ජාතික බීච් වොලිබෝල් සංචිතය තේරීම ලබන මාසයේ

221

වයස අවුරුදු 19න් පහළ බීච් වොලිබෝල් තරගාවලි සඳහා ජාතික සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණය ලබන මස එනම් පෙබරවාරි 5 වැනිදා පැවැත්වේ.

ආසියානු වොලිබෝල් තරගාවලි සඳහා ඔබටත් අවස්ථාවක්

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන 2018 ආසියානු වොලිබෝල්…

2018 යොවුන් ඔලිම්පික් තරගාවලියේ බීච් වොලිබෝල් ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් වන වයස අවුරුදු 19න් පහළ ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය එළඹෙන මාර්තු 20 වැනිදා සිට 27 වැනිදා දක්වා මාලදිවයිනේ දී පැවැත්වේ.

ඒ සඳහා සහභාගි වන (කාන්තා/ පිරිමි) ශ්‍රී ලංකා ජාතික බීච් වොලිබෝල් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණ ලබන පෙබරවාරි මස 5 වැනිදා උදෑසන 8.30 සිට මාකොළ හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථාන බීච් වොලිබෝල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

මෙම තේරීම් පරීක්ෂණය සඳහා 2000 ජනවාරි 01 වැනිදා සිට 2003 දෙසැම්බර් 31 දක්වා දිවයිනේ උපන් ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට සහභාගි වීමට හැකිය. සහභාගි වන සියලුම දෙනා උදෑසන 8.30 වන විට ඉහත සඳහන් ස්ථානයට පැමිණිය යුතුය.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<