18/19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමට සුදුස්සන් තේරීම ඇරඹේ

223

ආසියානු පාපන්දු සම්මේලනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 18න් පහළ පාපන්දු ශූරතාවය හා දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු ශූරතාවය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට ඔබට අවස්ථාව හිමි වී ඇත. ජාතික කණ්ඩායම තෝරාගැනීම සඳහා වන තේරීම් තරග සඳහා අයදුම්පත් මේ වන විට කැඳවා තිබේ. 

16න් පහළ පාපන්දු කණ්ඩායමට සුදුස්සන් සොයයි

ශ්‍රී ලංකා 16න් පහළ බාලක පාපන්දු සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ තරග අද (25) සහ…

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාපන්දු ක්‍රීඩකයන් සඳහා ජූලි මස 10 වැනිදා එම තේරීම් කටයුතු සිදු කෙරේ. පිටපළාත් ක්‍රීඩකයන් සඳහා එම තේරීම් කටයුතු සිදු කෙරෙන්නේ ජූලි මස 11 වැනිදාය. 

මෙම සියලු තේරීම් තරග කොළඹ සිටි පාපන්දු  ක්‍රීඩාංගණයේ දී උදෑසන 7 සිට පැවැත්වීමට නියමිතය. 

වයස අවුරුදු 18න් පහළ හා 19න් පහළ කණ්ඩායම් සඳහා සහභාගි විය හැක්කේ 2001 හා 2002 වසරවල් වල උපන් ක්‍රීඩකයන්ට පමණි. වැඩි විස්තර සඳහා 0112696179 (ගාමිණී මදුරාවල) අමතන්න.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<