වයඹ අභිබවා උතුර පෙරට එද්දී බ. උතුරට පළමු තැන

305

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගවලින් උතුරු මැද පළාත් කණ්ඩායම පරාජය කළ බස්නාහිර පළාත් උතුර හා වයඹ කණ්ඩායම පරාජය කළ උතුරු පළාත ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

දකුණේ නවෝද් හා සඳුන් බස්නාහිර දකුණට වැඩ පෙන්වයි

එම තරග ප්‍රතිඵල ද්විත්වයත් සමඟ මෙම වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගැනීමට බස්නාහිර උතුර කණ්ඩායම සමත් විය. තවද ඊයේ (17) දිනය අවසන් වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිටි උතුරු පළාත අද දිනයේ අවසානයේ දී දෙවැනි තැන සිටි වයඹ අභිබවා පෙරට එන ලදි.

උතුරු මැද පළාත හා බස්නාහිර පළාත් උතුර

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම NCC පිටියේ දී පළමුව පන්දුවට පහ රදීමට උතුරු මැද පළාත් කණ්ඩායමට ආරාධනා කරන ලදි.

උතුරු මැද පළාත් කණ්ඩායම ලකුණු රැස කරමින් සිටිය දී එක්වරම ඇදහැලෙන්නට වුනු වර්ෂාව නිසා තරගයේ පන්දුවාර ප්‍රමාණය තරමක් අඩු කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි. අවසානයේ එම පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර උතුරු මැද පළාත් කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියේය. එහි දී මහේෂ් තීක්ෂණ දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 11ක් තුළ කඩුලු 5ක් දවා ගනිමිනි.

ප්‍රබල බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3ක් දැවී ලකුණු 71ක් ලබා ගත්තේ වේගවත්ව පිතිකරණයේ නිරත වෙමිනි. ඔවුන්ට නියමිත ඉලක්කය පන්දුවාර 8යි පන්දු 3ක් තුළ සපුරා ගැනීමට සමත් වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීම ඉතාමත් ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට මේ තරග ප්‍රතිඵලය විශාල රුකුලක් වනු ඇත. බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම වෙනුවෙන් මහේෂ් තීක්ෂණ හා අශාන් ප්‍රනාන්දු ලකුණු අතරට පිවිසියේය. පන්දු යැවීමේ දී රුසිත් සේනාරත්න කඩුලු 2යි.

උතුරු මැද පළාත – 68/10 (44.1): අවිශ්ක සේනාධීර 31, චමෝද්‍ය රුවන්වැල්ල 20, මහේෂ් තීක්ෂණ 5/11, පසිඳු උෂෙට්ටි 2/05.

බස්නාහිර පළාත් උතුර – 71/3 (8.4): මහේෂ් තීක්ෂණ 27, අශාන් ප්‍රනාන්දු 19*, කමේෂ් නිර්මාල් 12, රුසිත් සේනාරත්න  2/19.

තරග ප්‍රතිඵලය: බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක්.

ICC චෝදනාව චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයේ 2.2.9 වගන්තිය කඩ කිරීම, එනම්…….


උතුරු පළාත හා වයඹ පළාත

පන්දුවාර 25 තරගයක් ලෙස ක්‍රියාත්මක වුන මේ තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර මේ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 49කින් ජය ගැනීමට උතුරු පළාත් කණ්ඩායම සමත් විය. එස්. මදුෂාන් ඇතුළු උතුරු පළාත් ක්‍රීඩකයින් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ලකුණු සටහන ලකුණු 108කට සීමා කිරීමට ෂෙහාන් සිල්වා ප්‍රමුඛ වයඹ පළාත් පන්දු යවන්නන්ට හැකි විය.

කෙසේ නමුත් උතුරු පළාත් කණ්ඩායම ලබා ගත් ලකුණු ප්‍රමාණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පරිවර්තනය වී අවසන් වුන පසුව ලකුණු 122ක ඉලක්කයක් වයඹ පළාත් කණ්ඩායමට හිමි විය.

නමුත් නායක නිපුන් දනංජය හැරෙන්නට ඔවුන්ගේ කණ්ඩායමේ වෙනත් පිතිකරුවෙක් හට සාර්ථක වීමට අවස්ථාවක් නොලැබිණි. එයට උතුරු පළාත් කණ්ඩායමේ එස්. මතුෂාන්ගේ සුපිරි පන්දුකරණය දැඩි ලෙස බලපෑවේය. අවසානයේ උතුරු පළාත් කණ්ඩායමේ එස්. මතුෂාන් නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් කළේ ලකුණු 18ක් තුළ කඩුලු 6ක් දවා ගනිමිනි.

උතුරු පළාත – 108/10 (25): එස්. මදුෂාන් 34, ෂෙහාන් සිල්වා 2/16, සිතුම් අකලංක 2/18.

වයඹ පළාත – 72/10 (16.3): නිපුන් දනංජය 22, එස්. මතුෂාන් 6/18.

තරග ප්‍රතිඵලය: වයඹ පළාතට  ඩක්වර්ත් සහ ලුවිස් නියායට අනුව ලකුණු 49ක ජයක්.

මේ තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (19) පහත පරිදි පැවැත්වෙන අතර ඒ අතරින් සජීව ලෙස විකාශය වන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

  • නැගෙනහිර පළාත හා දකුණු පළාත අතර NCC ක්‍රීඩාංගණයේ (සජීවී)
  • බස්නාහිර පළාත දකුණ හා බස්නාහිර පළාත මධ්‍යම අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<