ප්‍රවීන් – රවිශ්ක ගුරුකුලයට සහ ලුම්බිණියට වාසි ගෙන දෙති

375

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division I) තවත් තරග ත්‍රිත්වයක් ඊයේ (31) ආරම්භ විය.

එම තරග සියල්ලේම මුල් ඉනිම ක්‍රීඩා කළ කණ්ඩායම් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ අසීරුතාවයට ලක්වීම ඊයේ දිනයේ කැපී පෙනෙන සිදුවීමයි. ඒ අතරිනුත් සුවිශේෂී දස්කම් දැක්වීමට කැලණිය ගුරුකුල විද්‍යාලයේ ප්‍රවීන් නිමේශ් සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ රවිශ්ක විජේසිරි යන යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට SF වෙතින් අත හිත

ලොව ප්‍රකට ක්‍රිකට් සන්නාමයක් වන ඉන්දියාවේ නිෂ්පාදිත SF (Stanford Cricket) ආයතනය….

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය

මලියදේව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය ඔවුන්ට එතරම් සුබ ඵල ගෙන දුන්නේ නැත.

ඒ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ මලියදේව විදුහලේ මුල් ඉනිම ලකුණු 99කට සීමා වූ බැවිනි. ප්‍රතිවාදීන් අන්ත අසරණ කළ ප්‍රවීන් නිමේශ් ඊයේ ගුරුකුලයට දිනයේ වැඩි ගෞරවය ගෙන දුන්නේ ලකුණු 41ට කඩුලු 6ක් දවා ගනිමිනි. ලික්ශාන් සසංග කඩුලු 2යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කැලණිය ගුරුකුල විද්‍යාලය ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 7කට ලකුණු 159ක් ලබා සිටියි. පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ ප්‍රවීන් නිමේශ් ඊයේ දිනයේ ලකුණු 33ක් රැස් කරමින් කෙමිර නයනතරු සමඟින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ද මේ වන විට සම තත්වයේ පසුවෙයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 99 (පන්දුවාර 37.3) : නිමේශ් චතුරංග 27, ප්‍රවීන් නිමේශ් 6/41, ලික්ශාන් සසංග 2/18.

කැලණිය ගුරුකුල විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 159 (පන්දුවාර 55) : ප්‍රවීන් නිමේශ් 33, කෙමිර නයනතාරු 33, කවීන් බණ්ඩාර 2/38.

අවිශ්ක ප්‍රනාන්දුත් ද්විත්ව ශතක සමාජයට

සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතාවලට…..


කඳාන ද මැසිනොද් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ මැසිනොද් විද්‍යාලයයි. ඒ කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලයේ ඇරයුමට අනුවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ මැසිනොද් ප්‍රථම ඉනිම ලකුණු 83කට සීමා විය. මැසිනොද් විදුහලට ප්‍රබල හිසරදයක් බවට පත්වූ රවිශ්ක විජේසිරි ඊයේ කඩුලු 5ක් බිඳ දැමුවේ ලකුණු 43ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. මේ වන විට පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන කොළඹ ලුම්බිණි විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 156ක් ලබා සිටියි. ඒ ප්‍රතිවාදී මැසිනොද් විදුහලට වඩා ලකුණු 73ක ඉදිරියක් ලබා ගනිමිනි.

කඳාන ද මැසිනොද් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 31) : රවිශ්ක විජේසිරි 5/43, සිතුම් දිසානායක 3/15.

කොළඹ ලුම්බිණි විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 156 (පන්දුවාර 59) : ප්‍රභාත් සිරින්ද 40*, පසිඳු අනගිපුර 32, මාර්ක් මතායස් 3/22, සාලිය ජූඩ් 2/30, රොමාල් ප්‍රනාන්දු 2/33.

ලක්ෂිත සහ අවිශ්කගෙන් දැවැන්ත ඉනිමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

මහින්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමි වූයේ ද සත්කාරකයින්ටයි. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ වරම ප්‍රතිවාදීන්ට ලබා දෙන ලදි.

එම අභියෝගයට මුහුණ දුන් මාරිස් ස්ටෙල්ලා පිතිකරුවන්ට තමන්ට එතරම් නුපුරුදු ක්‍රීඩා පිටියේ ලකුණු රැස් කිරීම එතරම් පහසු වූයේ නැත. ඉනිම අවසානයේ සියල්ලන් දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 136ක් පමණි. මහින්ද විද්‍යාලය වෙනුවෙන් නවෝද් පරණවිතාන කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහින්ද ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 218ක් ලබා සිටියි. පන්දුවෙන් ද දක්ෂතා දැක්වූ නවෝද් පරණවිතාන එහි දී අර්ධ ශතකයක් ද වාර්තා කර ගත්තේය.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 49.2) : රවිඳු ප්‍රනාන්දු 48, නවෝද් පරණවිතාන 3/25, වී. දුල්සර 2/13, පී. පෙතන්ගොඩ 2/15.

ගාල්ල මහින්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 218 (පන්දුවාර 44) : නවෝද් පරණවිතාන 54, නිපුන් මාලිංග 50, හංසික වැලිහින්ද 28, කවීෂ මල්ලියවඩු 24*, ධනූජ ඉඳුවර 23, ශෙනාස් ප්‍රනාන්දු 3/25.

මෙම තරග ත්‍රිත්වයේ නවතම තොරතුරු අදත් ThePapare.com තුලින් බලාපොරොත්තුවන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<