Home Sinhala සාන්ත තෝමස් – ජෝසප් දෙදින කිරුළ වෙනුවෙන් තියුණු සටනක

සාන්ත තෝමස් – ජෝසප් දෙදින කිරුළ වෙනුවෙන් තියුණු සටනක

254

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන අවසන් මහා ක්‍රිකට් තරගය අද (11) කොළඹ රාජකීය විදුහල් පිටියේ දී ආරම්භ විය.

සිදත්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්…

ලෝඩ්ස් පිටියේ දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමේ වාර්තාව උසුලන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින් යැයි මා

සාන්ත ජෝසප් විද්‍යාලය මේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් වන අතර නාලන්දා විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ ජයක් ලබා ගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය අනෙක් පසින් මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාල නායක සිතර හපුහින්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර වමතින් පිතිකරණයේ නිරත වන සිතර හා ශලින් ද මෙල් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන්  ලකුණු 58ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවිය.

Photos: S. Thomas’ College vs St. Joseph’s College | U19 Div I Two Day Cricket Tournament 2018/19 – Final – Day 1

එතැන් සිට නොනැවතුණු සාන්ත තෝමස් මුල්පෙළ පිතිකරුවන් වන රයන් හා රවිඳු නායක සිතර හා එක්ව සාන්ත තෝමස් විද්‍යාලයේ මුල්පෙළ ලකුණු මට්ටම හැකි උපරිම මට්ටමකින් සවිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එක් මොහොතක ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 174/4ක් ලෙස දිස්වුනි.

නමුත් සාන්ත ජෝසප් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ, කිෂාන් මුණසිංහ, කලන පෙරේරා හා උමයංග සුවාරිස් වැනි ලකුණු අතර සිටි පිතිකරුවන් ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් තුල දවා ගනිමින් තරගයේ වැඩි වාසිය සාන්ත ජෝසප් විද්‍යාලයට ලබා දුන්නේය.

කල්හාරගේ ශතකය අන්තෝනි විද්‍යාලයේ කුසලාන බලාපොරොත්තු දල්වයි!

දින, සති ගෙවී ගොස් සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය අවසානය කරා පැමිණ

සාන්ත තෝමස් විද්‍යාලයේ අවසන් කඩුලු 6 ලකුණු 42ක් වැනි අවම මට්ටමේ ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගිය නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 216කට සීමා විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සාන්ත තෝමස් විද්‍යාලයේ මැදපෙළ හා අවසන් පෙළ කඩුලු කිහිපයක් ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් තුල බිඳ හෙලීය. වෙල්ලාලගේ ලකුණු 45ක් තුල කඩුලු 5ක් බිඳ හෙළන ලදි.

ලකුණු 216ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජොහෑන් ද සිල්වා හා ශෙරන් ෆොන්සේකා හට ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 22ක සබඳතාවයක් පමණි.

IPL තරගාවලියේ අවසන් සටනේ සත්කාරකත්වය දෝණිට අහිමි වන ලකුණු

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හයිදරාබාද් හී දී පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා

දිනාල් අනුරාධ හා දිලේෂ් පෙරේරාගේ කඩුලු දෙක බිඳ වැටුණු පසු පිටියේ එක්වූ වමතින් පිතිකරණයේ නිරත වන වෙල්ලාලගේ හා දකුණතින් පිතිකරණයේ නිරත වන දිනෙත් ජයකොඩි 5 වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු 60*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ පළමු දිනයේ වැඩි වාසිය සාන්ත ජෝසප් විද්‍යාලය දෙසට නතුකර දීමට සමත් විය. නොදැවී ක්‍රීඩා කරමින් සිටින දිනෙත් ජයකොඩි හා දුනිත් වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 39*ක් හා ලකුණු 28*ක් ලබා ගෙන සිටී.

Result


S. Thomas’ College
216/10 (59.1) & 67/2 (12.2)

St. Joseph’s College
269/10 (72)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Lakshan Gamage b Ashen Daniel 117 127 21 1 92.13
Shalin De Mel c Johanne De Zilva b Shalinda Senevirathne 12 29 2 0 41.38
Ryan Fernando c Sheran Fonseka b Lakshan Gamage 24 45 3 0 53.33
Yohan Perera c Sachintha Ravindu b Ashen Daniel 14 50 2 0 28.00
Ravindu De Silva b Dunith Wellalage 19 33 3 0 57.58
Kishan Munasinghe lbw b Dunith Wellalage 1 6 0 0 16.67
Umayanga Suwaris b Dunith Wellalage 5 11 1 0 45.45
Kalana Perera c Yesith Rupasinghe b Dunith Wellalage 0 1 0 0 0.00
Dellon Peiris c Johanne De Zilva b Shalinda Senevirathne 21 40 4 0 52.50
Thevin Bimsara Eriyagama lbw b Dunith Wellalage 0 1 0 0 0.00
Shannon Fernando not out 0 13 0 0 0.00


Extras 3 (b 0 , lb 1 , nb 1, w 1, pen 0)
Total 216/10 (59.1 Overs, RR: 3.65)
Fall of Wickets 1-58 (13.1) Shalin De Mel, 2-123 (26.5) Ryan Fernando, 3-167 (39.3) Sithara Hapuhinna, 4-174 (43.1) Yohan Perera, 5-175 (44.1) Kishan Munasinghe, 6-181 (46.5) Umayanga Suwaris, 7-181 (47) Kalana Perera, 8-198 (54.4) Ravindu De Silva, 9-198 (54.5) Thevin Bimsara Eriyagama, 10-216 (59.1) Dellon Peiris,

Bowling O M R W Econ
Lakshan Gamage 9 4 28 1 3.11
Johanne De Zilva 7 1 47 0 6.71
Ashen Daniel 20 1 61 2 3.05
Shalinda Senevirathne 8.1 0 34 2 4.20
Dunith Wellalage 15 3 45 5 3.00
Batsmen R B 4s 6s SR
Johanne De Zilva c & b Thevin Bimsara Eriyagama 12 24 1 0 50.00
Sheran Fonseka c Sithara Hapuhinna b Kalana Perera 17 54 1 0 31.48
Dinal Anuradha run out (Shalin De Mel) 18 44 3 0 40.91
Dineth Jayakody c Dellon Peiris b Kalana Perera 44 65 4 0 67.69
Dilesh Perera lbw Kishan Munasinghe b Shannon Fernando 4 7 1 0 57.14
Dunith Wellalage c Kalana Perera b Thevin Bimsara Eriyagama 88 104 10 1 84.62
Sachintha Ravindu c & b Shannon Fernando 34 51 5 0 66.67
Lakshan Gamage b Kalana Perera 10 19 0 0 52.63
Yesith Rupasinghe b Dellon Peiris 23 41 4 0 56.10
Ashen Daniel not out 11 20 1 0 55.00
Shalinda Senevirathne b Dellon Peiris 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 3 , nb 3, w 2, pen 0)
Total 269/10 (72 Overs, RR: 3.74)
Fall of Wickets 1-22 (8.1) Johanne De Zilva, 2-49 (19.2) Dinal Anuradha, 3-55 (22.1) Sheran Fonseka, 4-60 (23.5) Dilesh Perera, 5-130 (38.5) Dineth Jayakody, 6-192 (52.4) Sachintha Ravindu, 7-218 (58.5) Lakshan Gamage, 8-243 (64.4) Dunith Wellalage, 9-269 (71.3) Yesith Rupasinghe, 10-269 (71.3) Ashen Daniel,

Bowling O M R W Econ
Kalana Perera 20 1 97 3 4.85
Shalin De Mel 2 0 4 0 2.00
Thevin Bimsara Eriyagama 6 0 26 2 4.33
Yohan Perera 1 0 2 0 2.00
Shannon Fernando 18 1 49 2 2.72
Dellon Peiris 11 2 44 2 4.00
Kishan Munasinghe 3 1 7 0 2.33
Umayanga Suwaris 11 0 37 0 3.36


Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Sachintha Ravindu b Dunith Wellalage 38 41 2 1 92.68
Shalin De Mel c Lakshan Gamage b Ashan De Alwis 24 27 2 0 88.89
Ravindu De Silva not out 4 5 0 0 80.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 67/2 (12.2 Overs, RR: 5.43)
Fall of Wickets 1-49 (9.2) Shalin De Mel, 2-38 (12.1) Sithara Hapuhinna,

Bowling O M R W Econ
Lakshan Gamage 1 0 8 0 8.00
Ashan De Alwis 6 1 18 1 3.00
Yesith Rupasinghe 2 0 17 0 8.50
Dunith Wellalage 3.2 0 24 1 7.50



මෙම තරගය හෙට (12) දෙවන දිනයටත් ThePapare.com ඔස්සේ සජීවීව විකාශන කරන අතර තරගයේ තරග වාර්තාව, ලකුණු සටහන්, සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<