දකුණේ නවෝද් හා සඳුන් බස්නාහිර දකුණට වැඩ පෙන්වයි

542

අනාගතයේ ලොව දිනන්නට වෙර දරන සුවහසක් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සිහින සඵල කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) පැවැත්විය.  

වර්ෂාවෙන් එල්ල වුන බාධා නිසා තරග දෙකේම ආරම්භය නියමිත පරිදි සිදු කර ගැනීමට ලැබුණේ නැත. කෙසේ නමුත් බාධක හමුවේ වුවත් පැවති තරගවලින් දකුණු පළාත හා බස්නාහිර පළාත් මධ්‍යම යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

නවෝද්, නිශාන් සහ චෙහාන් අර්ධ ශතක ලබා ගනී

ඊයේ (16) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර උතුර – වයඹ හා මධ්‍යම – උතුරු මැද පළාත් කණ්ඩායම් අතර තරග දෙකම අධික වර්ෂාපතනය හමුවේ පැවැත්වීමට නොහැකි විය.

බස්නාහිර පළාත් දකුණ හා දකුණු පළාත

සඳුන් මෙන්ඩිස්, නවෝද් පරණවිතාන හා ජනිෂ්ක පෙරේරා යන ක්‍රීඩකයින්ගේ දස්කම් මනාව ප්‍රදර්ශනය වූ මේ තරගය සඳහා සත්කාරකත්වය දැක්වූයේ හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය යි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායම් නායකයා පළමුව පන්දුවට පහර දීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමට ආරාධනා කරන ලදි.

ඒ අවසරයෙන් පිටියට පිවිසි බස්නාහිර පළාත් දකුණ ක්‍රීඩකයින් හට දකුණු පළාත් පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට වැඩි වේලාවක් ගත වීම තුලින් ඔවුන්ගේ මුල්පෙළ ප්‍රබල කඩුලු කිහිපයක් අවම ලකුණු මට්ටමක දී දැවී ගියේය.

එම වාසිය තවදුරටත් සිය කණ්ඩායම දෙසට නතු කර ගත් දකුණු පළාත් කණ්ඩායම බස්නාහිර පළාත් දකුණ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙරාතුව දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත චෝදනාවක්; කොදෙව්වෝ Overtake කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ…..

කෙසේ නමුත් හුදකලා සටනක නිරත වුන ජනිෂ්ක පෙරේරා ලකුණු 57ක් ලබාගෙන තරගයේ අර්ධ ශතකයක් ලබා ගත් එකම ක්‍රීඩකයා බවට පත් විය. ඊට අමතරව රොහාන් සංජය හා නිෂිත අභිලාෂ් ද යම් ලකුණු මට්ටමකට පිවිසීමට අවස්ථාව උදා කර ගත් නිසා බස්නාහිර පළාත් දකුණ ඉනිමේ නිමාව සටහන් වූයේ ලකුණු 151කටයි. පන්දු යැවීමේ දී රවීෂ විජේසිරි ලකුණු 31කට කඩුලු 3ක් දවා ගන්නා විට නිපුන් මාලිංග හා සඳුන් මෙන්ඩිස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයෙක් වන වමතින් පිත්ත හසුරුවන නවෝද් පරණවිතාන හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සඳුන් මෙන්ඩිස් අතරේ ගොඩනැංවුණු අගනා සබඳතාවය නිසා තරගයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට දකුණු පළාත් කණ්ඩායමට හැකි විය. ලකුණු රැස්කර ගැනීමේ දී නවෝද් ලකුණු 42ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් ඔහුට සවියක් වූ සඳුන් ලකුණු 41ක් ලබා ගන්නා ලදි. ආධිත්‍ය සිරිවර්ධන ලකුණු 22යි.

දකුණතින් දඟපන්දු යවන අවිශ්ක ලක්ෂාන් ලකුණු 19ක් තුළ කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුවත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට නම් ප්‍රමාණවත් වුනේ නෑ.

බස්නාහිර පළාත් දකුණ – 151 (34.4): ජනිෂ්ක පෙරේරා 57, රොහාන් සංජය 25, නිෂිත අභිලාෂ් 17, නිශාන් ප්‍රනාන්දු 15, රවිෂ විජේසිරි 3/31, නිපුන් මාලිංග 2/25, සඳුන් මෙන්ඩිස් 2/29.

දකුණු පළාත – 154/8 (36.1): නවෝද් පරණවිතාන 42, සඳුන් මෙන්ඩිස් 41, ආධිත්‍ය සිරිවර්ධන 22, අවිශ්ක ලක්ෂාන් 6/19.

තරග ප්‍රතිඵලය – දකුණු පළාතට කඩුලු 8ක ජයක්

ඌව පළාත හා බස්නාහිර පළාත් මධ්‍යම

ඌව පළාත් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම මේ තරගාවලියේ නොකඩවා ලබාගත් දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට අද දිනයේ දී සමත් විය.

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පළමුව කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම, ඌව පළාත් කණ්ඩායම ලකුණු 83කට සීමා කිරීමට සමත් විය. එහි දී සාන්ත ජෝසප් විද්‍යාලයේ පන්දු යවන්නන් වන අශේන් ඩැනියල් හා දුනිත් වෙල්ලාලගේ ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් තුළ කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූයේ ඉතාමත් අගනා දස්කම් ප්‍රදර්ශනය කරමිනි.

ලකුණු 94ක පහසු ඉලක්කයක් හඹා ගිය ප්‍රබල බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම පන්දුවාර 11යි එක් පන්දුවක් අවසානයේ සිය ජයග්‍රහණය සපුරා ගත්තේ දල වශයෙන් එක් පන්දුවාරයකට ලකුණු 7ක වේගයක් රඳවා ගනිමිනි. පන්දුවට පහර දීමේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් තරගයට එක්වන සිතාර හපුහින්න වේගවත් ලකුණු 39ක් බස්නාහිර පළාත් මධ්‍යම ලකුණු පුවරුවට එකතු කළේය.

ඌව පළාත – 83 (40.1): අශේන් ඩැනියල් 3/11, දුනිත් වෙල්ලාලගේ 3/16, එස්. දිනූෂ 2/14.

බස්නාහිර පළාත් මධ්‍යම – 84/2 (11.1): සිතාර හපුහින්න 39, ඩී. ඉමන්ත 2/19.

තරග ප්‍රතිඵලය – බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට කඩුලු 8ක ජයක්

පන්දුව පළුදු කිරීමේ සිදුවීම ගැන SLC ප්‍රකාශයක් නිකුත් කරයි

සාන්ත ලුසියා හි දෙවන කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩයම ‘පන්දුවේ තත්වය වෙනස් කිරීම’ කිරීම……

මේ තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (18) පහත පරිදි පැවැත්වෙන අතර ඒ අතරින් සජීව ලෙස විකාශය වන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

  • බස්නාහිර පළාත උතුර හා උතුරු මැද පළාත අතර NCC ක්‍රීඩාංගණයේ දී (සජීව)
  • උතුරු පළාත හා වයඹ පළාත අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<