17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම්

336

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට ආරම්භ වේ. තරගාවලිය සඳහා දිවයිනේ පාසල්  74ක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් කාණ්ඩ 10ක් යටතේ පළමු වටයේ දී තරග වදිනු ඇත. තරගාවලිය මැයි මස 23 වැනිදා සිට ආරම්භ වේ.

පාන්ඩ්‍යා සහෝදරයෝ මුම්බායි පළමු තැනට රැගෙන එයි!

ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා හා ඔහුගේ සොයුරු කෘනාල් පාන්ඩ්‍යාගේ අනර්ඝ පන්දු යැවීම නිසාවෙන්…

පසුගිය වසරේ ශූරයන් වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය මෙවර E කාණ්ඩයෙන් තරග වදින අතර අනුශූරතාව දිනූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය F කොටසින් තරග වදිනු ලැබේ.

එසේම පසුගිය වසරේ දෙවැනි කොටස යටතේ තරග වැදුණු පාදුක්ක සිරි පියරතන විද්‍යාලය හා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය මෙවර පළමු කොටස යටතේ ක්‍රීඩා කිරීමට වරම් දිනා ගෙන ඇති අතර, පානදුර රාජකීය විද්‍යාලය හා කොළඹ කේරී විද්‍යාලය දෙවන කොටස දක්වා පහතට ඇඳ වැටී ඇත.

තරගාවලියේ පළමු වටය ලීග් තරගාවලියක් සේ පැවැත්වෙන අතර දෙවැනි වටය සඳහා කණ්ඩායම් 32ක් (පළමු වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයන් වල පළමු ස්ථාන 3 දිනා ගන්නා කණ්ඩායම් හා හොඳම සිව්වැනි ස්ථානය දිනා ගන්න කණ්ඩායම් 2) තෝරා ගැනීමට නියමිත ය. දෙවැනි වටය ද ලීග් තරගාවලියක් සේ කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ඇත. එම කාණ්ඩ 8 ජයග්‍රාහී සහ අනුශූර කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

ලෝක කුසලානය රැගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකාව කලින්ම යයි

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට (07) දිනයේ දී එංගලන්තය…

මෙවරත් මෙම තරගාවලිය සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම පූර්ණ අනුග්‍රහය දක්වනු ලැබේ.

A කාණ්ඩය

කොළඹ ලුම්බිණි විද්‍යාලය, පානදුර මහානාම විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය, දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ රාජකිය විද්‍යාලය (A කණ්ඩායම), අසෝක විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශ්‍රස්තාලය.

B කාණ්ඩය

පාදුක්ක සිරි පියරත්න මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය  (A කණ්ඩායම), කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (A කණ්ඩායම), බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය (A කණ්ඩායම), කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  (A කණ්ඩායම), පානදුර සාන්ත ජෝන් විද්‍යාලය.

C කාණ්ඩය

අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, කළුතර සිරි කුරුස විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය, කළුතර විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය.

D කාණ්ඩය

තිස්සමහාරාම දෙඹරවැව ජාතික පාසල, මාතර රාහුල විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, බලපිටිය රේවත විද්‍යාලය, ගාල්ල  මහින්ද විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය.

E කාණ්ඩය

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ ඩිලාසාල් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (A කණ්ඩායම), හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය (A කණ්ඩායම), මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය  (A කණ්ඩායම), පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය.

ක්‍රිකට් වෙනස් වුණු ලෝක කුසලානේ සංධිස්ථාන

දිනෙන් දින ලෝකය දියුණුවට පත්වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව ද අදහා ගත නොහැකි පරිවර්තනයකට ලක්වී තිබේ. කොටින්ම…

F කාණ්ඩය

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය  (A කණ්ඩායම), කොළඹ ඉසිපතන විද්‍යාලය (A කණ්ඩායම), කොළඹ තර්ස්ටන් විද්‍යාලය (A කණ්ඩායම), පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය  (A කණ්ඩායම).

G කාණ්ඩය

ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාල, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.

H කාණ්ඩය

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය  (A කණ්ඩායම), මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, යාපනය සාන්ත ජෝන් විද්‍යාලය  (A කණ්ඩායම).

I කාණ්ඩය

සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය, මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මාරවිල සාන්ත ස්ර්වියෙර් විද්‍යාලය, හලාවත සාන්ත මරියා විද්‍යාලය, කඳාන ද මැසනොඩ් විද්‍යාලය, කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය  (A කණ්ඩායම).

J කාණ්ඩය

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, වත්තල සාන්ත ඇන්තනීස් විද්‍යාලය, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල, මීගමුව සාන්ත පීතර විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය.

තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<