උමයංග සහ රයන් අර්ධ ශතක ලබා ගනී

220
U19 Division 1 Knockout Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර අද (25) ආරම්භ වූ තරගයේ දී උමයංග සුවාරිස් සහ රයන් ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගත්හ.

පිතිකරුවෝ වැඩ පෙන්වූ රුහුණු නිල් සටනේ විසඳුමක් නෑ

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර 119

කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 274ක් ලබා සිටිය හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ උමයංග සුවාරිස් ය. ඔහු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 68ක් ලබා සිටියේ ය. ඊට අමතරව අනෙක් අර්ධ ශතකලාභීයා වූයේ රයන් ප්‍රනාන්දු ය.

ඊට අමතරව ශලින් ද මෙල් (43) සහ යොහාන් පෙරේරා (48) සාන්ත තෝමස් ලකුණු පුවරුව ඉහළ දැමීමට වැඩි දායකත්වයක් දැක්වූහ.

කඩුලු ලබා ගැනීමේ දී නිපුන් මාලිංග, නවෝද් පරණවිතාන, සහ කුශාන් මධූශට කඩුල්ල බැගින් හිමි විය.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 274 (95) ශලින් ද මෙල් 43, රයන් ප්‍රනාන්දු 50, යොහාන් පෙරේරා 48, රවිඳු ද සිල්වා 28, උමයංග සුවාරිස් නොදැවී 68, කිශාන්මුණසිංහ නොදැවී 14, නිපුන් මාලිංග 1/18

තරගය හෙට (26) දිනටත් ක්‍රියාත්මකයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<