සාන්ත අන්තෝනුවෝ අවසන් තරගයට

323
U17 Schools Cricket Semi Royal v St. Anthony report

ආරම්භයේ සිටම අගනුවර ක්‍රීඩකයන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන  අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අද (22දා) සමත් විය.

නීතිඥයින්ගේ ලෝක කුසලානය, ශ්‍රී ලංකාව පැරදූ ඔස්ට්‍රේලියාවට

6 වන වරට පැවති නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) කොළඹ SSC ක්‍රීඩාංගණයේ …

කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී, කොළඹ රාජකීය විද්‍යාලය සමඟ පැවති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 4ක ජයක් හිමි විය. පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ පන්දුවාර 47.2ක දී සියලුම දෙනා දැවී ලකුණු 132ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙස ප්‍රතිවාදීන් පන්දුවාර 31.4ක දී එම ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීයයන්ට තරගයේ ආරම්භයේ සිටම හිස එසවීමට කන්ද උඩරට ක්‍රීඩකයෝ ඉඩ හසර ලබා දුන්නේ නැත. ඔවුන්ගේ ලකුණු පුවරුව වරෙක කියැවුණේ කඩුලු 9කට ලකුණු 85කි. තම කණ්ඩායම ගෞරවනීය මට්ටමකට ගෙන ඒමට තරුෂ රුක්ෂාන් (22) සහ මනුල පෙරේරා(නොදැවී 10) සමත් වූයේ ලකුණු 47ක සබඳතාවක් අවසන් කඩුල්ලේ දී ලකුණු පුවරුවට එක් කරමිනි. රාජකීය ඉනිම අසරණ කිරීමේ දී සසිත් තෙන්නකෝන් පෙරමුණ ගත් අතර ඔහු කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව තරිඳු ළමාහේවගේ, ගයාන් සමරසිංහ සහ කල්හාර සේනාරත්න කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ප්‍රතිවාදී ඉනිමේ ආරම්භයේ සිටම ස්ථාවර මට්ටමක ලකුණු පුවරුව රඳවා ගනිමින් පන්දුවට පහර දීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. එහි දී පන්දු යවන්නෙක් ලෙස ද දක්ෂතා දැක්වූ කල්හාර සේනාරත්න කැපී පෙණුනි. ආරම්භක පිතිකරු  මොහොමඩ් කාමිල් හා එක්වූ කල්හාර සේනාරත්න තෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩ නැගූහ. කල්හාර සේනාරත්න ලකුණු 40කට දැවී ගිය පසුව මොහොමඩ් කාමිල් රාජකීයන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණි. කාමිල් නැවත සාන්ත අන්තෝනුවන්ගේ ඉනිම ගොඩ නැගුවේ නවෝද්‍ය විජයකුමාර සමඟ එක් වෙමිනි. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගමින් තරගයේ ජය මාවත ස්ථාවරවම විවෘත කළහ. මොහොමඩ් කාමිල්ගේ ඉනිම ලකුණු 35කින් නිමා වූ අතර නවෝද්‍ය විජයකුමාර තරගය අවසන් වන විට නොදැවී ලකුණු 29ක් ලබා සිටියේ ය.

සාන්ත අන්තෝනියන්ට එරෙහිව වමතින් දඟපන්දු යැවූ මනුල පෙරේරා කඩුලු 3ක් ලබා ගත් අතර දකුණතින් ආරම්භක වේගපන්දු යවන ඩිමාල් විජේසේකර කඩුලු 2ක් දවා ගත්තේ ය.     

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ නාලන්දා විද්‍යාලය සමඟ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය හෙට(23දා) මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී ම පැවැත්වීමට නියමිත ය.

ලකුණු පුවරුවේ සාරාංශය

රාජකීය විද්‍යාලය; සියලුම දෙනා දැවී 132(47.2) හරිඳු පළිහවඩන 31, තරුෂ රුක්ෂාන් 22, සසිත් හිරුදික 3/30, තරිඳු ළමාහේවගේ 2/16, ගයාන් සමරසිංහ 2/16, කල්හාර සේනාරත්න 2/21

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 6ක් දැවී 134(31.4)කල්හාර සේනාරත්න 40, මොහොමඩ් කාමීල් 35, නවෝද්‍ය විජයකුමාර් නොදැවි 29, ඩිමාල් විජේසේකර 2/35, මනුල පෙරේරා 3/35

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 4ක ජයක්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට