17න් පහළ ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේම පෙරළියක්

620

සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග කිහිපයක් සාර්ථකව ඊයේ (30) අවසන් විය.

මේ තරගාවලියේ ආරම්භය තරමක් ප්‍රමාද වූයේ අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් වුවත් තරගාවලියේ ආරම්භක දිනයේ දී ම පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හමුවේ පරාජය වීම කැපී පෙනුණු සිදුවීමක් විය.

පුහුණු තරගයේ දී චන්දිමාල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කෙරෙන පළමු සහ එකම තෙදින …

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

J කාණ්ඩයේ තරගයක් වූ මේ තරගය ලකුණු 122කින් ජය ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වූයේ සාන්ත සර්වේසස් විද්‍යාලය පරාජය කරමිනි.

කාසියේ වාසිය දිනා ගත් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ආරාධනා කළ අතර කවිඳු දිල්හාරගේ ලකුණු 66න් බලගැන්වුණු  සාන්ත ඇලෝසියස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 201ක් ලබා ගන්නා ලදි.

ලකුණු 202 ඉලක්කයක් හඹා ගිය සාන්ත සර්වේසස් විද්‍යාලය පන්දුවාර 29ක් තුළ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 79ක් පමණි. ශානුක නිකේෂල කඩුලු 4යි. තරගය වස්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 201 (41.3): කවිඳු දිල්හාර 66, ඔමාල් සාදිත් 62, මිතුන් නිශාක 36, නිපුන් රන්ගිත් 5/23, පසන් තත්සර 3/31

සාන්ත සර්වේසස් විද්‍යාලය – 79 (29): ශානුක නිකේෂල 4/11.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ලකුණු 122ක ජයක්

අතුරු තහනමක් නිලවරණයට හරහට හිටී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ අතර නිලවරණයට …

කොළඹ ආනන්ද විද්‍යාලය (A) හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාල නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 309ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

එහි දී සෙනෙර කුඩාගම ලකුණු 130ක් ලබාගෙන දක්ෂ පිතිකරණය නිරත විය. විනුජ විජේබණ්ඩාර හා දසුන් තාරක අර්ධ ශතක ලබා ගත්තේය.

සිය පිළිතුරු ඉනිම දියත් කළ සුමංගල විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුළ ලබා ගත්තේ ලකුණු 223ක් පමණි. මිහිරංග ප්‍රනාන්දු ලකුණු 86ක් ලබා ගත්තේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. ඉමෙත් ගම්පොල ලකුණු 54ක් ලබා ගන්නා විට අදීශ පෙරේරා කඩුලු 3ක් දවා ගනිමින් ආනන්ද විද්‍යාලයට සවියක් විය.

ආනන්ද විද්‍යාලය (A) – 309/8 (50): සෙනෙර කුඩාගම 130, විනුජ විජේබණ්ඩාර 59, දසුන් තාරක 50, ලකිඳු ප්‍රනාන්දු 3/57

ශ්‍රී සුමංගල විද්‍යාලය – 223/8 (50): මිහිරංග ප්‍රනාන්දු 86, ඉමෙත් ගම්පොල 54, අදිශ පෙරේරා 3/28, කනිෂ්ක රන්තිලකගේ 2/40.

ආනන්ද විද්‍යාලයට ලකුණු 86ක ජයක්

“ICCයෙන් අපිට පරීක්ෂණයක් කරන්න එපා කිව්වා.” මොහාන් ද සිල්වා

බුකීකරුවන් හා එක්ව තණතීරු සකසා තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට …

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා කළුතර විද්‍යාලය

මාතර සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 21ක ජයක් ලබා ගත් මේ තරගය කළුතර දී නිමාවට පත්විය. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක කළුතර විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සචින්ත ගිම්හාන නොදැවී ලකුණු 47*ක් ලබාගෙන සිය විද්‍යාල ලකුණු සටහන ලකුණු 133ක් දක්වා ඔසවා තැබීමට සහය විය. තියුණු තරගයක් ලබා දුන් කළුතර විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 112ක් පමණි. පන්දු යැවීමේ දී සචිර රශ්මික කඩුලු 4යි.

සාන්ත තෝමස් විද්‍යාලය – 133 (38.3): සචින්ත ගිම්හාන 47*, හිරුෂ ජීවජිත් 38, අවිශ්ක ලක්ෂාන් 2/20, ප්‍රවීන් ප්‍රනාන්දු 2/17.

කළුතර විද්‍යාලය – 112 (45): ක්‍රිෂාංග විහඟ 29, සචිර රශ්මික 4/31, මොෂිත අප්සර 2/11.

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 21ක ජයක්

මොරටු විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය විද්‍යාලය

මොරටු මහා විද්‍යාලය කඩුලු 7කින් පරාජය කළ පිළියන්දල මධ්‍ය විද්‍යාලය මේ තරගය ජයග්‍රහණය කළ අතර පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ මොරටු මහා විද්‍යාලය පන්දුවාර 31ක් වැය කරමින් ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.

චමල්ක පුෂ්පකුමාර මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 28ක් ලබා ගන්නා විට, සඳුන් සත්සර ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. උෂාන් දීමන්ත ලකුණු 03කට කඩුලු 3යි.

ක්‍රීඩා ඇමතිගෙන් SLC වෙත ලිපියක්

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් නිකුත් කළ වීඩියෝ පටයට අනුව තණතීරුව බුකීකරුවන්ගේ අවශ්‍යතා …

චමෝද් සඳරු හා සසංක ලක්ෂාන් පිළිවෙළින් නොදැවී ලකුණු 29ක් හා ලකුණු 26ක් ලබාගෙන පිළියන්දල මධ්‍ය විද්‍යාලයට තරගයේ ජය ගෙන දුන් අතර ඔවුන් පන්දුවාර 16යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 82ක් ලබාගෙන තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කරන ලදි.

මොරටු මහා විද්‍යාලය (A) – 81 (31): චමල්ක පුෂ්පකුමාර 28, සඳුන් සත්සර 4/30, උෂාන් දීමන්ත 3/03.

පිළියන්දල මධ්‍ය විද්‍යාල (A) – 82/3 (16.4): චමෝද් සඳරු 29*, සසංක ලක්ෂාන් 26*.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයට කඩුලු 7ක ජයක්

රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

රත්ගම මහජන ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වූ මේ තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය. පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

දේවපතිරාජ විද්‍යාලය – 68/4 (13)

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<