පළාත; කඩුල්ලක් දැවී 82 (25.0) පුබුදු බණ්ඩාර නොදැවී 36, ගජිත කොටුවේගොඩ නොදැවී 34

චන්දිමාල්ට 100% දඩයක් සහ තරග තහනමක්; හතුරු සහ ගුරූටත් චෝදනා

සාන්ත ලුසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනයේ උදෑසන ඇති වූ ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ’……


උතුරු මැද පළාත හා වයඹ පළාත අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී ද පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ උතුරු මැද පළාත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත්තා. එම ඉනිමේ දී චමෝද්‍ය රුවන්වැල්ල පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනා. ඊට අමතරව අවිශ්ක සේනාධීර පන්දු 52ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ කවින් බණ්ඩාර ලකුණු 27කට කඩුලු 4ක් ලබා ගත් අතර දකුණතින් පා දඟපන්දු යැවූ කවිඳු රණසිංහ ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වයඹ පළාත් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 59ක් ලබා සිටිය දී වර්ෂාව හේතුවෙන් තරගය 17.5 වැනි පන්දුවාරයේ දී නතර වුනා. එතැන් සිට නතර වූ තරගය නැවත ආරම්භ වූයේ පන්දුවාර 40ක දී ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින්.

මෙම ඉලක්කය පසුපස ගිය වයඹ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේ තරගය නිමා වීමට තවත් පන්දු 32ක් ඉතිරිව තිබිය දී ය. ඒ අනුව වයඹ පළාත් ක්‍රීඩකයන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණක ජයග්‍රහණයක් හිමි වුණේ කඩුලු 3ක් ද ඉතිරිව තිබිය දී ය.

එම ඉනිමේ දී සොහාන් අනුරුද්ධ ලකුණු 30ක් සහ ෂෙහාන් උදාර නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිම්වල නිරත වුනා.

පන්දු යැවීමේ දී රුසිත් සෙනරත් කඩුලු 3ක් ලබා ගත් අතර අසංක කුලරත්න කඩුලු 2ක් දවා ගත්තා.

උතුරු මැද පළාත; සියලුම දෙනා දැවී 138 (38.5): චමෝද්‍ය රුවන්වැල්ල 32, අවිශ්ක සේනාධීර 26, කවීන් බණ්ඩාර 4/27, කවිඳු රණසිංහ 2/12

වයඹ පළාත; කඩුලු 7ක් දැවී 130 (34.4): සොහාන් අනුරුද්ධ 30, ෂෙහාන් උදාර නොදැවී 28, කවිඳු රණසිංහ 18, රුසිත් සෙනරත් 3/14, අසංක කුලරත්න 2/29

තරගාවලියේ පළමු වටයේ අවසාන දිනය (21) හෙට ක්‍රියාත්මක අතර එදිනට A කොටස නියෝජනය කරන නැගෙනහිර පළාත සහ ඌව පළාත අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දීත් දකුණු පළාත සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වේ. මෙම තරග දෙක අතුරින් CCC පිටියේ දී පැවැත්වෙන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<