දිනෙත් මදුරාවල තවත් ශතකයකට හිමිකම් කියයි

370
Dineth Madurawela

දිනෙත් මදුරාවල නොදැවී ලකුණු 107*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වූයේ අද (02) පැවැති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති තරගය අතරතුරදීයි.

පසුගිය ලිපි: ආනන්ද, ගුරුකුල හා මාරිස්ටෙලාව ජයග්‍රාහකයින් අතරට

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරඟය

සාන්ත ජෝසප් විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් සාන්ත සෙබස්තියන් පිටියේදී පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටියි.

සාන්ත ජෝසප් විද්‍යාලය වේගවත් හා දක්ෂ පිතිකරණයක නිරත‍ වෙමින් තම පළමු ඉණිමට ලකුණු 319ක් ලබා ගැනීමට සමත් විය. එම ඉණිමට නොදැවී ලකුණු 107*ක් ලබා ගනිමින් ශතක ඉණිමක් දියත් කිරීමට දිනෙත් මදුරාවල සමත් විය. ජෙහාන් ලකුණු 73ක් ලබාගෙන තවත් අනගි ඉණිමක් ක්‍රීඩා කරන ලදි.

සෙබස්තියන් විද්‍යාලයේ පිළිතුරු ඉණිමේදී නිමේෂ් බණ්ඩාර ලකුණු 60ක් ලබාගෙන තම අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 319 dec (පන්දුවාර 64): දිනෙත් මදුරාවල 107*, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 73, නිපුන් සුමනසිංහ 46, හරීන් කුරේ 33*, ටශික පෙරේරා  2/70, අශරු වර්ණකුලසූරිය  2/75

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 105 (පන්දුවාර 28): නිමේෂ් බණ්ඩාර 60, නුවනිදු ප්‍රනාන්දු 36

සෙබස්තියන් විද්‍යාලය ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 214ක් පසුපසින් පසුවෙයි.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩය යටතේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක තෝමස් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ගුරුකුල විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 71යි.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් දුලීප් ගුණරත්න මනරම් පහර කිහිපයක්ම සමඟ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය. රවිදු කොඩිතුවක්කු, ගුණරත්න සමඟින් එකතුවී සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එහිදී රවිදු ලකුණු 35ක් ලබා ගන්නා ලදි. උදාර  ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවාගනිමින් දස්කම් දැක්විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 68.5): දුලිප් ගුණරත්න 46, රවිදු කොඩිතුවක්කු 35, ඉශේන් පෙරේරා 32, උදාර රවිදු 5/41, පැතුම් මහේෂ් 2/25

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 71 (පන්දුවාර 24): ඩිනුර ගුණවර්ධන 2/17

ගුරුකුල විද්‍යාලය සාන්ත තෝමස් පළමු ඉණිමට වඩා තවත් ලකුණු 177ක් පසුපසින් පසුවෙයි.


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරඟය

කෝල්ට්ස් පිටියේ B කාණ්ඩයේ තරඟයක් ලෙස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ලුම්බිණි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලබාගෙන සිටියි.

පළමු ඉණිම ක්‍රීඩා කල ආනන්ද විද්‍යාලයට සාර්ථක පිතිකරණයක නිරත වීමට ලුම්බිණි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. නමුත් කවිදු හා සුපුන් ලකුණු 37ක් හා ලකුණු 29ක් රැස්කර ගනිමින් ආනන්ද ලකුණු පුවරුව සවිමත් කරන ලදි.

පිළිතුරු ඉණිම දියත් කරන ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දාබරේ තම අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ලකුණු 53*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 60.1): කවිදු ගිම්හාන 37, සුපුන් වරාගොඩ 29, සහන් සුරවීර 25, ලහිරු හිරන්‍ය 21, තානුක දාබරේ 4/45, විමුක්ති කුලතුංග 3/28, රුවින් පීරිස් 2/03

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 99 (පන්දුවාර 34): තානුක දාබරේ 53*, චාමික ගුණසේකර 3/27

ලුම්බිණි විද්‍යාලය ආනන්ද විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 31ක් පසුපසින් පසුවෙයි.


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගනයේදි A කාණ්ඩයේ තරඟයක් ලෙසින් ආරම්භ වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත මරියා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 108යි.

දේශාන් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වෙමින් ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉණිමට ලකුණු 52ක් එක් කල අතර, සචින්ත සේනානායකද ලකුණු 34ක් ලබා ගන්නා ලදි. තම පළමු ඉණිම දියත් කරන සාන්ත මරියා විද්‍යාලයේ රජිත කොටුවේගොඩ ලකුණු 37ක් ලබා ගත්තේය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 59.1): දේශාන් ගුණසිංහ 52, සචින්ත සේනානායක 34, නිවන්ත හේරත් 23, ලසිත උඩගේ 4/73, තිමිර කුමාර 3/37

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 108 (පන්දුවාර 35): රජිත කොටුවේගොඩ 37, සජීව රංජිත් 31, චේතිය ඒකනායක 2/10

සාන්ත මරියා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 102ක් පසුපසින් පසුවෙයි.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදි D කාණ්ඩයේ තරඟයක් ලෙසින් ආරම්භ වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන තර්ස්ටන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබාගෙන සිටියි.

සුපුන්  ලකුණු 46ක් ලබාගෙන සර්වේසස් පළමු ඉණිමේ වැඩිම ලකුණුලාභියා විය. එම ඉණිමට තවත් රුකුලක් වෙමින් සශික ලකුණු 27ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය. ජනුශ්ක තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 15කට කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වූ අතර, තරගයට සවස් කාලයේදී වර්ෂාවෙන් බාධා එල්ල විණි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 41.1): සුපුන් කාවින්ද 46, සශික ඩිල්ශාන් 27, ජනුශ්ක ප්‍රනාන්දු 3/15, බිමර රණතුංග 2/29, යෙශාන් වික්‍රමාරච්චි 2/19, නවීන් ගුණවර්ධන 2/22

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 37/1 (12)

තර්ස්ටන් විද්‍යාලය සර්වේසස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 90ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට