අවසන් පූර්ව තරගයේ පළමු දිනයට වැස්සෙන් බාධා

199

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කොළඹ 4, මහානාම විද්‍යාලය සහ කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු දිනයේ (07) වැඩි කාලයක් අයහපත් කාලගුණ තත්ත්වයට වෙන් වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙන කොළඹ මහානාම විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර සටන මෙවරත් ජය පරාජයෙන් තොරයි

වෙනුක් හෙට්ටිආරච්චිගේ පන්දු යැවීමත්, සොනාර කරුණාතුංග, නුරාජ් ප්‍රසංග හා තිමිර මල්ෂාන්ගේ දස්කම්වලිනුත් විචිත්‍රවත් වූ නුගේගොඩ සාන්ත…

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වූයේ පස්වරු 1.00ට ය. ඒ පෙර දින පැවති වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙනි.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප්වරුන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාමවරුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 28ක්ව තිබිය දී බිඳ දැමීමට ප්‍රතිවාදීන් සමත් වූහ. ආරම්භක පිතිකරු බිෂාන් මෙන්ඩිස් තම කඩුල්ල අහිමි කර ගනිද්දී ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 18කි.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක සබඳතාවක් ගොඩ නැගීමට පවන්ත වීරසිංහ සහ පැතුම් බොතේජු (15) සමත් වූහ. ලකුණු පුවරුව 53 රැඳී සිටි එම සබඳතාව බිඳ දැමීමට පෙරමුණ ගත් ආරම්භක වේගපන්දු යැවූ ජෙහාන් ඩැනියෙල් එම පන්දු වාරයේම තවත් පන්දු දෙකක් පමණක් උපයෝගී කර ගනිමින් පවන්ත රත්නායක ලකුණු ලබා ගැනීමට ප්‍රථම ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවුවේය.

අනතුරුව පවන්ත වීරසිංහ සහ වෙනුක රූබසිංහ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. එය දිනයේ හොඳම ලකුණු සබඳතාව විය. එම ලකුණු සබඳතාව නිමා කරමින් වමතින් පන්දුවට පහර දුන් පවන්ත පන්දු 72ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 39ක් ලබා සිටිය දී ඉනිම හැර ගියේ ය.

සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තුව සුන්වේ

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් හිමිව නොමැති ජයග්‍රාහී උණුසුම ලබා ගැනීමේ වැඩි වාසි මෙවර තරගයේ…

මහානාම ඉනිමේ පස් වැනි සහ හය වැනි කඩුලු වෙනුවෙන් පිටියට පිවිසි වත්තර පෙරේරා (11) සහ හේෂාන් හෙට්ටිආරච්චි (06) ට වැඩි ලකුණු සබඳතා පවත්වාගෙන යා නොදී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කටයුතු කළහ.

ඒ අනුව නිමා වූ දිනයේ දැවී ගිය කඩුලු 6ක තතු එසේ වෙද්දී පන්දු යැවීමේ දී ජෙහාන් ඩැනියෙල් ලකුණු 38කට කඩුලු 3ක් ද, නිපුන් සුමනසිංහ ලකුණු 10කට කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

දිනයේ නිමාවක් නොමැතිව අතරමග දී නතර වූ තරගයේ අහිමි වූ පන්දු වාර ප්‍රමාණය 52කි.

තරගය හෙට දිනයේ දී දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වෙද්දී පන්දුවට පහර දීමට සූදානමින් වමත් පිතිකරු වෙනුක රූබසිංහ (26) සහ සොනාල් දිනූෂ (01) නොදැවී පිටියේ රැඳී සිටී.

මහානාම විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 126 (43.0) බිෂාන් මෙන්ඩිස් 18, පවන්ත වීරසිංහ 39, වෙනුක රූබසිංහ නොදැවී 28, ජෙහාන් ඩැනියෙල් 3/38, නිපුන් සුමනසිංහ 2/10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<