කළණ සහ මධුරම්‍ය පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වයි

204

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද  (14) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ තර්ස්ටන් සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාල ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

දිනූෂගේ ශතකය අපතේ දමා සීවලී ක්‍රීඩකයෝ රන්මිණි සටන දිනයි

පැල්මඩුල්ල, ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවති රන්මිණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන්…

මෙම තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කළණ පෙරේරා පන්දු යවන්නන් අතුරින් දිනයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර පිතිකරුවන් අතරින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ මධුරම්‍ය විජේසිරි ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 106ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබා ගත්හ.

ඉසිපතන විද්‍යාලය අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූව ද එම ඉනිම වෙනුවෙන් සවීන් දන්ත අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. එම ඉනිම පාලනය කිරීමේ දී වමතින් වේගපන්දු යවන කළණ පෙරේරා ලකුණු 30කට කඩුලු 7ක් දවා ගත්තේ ය. අනතුරුව පිළිතුරු ඉනිමේ දී සාන්ත තෝමසුවන් වෙනුවෙන් සිතාර හපුහින්න අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

ඉසිපතන විද්‍යාලය; සියලුම දෙනා දැවී 106 (27.2) රවිඳු රත්නායක 21, සවීන් දන්ත 52, කළණ පෙරේරා 7/30, ෂැනොන් ප්‍රනාන්දු 2/27

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 2ක් දැවී 108 (14.3) සිතාර හපුහින්න 54, රයන් ප්‍රනාන්දු නොදැවී 17, රවිඳු ද සිල්වා නොදැවී 20

ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (8) නිමාවේ…

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 144ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 323ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ලුම්බිණි ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 179ක් පමණි.

Photos: Thurstan College vs Lumbini College – U19 Cricket Tournament One Day 2018/19 | Pre QF (Play-Offs)

මෙම තරගයේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ජයවිහාන් මහවිතාන, සඳරු ඩයස් සහ පවන්ත ජයසිංහ ද, ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් මධුරම්‍ය විජේසිරි ද අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි.

තර්ස්ටන් විද්‍යාලය; කඩුලු 7ක් දැවී 323 (50) ජයවිහාන් මහවිතාන 78, සඳරු ඩයස් 62, පවන්ත ජයසිංහ නොදැවී 53, රනේෂ් සිල්වා 42, රශ්මික හිරිපිටියට නොදැවී 38, මධුරම්‍ය විජේසිරි 2/42

ලුම්බිණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 179 (34.5) මධුරම්‍ය විජේසිරි 93, දුශාන් රන්මල් 21, අයේෂ් හර්ෂණ 4/06, චාලක බණ්ඩාර 2/17, අංජු කරුණානායක 2/37

ලණු පැදුරු මතින් ඇරඹි රන් සටන් සංග්‍රාමයේ අභිමානවත් 69 වැන්නට පෙර

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන “69 වැනි මොරටු රන් සටන වාර්ෂික…

කොළඹ සහිරා විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

කොළඹ 10, සාන්ත ජෝන්ස් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

Photos: St. Joseph’s College vs Zahira College – U19 Cricket Tournament (One Day) 2018/19 | Pre Quarter-Finals

කාසියේ වාසිය දිනූ සහිරා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 162ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ගත්හ.

සහිරා ඉනිම වෙනුවෙන් මොහොමඩ් ශාමාස් අර්ධ ශතකයක් ලබා ගත් අතර සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ජොහාන් ද සිල්වා අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

සහිරා විද්‍යාලය: සියලුම දෙනා දැවී 182 (41.1) මොහොමඩ් ශාමාස් 64, එම්. ශදුල්ලා 37, ඩිල්ශාන් ශාමින්ද 35, අශාන් ඩැනියෙල් 3/13, ෂෙවෝන් ඩැනියෙල් 2/07, ලක්ෂාන් ගමගේ 2/38

සාන්ත ජෝසප් විද්‍යාලය; කඩුලු 4ක් දැවී 166 (31) ජොහාන් ද සිල්වා 51, ෂෙරොන් ෆොන්සේකා 32, ෂෙවෝන් ඩැනියෙල් 25, දිනෙත් ජයකොඩි 22, ඒ. එම්. රිසාඩ් 2/36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<