ජයග්‍රහණය සහිරා, මාරිස් ස්ටෙලා සහ සා. ජෝසප් විදුහල් වලට

402
Football Roundup OCT 26

වයස අවුරුදු 19න් පහල පළමු පෙල පාපන්දු තරඟාවලියේ තරඟ කිහිපයක් පසුගිය දා නිමාව දුටු අතර එහිදී සහිරා විදහල ගෝල 01-00 ලෙසත්, මාරිස් ස්ටෙලා විදුහල ගෝල 04-00ක් ලෙසත්, සාන්ත ජෝසප් විදුහල ගෝල 04-01 ලෙසත් වාර්තා කරමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

පසුගිය ලිපි: සමස්ත ලංකා ශූරතාවයන් සහිරා සහ මලියදේව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

තවද සාන්ත බෙනඩික්ට් සහ සාන්ත සෙබස්තියන් විදුහල් අතර කටුනේරියේදී පැවති තරඟය, කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා නොකරමින් නිමාව දුටු නමුත් එම තරගයෙන් සාන්ත බෙනඩික්ට් විදුහල් ක්‍රීඩකයින් හට ජයග්‍රහණය වාර්තා කිරීමට හොඳින් ඉඩකඩ තිබුන ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඔවුන් අපොහොසත් විය.

සහිරා විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

සහිරා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරඟයෙන් ගෝල 01 – 00ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට සහිරා විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගාරම්භයේ සිටම විද්‍යාල දෙක කරට කර සටහන් වැදුනු අතර ප්‍රථම අර්ධයේ නිමාවට ආසන්න වන තෙක් කිසිදු ගෝලයක් කණ්ඩායම් දෙකම විසින් වාර්තා කිරීමට අපොහොසත් විය. කෙසේනමුත් නිහඬතාවය බිඳ දමමින් සහිරා විද්‍යාලීය ක්‍රීඩක මොහොමඩ් මුර්ෂිඩ් විසින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ තරඟයේ 45 වැනි මිනිත්තුවේදීය.

විවේක කාලයෙන් පසුව ඇරඹි දෙවැනි අර්ධයේදී සහිරා විද්‍යාලීය ක්‍රීඩකයින් අභිබවා ගෝල වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයෝ අපේක්ෂා කරත් එම අපේක්ෂාවට ජීවයක් ගෙන ඒමට සහිරා විද්‍යාලීය ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. තරඟයේ නිමාව සටහන් වන විට කිසිදු පාසලක් දෙවැනි අර්ධයේදී කිසිදු ලකුණක් වාර්තා කලේ නැත.

අවසන් ලකුණු: සහිරා විද්‍යාලය 01 – 00 සාන්ත පීතර විද්‍යාලය

  • ThePapare.com තරඟයේ වීරයා: ඉෂාන් දනූෂ (සාන්ත පීතර විද්‍යාලය)
  • ගෝල වාර්තා කිරීම්: මොහොමඩ් මුර්ෂිඩ් 45’
  • කහ කාඩ්පත්: ඉෂාන් දනූෂ (සාන්ත පීතර විද්‍යාලය)

 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාරිස් ස්ටෙලා විද්‍යාලය අතර තරඟය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ වැඩි ගෞරවය දිනා ගනු ලැබුවේ මාරිස් ස්ටෙලා විද්‍යාලය විසිනි. සාන්ත සෙබස්තියන් විදුහලට කිසිදු ලකුණක් වාර්තා කිරීමට ඉඩ ලබා නොදුන් මාරිස් ස්ටෙලා ක්‍රීඩකයෝ තරගය ජය ගත්තේ ගෝල 04ක් වාර්තා කරමිනි.

විනිසුරුගේ ආරම්භක නාලා නාදයත් සමඟ කණ්ඩායම් දෙකම පිටියේ ලකුණු සොයා යෑමේ සටන ආරම්භ කල අතර එහිදි මාරිස් ස්ටෙලා ක්‍රීඩකයෝ ඉතාමත් දක්ෂ අයුරින් ගෝලයක් වාර්තා කලේ තරගයේ 10 වැනි මිනිත්තුව ගෙවී යන විටයි. මාරිස් ස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩක තත්සර ප්‍රනාන්දු දුර සිට එල්ල කරනු ලැබූ පන්දුව දැල තුලට ගමන් ගත්තේ කිසිදු බාධාවකින් තොරවයි.

ඉන්පසුව වඩාත් ප්‍රවේශම් වූ බෙනඩික්ට් ක්‍රීඩකයෝ ආගන්තුක කණ්ඩායමට තවත් මිනිත්තු 30ක් පමණ යන තෙක් ගෝලයක් වාර්තා කිරීමට අවකාශයක් ලබා නොදුන් අතර ඔවුන්ගේ ආරක්ෂක බැමි අතරින් රිංගා ගොස් නැවතත් ගෝලයක් වාර්තා කිරීමට මාරිස් ස්ටෙලා ක්‍රීඩකයෝ සමත් වූහ. එම ගෝලය තරඟයේ 40 වැනි මිනිත්තුවේදී චතුර බුවනෙක විසින් වාර්තා කරන ලදී.

තරඟයේ ප්‍රථම අර්ධයේදී ගෝල 00-02 ලෙස පෙරමුණ ගත් මාරිස් ස්ටෙලා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝල 2ක් වාර්තා කරන්නට සමත් වුනි. එහිදී පළමු ගෝලය දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 4ක් යන තැන අංජන ගුණවර්ධන විසින් වාර්තා කල අතර 74 වැනි මිනිත්තුවේදී ඉසුරු ප්‍රනාන්දු විසින් වාර්තා කලේ දෙවැනි ගෝලයයි. කෙසේ නමුත් තරගය අවසන් වන තෙක් මාරිස් ස්ටෙලා ආරක්ෂක බැමි අතුරින් ගෝලයක් වාර්තා කිරීමට බෙනඩික්ට් ක්‍රීඩකයෝ අසමත් වූ අතර ගෝල 04-00ක් ලෙස ජයග්‍රහණය හිමි වූයේ මාරිස් ස්ටෙලා විදුහල් ක්‍රීඩකයින්ටයි.

අවසන් ලකුණු: මාරිස් ස්ටෙලා විද්‍යාලය 04 – 00 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • ThePapare.com තරඟයේ වීරයා: අංජන ගුණවර්ධන
  • ගෝල වාර්තා කිරීම්: තත්සර ප්‍රනාන්දු 10’, චතුර බුවනෙක 40’, අංජන ගුණවර්ධන 44’, ඉසුරු ප්‍රනාන්දු 74’ (මාරිස් ස්ටෙලා විදුහල)

 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරඟය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරඟයෙන් ගෝල 04-01ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලීය 19න් පහල පාපන්දු කණ්ඩායම සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩක අසේල මධුෂංක විසින් තරඟයේ 8 වැනි මිනිත්තුවේදී ලකුණු පුවරුව සක්‍රීය කරන අතර ඉන්සුළු මොහොතක් ගතවන විට තවත් ගෝලයක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය. ඒ 12 වැනි මිනිත්තුවේදී ජේසන් ප්‍රනාන්දු විසින් වාර්තා කල ගෝලයයි.

ඉන්පසු තවත් මිනිත්තු 02ක් යෑමටත් මත්තෙන් තවත් ගෝලයක් වාර්තා කරමින් සෙබස්තියන් ක්‍රීඩකයින් අසරණ කිරීමට ජෝසප් ක්‍රීඩකයින් සමත් විය. ඒ ඔවුන් විසින් ලබා ගත් තෙවැනි ගෝලය වූ අතර එය වාර්තා කලේ 14 වැනි මිනිත්තුවේදී අමිල දනංජය විසිනි. තරගයේ අවධානම වටහා ගත් සෙබස්තියන් විදුහල් ක්‍රීඩකයෝ ඉන්පසු ප්‍රථම අර්ධය නිමා වන තෙක් ජෝසප් ක්‍රීඩකයින්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉඩ ලබා දුන්නේ නැත.

තරඟයේ සෙබස්තියන් ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ වාර්තා කිරීමට හැකි වූ දඬුවම් පහරක් ලැබුනේ තරගයේ 21 වැනි මිනිත්තුවේදී. එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සෙබස්තියන් ක්‍රීඩක හර්ෂ මධුරංග සමත් වූ අතර ප්‍රථම අර්ධය නිමා වූයේ ගෝල 03-01 ලෙස සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩකයෝ පෙරමුණ ගනිමිනි.

විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේදී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තවත් එක් ගෝලයක් වාර්තා (59 වැනි මිනිත්තුව) කල අතර එහි අයිතිය හිමි වූයේ සචින්ත මධුරංග හටයි. දෙවැනි අර්ධයේදි කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සෙබස්තියන් ක්‍රීඩකයින් අසමත් වුනු අතර ගෝල 04-01ක් ලෙස තරඟය ජය ගැනීමට ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් ලකුණු: සාන්ත ජෝසප් විද්‍යාලය 04 – 01 සාන්ත සෙබස්තියන් විදුහල

ThePapare.com තරඟයේ වීරයා: අමිල දිසානායක (සාන්ත සෙබස්තියන් විදුහල)

ගෝල ලබා ගැනීම්:

  • සාන්ත සෙබස්තියන් විදුහල – හර්ෂ මධුරංග 21 (P)
  • සාන්ත ජෝසප් විදුහල – අසේල මදුෂංක 8’, ජේසන් ප්‍රනාන්දු 12’, අමිල දනංජය 14’, සචින්ත මධුරංග 59’

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට