Home Sinhala දුනිත්ගේ හපන්කම් නිසා ශූරතාවය සාන්ත ජෝසප් විද්‍යාලයට!

දුනිත්ගේ හපන්කම් නිසා ශූරතාවය සාන්ත ජෝසප් විද්‍යාලයට!

204

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්විය හැකි සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය අද (12) නිමාවට පත්විය. ඒ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට මෙවරත් තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතා කුසලානය දිනා දෙමිනි.

සංචිතගේ ශතකය රාජකීය අවසානයක් ගෙනෙයි!

අද (11) දිනය පුරාවට දැක්වූ සුපිරි පිතිකරණ දක්ෂතා නිසා 2018/19 සිංගර් වයස අවුරුදු 19න් පහළ..

ඊයේ දිනයේ සාන්ත තෝමස් විද්‍යාලය තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 216 අද ජෝසප් පිතිකරුවන් සාර්ථකව හඹා ගිය අතර තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීමත් සමඟ ප්‍රථම ඉනිමේ ජය ඔවුන් සතු විය. මෙම ජයග්‍රහණය පසුපස සිටි ප්‍රධානම බලවේගය බවට පත්වූ දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

ඊයේ දිනයේ කොළඹ රාජකීය විදුහල් පිටියේ දී ඇරඹුණු මෙම තීරණාත්මක අවසන් මහා තරගය සඳහා සාන්ත තෝමස් විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරගයේ දී කොළඹ නාලන්දා විද්‍යාලය පරාජයට පත් කරමිනි. අනෙක් අන්තයෙන් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජයට පත් කරමින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් සටන වෙනුවෙන් අසුන් වෙන්කර ගැනීමට සමත් විය. දෙපිළේ නායකයින් අතර ඊයේ උරගා බැලුණු කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ සාන්ත තෝමස් නායක සිතාර හපුහින්නයි.

එංගලන්තයේ සිට නැවත සේවයට වාර්තා කරන ටෙස්ට් තරුව

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථකම කඩුලු රකින මැදපෙළ පිතිකරුවන්..

ඒ අනුව ඊයේ සන්ධ්‍යා කාලය දක්වා පිතිකරණයේ යෙදුණු ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 216ක් පමණි. මෙවන් අඩු ලකුණකට සමස්ත සාන්ත තෝමස් ඉනිම නවතාලීමට ප්‍රමුඛත්වය ගත් වමතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙලීය. තෝමස් පිතිකරුවන් බහුතරයක් මෙම තීරණාත්මක තරගයේ දී තම යුතුකම පැහැර හරිමින් ශූරතා කුසලානයට පයින් ගසද්දී නායක සිතාර හපුහින්න තනිවම ලකුණු 117ක් රැස්කළේ ඔහුට හැකි උපරිමය තම විද්‍යාලය වෙනුවෙන් ලබා දෙමිනි. පන්දු 127ක් තුල වාර්තා වූ ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 21ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ඊයේ පන්දුවාර 35ක් සඳහා සාන්ත ජෝසප් විද්‍යාලය පිතිකරණයේ නියැලුණු අතර එහි දී ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 120ක් තුල බිඳ වැටීම නිසා තරගය අද උදෑසන ආරම්භ වූයේ දෙපිළටම විවෘතවයි. කෙසේ නමුත් මැදපෙළ පිතිකරුවන් ලෙස දිනෙත් ජයකොඩි සහ දුනිත් වෙල්ලාලගේ ගොඩ නැගූ ශක්තිමත් සබඳතාවය නිසා ක්‍රම ක්‍රමයෙන් තෝමස් විද්‍යාලය ලබාගත් ලකුණු සංඛ්‍යාව පිටුපස ඉව අල්ලන්නට ජෝසප් විද්‍යාලයට අවස්ථාව උදා විය.

පන්දු 65කට මුහුණ දුන් දිනෙත් ජයකොඩි කළණ පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී යන විට කණ්ඩායම වෙනුවෙන් ලකුණු 44ක් රැස්කර සිටියේය. ඒ හතරේ පහර 4ක් සමඟයි.

දිනෙත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව මෙන් දෙගුණයක් ලබා සාන්ත ජෝසප් විද්‍යාලයේ ජය තහවුරු කළ දුනිත් වෙල්ලාලගේ ඒ වෙනුවෙන් පන්දු 104කට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායමේ ද වර්ණ දරන දුනිත් අද ක්‍රීඩා කළ තීරණාත්මක ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

Photos: S. Thomas’ College vs St. Joseph’s College | U19 Div I Two Day Cricket Tournament 2018/19 – Final – Day 2

සාන්ත ජෝසප් පසුපෙළ පිතිකරුවන් ද ලකුණු පුවරුව ඉහළ දැමීමට තම දායකත්වය ලබාදුන් නිසා තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 269ක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට අසීරු නොවීය. සචින්ත රවිඳු ලකුණු 34යි. පන්දු යැවීමේ දී තෝමස් විද්‍යාලයේ ප්‍රධානම තුරුම්පුව වන කළණ පෙරේරා කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ මුල් ඉනිමේ ජය ඒ අයුරින් සාන්ත ජෝසප් විද්‍යාලය සතු වුවද දිනය නිමා වීමට තවත් කාලය ඉතිරිව තිබූ නිසා පන්දුවාර 12ක් වෙනුවෙන් පිතිකරණයේ යෙදීමට සාන්ත තෝමස් විද්‍යාලයට සිදු විය. එහි දී ඔවුහු කඩුලු 2ක් දැවී ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූහ. එහි දී නැවතත් ලකුණු අතරට පිවිසි සිතාර හපුහින්න ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 41කට පමණක් මුහුණ දෙමිනි.

කෙසේ වෙතත් නැවතත් ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ තෝමස් නායකයාව ක්‍රීඩාගාරයට හරවා යැවීමත් සමඟින් අද 19න් පහළ දෙදින තරගාවලියේ අවසානය සනිටුහන් විය. ඒ සාන්ත ජෝසප් විද්‍යාලයට ජයග්‍රහණයේ මිහිර විඳින්නට ඉඩ හසර විවර කර දෙමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


S. Thomas’ College
216/10 (59.1) & 67/2 (12.2)

St. Joseph’s College
269/10 (72)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Lakshan Gamage b Ashen Daniel 117 127 21 1 92.13
Shalin De Mel c Johanne De Zilva b Shalinda Senevirathne 12 29 2 0 41.38
Ryan Fernando c Sheran Fonseka b Lakshan Gamage 24 45 3 0 53.33
Yohan Perera c Sachintha Ravindu b Ashen Daniel 14 50 2 0 28.00
Ravindu De Silva b Dunith Wellalage 19 33 3 0 57.58
Kishan Munasinghe lbw b Dunith Wellalage 1 6 0 0 16.67
Umayanga Suwaris b Dunith Wellalage 5 11 1 0 45.45
Kalana Perera c Yesith Rupasinghe b Dunith Wellalage 0 1 0 0 0.00
Dellon Peiris c Johanne De Zilva b Shalinda Senevirathne 21 40 4 0 52.50
Thevin Bimsara Eriyagama lbw b Dunith Wellalage 0 1 0 0 0.00
Shannon Fernando not out 0 13 0 0 0.00


Extras 3 (b 0 , lb 1 , nb 1, w 1, pen 0)
Total 216/10 (59.1 Overs, RR: 3.65)
Fall of Wickets 1-58 (13.1) Shalin De Mel, 2-123 (26.5) Ryan Fernando, 3-167 (39.3) Sithara Hapuhinna, 4-174 (43.1) Yohan Perera, 5-175 (44.1) Kishan Munasinghe, 6-181 (46.5) Umayanga Suwaris, 7-181 (47) Kalana Perera, 8-198 (54.4) Ravindu De Silva, 9-198 (54.5) Thevin Bimsara Eriyagama, 10-216 (59.1) Dellon Peiris,

Bowling O M R W Econ
Lakshan Gamage 9 4 28 1 3.11
Johanne De Zilva 7 1 47 0 6.71
Ashen Daniel 20 1 61 2 3.05
Shalinda Senevirathne 8.1 0 34 2 4.20
Dunith Wellalage 15 3 45 5 3.00
Batsmen R B 4s 6s SR
Johanne De Zilva c & b Thevin Bimsara Eriyagama 12 24 1 0 50.00
Sheran Fonseka c Sithara Hapuhinna b Kalana Perera 17 54 1 0 31.48
Dinal Anuradha run out (Shalin De Mel) 18 44 3 0 40.91
Dineth Jayakody c Dellon Peiris b Kalana Perera 44 65 4 0 67.69
Dilesh Perera lbw Kishan Munasinghe b Shannon Fernando 4 7 1 0 57.14
Dunith Wellalage c Kalana Perera b Thevin Bimsara Eriyagama 88 104 10 1 84.62
Sachintha Ravindu c & b Shannon Fernando 34 51 5 0 66.67
Lakshan Gamage b Kalana Perera 10 19 0 0 52.63
Yesith Rupasinghe b Dellon Peiris 23 41 4 0 56.10
Ashen Daniel not out 11 20 1 0 55.00
Shalinda Senevirathne b Dellon Peiris 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 3 , nb 3, w 2, pen 0)
Total 269/10 (72 Overs, RR: 3.74)
Fall of Wickets 1-22 (8.1) Johanne De Zilva, 2-49 (19.2) Dinal Anuradha, 3-55 (22.1) Sheran Fonseka, 4-60 (23.5) Dilesh Perera, 5-130 (38.5) Dineth Jayakody, 6-192 (52.4) Sachintha Ravindu, 7-218 (58.5) Lakshan Gamage, 8-243 (64.4) Dunith Wellalage, 9-269 (71.3) Yesith Rupasinghe, 10-269 (71.3) Ashen Daniel,

Bowling O M R W Econ
Kalana Perera 20 1 97 3 4.85
Shalin De Mel 2 0 4 0 2.00
Thevin Bimsara Eriyagama 6 0 26 2 4.33
Yohan Perera 1 0 2 0 2.00
Shannon Fernando 18 1 49 2 2.72
Dellon Peiris 11 2 44 2 4.00
Kishan Munasinghe 3 1 7 0 2.33
Umayanga Suwaris 11 0 37 0 3.36


Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Sachintha Ravindu b Dunith Wellalage 38 41 2 1 92.68
Shalin De Mel c Lakshan Gamage b Ashan De Alwis 24 27 2 0 88.89
Ravindu De Silva not out 4 5 0 0 80.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 67/2 (12.2 Overs, RR: 5.43)
Fall of Wickets 1-49 (9.2) Shalin De Mel, 2-38 (12.1) Sithara Hapuhinna,

Bowling O M R W Econ
Lakshan Gamage 1 0 8 0 8.00
Ashan De Alwis 6 1 18 1 3.00
Yesith Rupasinghe 2 0 17 0 8.50
Dunith Wellalage 3.2 0 24 1 7.50