රාජකීය පිතිකරුවෝ රාජකීය ලකුණු පුවරුවක් නිර්මාණය කරයි

391

සිංගර් කුසලාන දෙවන පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය ඊයේ (5) කොළඹ රාජකීය විද්‍යාලය හා කළුතර විද්‍යාලය අතර කළුතර දොඹගොඩ දී ආරම්භ විය.

සාන්තුවරයන් ඉසිපතන, වෙස්ලි, විද්‍යා සමඟ දෙවැනි වටය අරඹයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය ඉතා උණුසුම් ලෙස පසුගිය සති අන්තයේ දී අවසන් වූ අතර එහි දෙවන වටය සති තුනක විරාමයකින් පසුව…

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසුවිය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දකුණතින් පිතිකරණයේ නිරත වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 146*යි.

කාසියේ වාසිය දිනා ගත් කළුතර විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි රාජකීය විද්‍යාලය පළමු පන්දුවාරයේ සිටම ඉතාමත් හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන්නේය. පළමු පන්දුවාර 10 තුල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 75ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත් රාජකීය ආරම්භක පිතිකරුවන් යුගලය ඉතාමත් හොඳ සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනංවා දෙන ලදි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කමිල් මිශාර පන්දු 129ක් තුල මනරම් 4 පහර 15ක් එල්ල කරමින් ලකුණු 83ක් ලබා ගත්තේ රාජකීය විද්‍යාලයේ මැදපෙළට හොඳ අඩිතාලමක් සකස් කරමිනි. ඊට අමතරව වමත් ආරම්භක පිතිකරුවෙක් වන ඉසිවර දිසානායක 4 පහර 8ක් එල්ල කරමින් ලකුණු 68ක්  ලබාගෙන රාජකීය ඉනිමේ සාර්ථක ආරම්භය ලබා දෙන ලදි.

ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් නායකයා කණ්ඩායමෙන් ඉවතට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා වශයෙන් කටයුතු කළ මැදපෙළ පිතිකරු අස්ගාර් ඇෆ්ගන්ව එම ධූරයෙන් ඉවත් කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය…

ඊට නොදැවුණු පිතිකරණයක නිරත වූ නායක කවිඳු මදාරසිංහ මුල්පෙළ පිතිකරුවන් ගොඩනැංවූ අඩිතාලම දිගින් දිගටම පවත්වා ගෙන යාමට සහාය වෙමින් ලකුණු 64ක් වාර්තා කරගෙන කළුතර විද්‍යාලයීය පන්දු යවන්නට දිගින් දිගටම පහර දුන්නේය.

පන්දු යැවීමේ දී අවිශ්ක ලක්ශාන් ඇතුළු කළුතර විද්‍යාලයේ පන්දු යවන්නෝ එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 402/4 (95): පසිඳු සූරියබණ්ඩාර 146*, කමිල් මිශාර 83, ඉසිවර දිසානායක 68, කවිඳු මදරසිංහ 64.

Photos: Royal College Vs Kalutara Vidyalaya | U19 Div 2 Cricket Tournament 2018/19 (SF) – Day 01

තරගය අද (6) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එම දිනයේ තරග තොරතුරු හා තරග සේයා රූ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

එසේම පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (6) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන අතර එම තරගය ThePapare.com ඔස්සේ සජීවීව විකාශනය කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<