ආසියානු 19න් පහල ශූරතාවයට මූලික සංචිතය තෝරා ගනී

478

ආසියානු වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් මියන්මාරයේදී පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 19න් පහළ බාලක වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් තේරීම වෙනුවෙන් සංචිත පිහිටුවීමට ශ්‍රී ලංකා වෙලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.

පසුගිය ලිපි: වොලිබෝල් පුහුණු සංචිතය ක්‍රීඩිකාවන් 30ක්

2017 මාර්තු මස 28 වැනිදා සිට අප්‍රේල් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන ඉහත තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කරවීම සඳහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මේ වන විට නම් කර ඇත.

මෙම ක්‍රීඩකයින් 2017 ජනවාරි 18 වැනිදා සිට මාර්තු මස 26 වැනිදා දක්වා හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණු කරවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ThePapare.com සමඟින් පවසා සිටියේය.

“අපි මේ ක්‍රීඩකයින් තරගාවලියට දින පැමිණෙන තෙක් හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණු කරන්න ක‍ටයුතු සූදානම් කරලා තියෙන්නේ. මොකද, ඒ තරගවලට යන්න කලින් හොඳ සූදානමක් ක්‍රීඩකයින්ට තියෙන්න ඕනේ.”

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වූ වොලිබෝල් ක්‍රීඩාවට මහත් ප්‍රසිද්ධියක් උසුලන නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයෙත්, වෙන්නප්පුව සාන්ත ජොසප් වාස් විද්‍යාලයෙත් ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් 19න් පහළ බාලක සංචිතයට තේරීපත් කරගෙන ඇත. විශේෂයෙන්ම DSI Super Sports පාසල් වොලිබෝල් ශූරතාවලියේ බාලක අංශයේ ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව සාන්ත ජොශප් වාස් විද්‍යාලය සමත් වූ අතර එම තරගයේම දෙවැනි තැන දිනා ගත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයයි.

එම තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස සම්මාන දිනාගත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ශෙහාන් මධුශංකද මෙම සංචිතයට ඇතුළත් වේ.

එම ක්‍රීඩකයින් 29 දෙනා පහත පරිදි වේ.

  • සාන්ත ජොසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව: යූ. ඩබ්. සයුරු කවිෂ්ක, කේ. ටී. චමෝද් මලීෂ, එච්. එම්. දමිඳු රසාංජන, ජී. එ්. සදීප ප්‍රසාද්, ජේ. එම්. නුවන් තාරක, එස්. ඒ. සජිත් රොෂාන්, කේ. ශෙහාන් මධුසංඛ
  • සාන්ත සේවියර් මහා විද්‍යාලය, මාරවිල: යූ. එන්. මිලින්ද නිර්මාල්, බී. ඩබ්. සමිත් ප්‍රමුදිත, පී. අශේන් මලින්ත, සී. ඩී. ඒ. එම්. ලහිරු රශ්මික, කේ. ධනුෂ්ක නිර්මාල්
  • ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තණ්ඩිය: ජේ. ඒ. මහේල ඉන්දීවර, මෙවන් ප්‍රමිශ්ක පිරීස්, පී. නුවන්ග දිල්හාන්, එම්. යොහාන් සනුක, ජේ. ආර්. මලීෂ රවිශාන්, ඩී. එල්. ටිෂාන් ශානුක
  • දවිසමර මහා විද්‍යාලය, සීදූව: එම්. ඒ. දිනුඳු, එම්. ඩබ්. පසිදු සඳරුවන්. යූ. කේ. දිලීක මධුරංග
  • රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, රුවන්වැල්ල: කේ. බී. එස්. ඩී. ජයරත්න, එස්. ඩී. අයි. ජයවර්ධන, එස්. ඒ. රජිත ශාන්
  • හුංගම විජයබා ජාතික පාසල: එච්. ඩබ්. කේ. තුෂාන්, පී. බී. කවීන් දිල්හාර
  • මාරිස්ටෙලා විදුහල, මීගමුව: ජී. කවීන් තිවංක
  • රළපනාව කණිෂ්ඨ විද්‍යාලය, ආනමඩුව: ආර්.එම්. රොෂාන් අරුණසිරි
  • ජාතික තරුණ සේවා සභාව: ටී. තිලක්රාජ්

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට