මැසිනොද් විද්‍යාලයට නොසිතූ ජයක්

241

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරගයක දී කඩුලු 3ක නොසිතූ ජයග්‍රහණයක් ලබා ගැනීමට ද මැසිනොද් ක්‍රීඩකයෝ ඊයේ (22) සමත් වූහ.  තරගය කඳාන ද මැසිනොද් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර පැවැතිණි.

චමෝද් වික්‍රමසිංහ පන්දුවෙනුත්, පිත්තෙනුත් දස්කම් දක්වයි

“ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය” නොකඩවා 11 වැනි වතාවටත් මේ වසරේ දී පැවැත්වේ. එහි මූලික වටයේ තරග කිහිපයක්..

කඳානේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙස ද මැසිනොද් විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 145ක් පමණි. පළමු ඉනිමේ ජයග්‍රහණයෙන් ඔද වැඩී ලකුණු 65ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගුරුකුල ක්‍රීඩකයෝ එම ඉනිම ලකුණු 102ක් ව තිබිය දී අවාසනාවන්ත ලෙස නිමා කර ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 168ක් පිටුපස සිට පිටියට පිවිසි ද මැසිනොද් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්හ.

මෙම තරගයේ දී ද මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් ඉනිම දෙකේ දී ම අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට ක්‍රිශාන් සංජුල සමත් විය. ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් මලිඳු විදුරංග අර්ධ ශතකයක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලු දෙනා දැවී 210 (64.4): මලිඳු විදුරංග 58, පැතුම් මහේෂ් 36, පෘතුවි රූසර 32, ප්‍රවීන් නිමේෂ් 25, රොමාල් ප්‍රනාන්දු 4/71, මලිත් ප්‍රනාන්දු 3/23, අසිත සිල්වා 3/37)

දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 102 (38.4): පැතුම් මහේෂ් නොදැවී 36, දිමුත් ජයකොඩි 3/08, අසිත සිල්වා 2/17

ද මැසිනොද් විද්‍යාලය – පළමු ඉනිම සියලු දෙනා දැවී 145 (41.2): ක්‍රිශාන් සංජුල 63, මලිඳු විදුරංග 3/38, ලසිඳු අරෝෂ 2/21, ඉශාන මලිත් 2/26, ප්‍රවීන් නිමේෂ් 2/34)

දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවි 171 (38.2): ක්‍රිශාන් සංජුල 65, සඳුන් ඩිල්ශාන් 37, පෘතුවි රූසර 4/46, සචින්ත චමිත් 2/44


ඩාර්ලි පාරේ තරගය විසඳුමක් නෑ

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසින් තරග වදින කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කොළඹ ඩාර්ලි පාර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලකුණු 186ක් රැස් කළහ. එම ඉනිමට සචින්ත මහින්දසිංහ සහ ජෙහාන් ඩැනියෙන් අර්ධ ශතක දායකත්වයක් ලබා දුන්හ.

සංචාරක සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළේ ලකුණු 123ක් පමණි. එම ඉනිමේ විනාශකාරී පන්දු යවන්නා වූයේ ලක්ෂාන් ගමගේ ය. ඔහු කඩුලු 5ක් දවා ගත්තේය. ඊට අමතරව සාලින්ද සෙනෙවිරත්න කඩුලු 4යි. දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 151ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා පන්දුවාර 36ක දී ලකුණු 215ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්හ. තරගය නිමා වන විට ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 109ක් පමණි.

ලකුණු සාරාංශය

සාන්ත ජෝසප් විද්‍යාල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (65.2): සචින්ත මහින්දසිංහ නොදැවී 58, ජෙහාන් ඩැනියෙල් 54, එරාන් ගුණරත්න 29, නදීර බාලසූරිය 2/26, හසිඳු නිශ්ශංක 2/42) සහ

දෙවැනි ඉනිම 151/4 (43): රෙවන් කෙලී 46, ජෙහාන් ඩැනියෙල් නොදැවී 45, එරාන් ගුණරත්න 27, ෂෙවාන් රෂුල් නොදැවී 25, නිම්සර අත්තරගල්ල 2/33

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (46.1): අවිඳු හේරත් 44, මනජිත් රාජපක්ෂ 39, ලක්ෂාන් ගමගේ 20/5, සාලින්ද සෙනෙවිරත්න 4/43  

දෙවැනි ඉනිම 109/6 (36) අවිඳු හේරත් 33, විරංග වික්‍රමසිංහ 4/42, සාලින්ද සෙනෙවිරත්න 2/41)


ත්‍රිත්ව වැඩි වාසි ගනී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර  මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ වැඩි වාසි දිනා ගැනීමට සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය තම අවාසිය කරගත් සංචාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 120ක් පමණි. එම ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිශ්ක සේනාධීර ලකුණු 32කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ත්‍රිත්ව ඉනිම කඩුලු 8කට 225කි. එම ඉනිමේ දි ට්‍රෙවන් පර්සිවල් සහ හසින්ත ජයසූරිය අර්ධ ශතක වාර්තා කළහ. දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ ලකුණු 198කට දැවී ගියේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 94ක ඉලක්කයක් ත්‍රිත්ව ක්‍රීඩකයන්ට හිමි වෙද්දී ය. නමුත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ කඩුල්ලක් දැවී ලකුණු 31ක් පමණි.

ලකුණු සාරාංශය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (34.4): අයන්ත ද සිල්වා 43, කවිශ්ක සේනාධීර 6/32

දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 198 (64.4) මුදිත ලක්ෂාන් 70, සෙනාල් චන්ද්‍රසේකර 36, අයන්ත ද සිල්වා 28, විමුක්ති නෙතුමාල් 5/55, කවිශ්ක සේනාධීර 2/87

ත්‍රිත්ව විද්‍යාලය; පළමු ඉනිම 225/5 (50): ට්‍රෙවෝන් පර්සිවෙල් 75, හසින්ත ජයසූරිය 63, තිසරු ඩිල්ශාන් 33, බිමල්ෂ පෙරේරා 3/29, සඳුන් වික්‍රමරත්න 2/24)

දෙවැනි ඉනිම 31/1 (2.3)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට