16න් පහළ කණ්ඩායම් තේරීම කල් යයි

139
U16 trial Postponed

2018 කනිෂ්ඨ ආසියාතික පාපන්දු ශූරතාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු, පාපන්දු සම්මේලනය විසින් දින නියමයකින් තොරව කල් දමා ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.

සෙරන්ඩිබ් ප්‍රධාන පුහුණුකරු ධූරය ඉසදීන්ට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන හා යුද හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ඉසදීන්, මාවනැල්ල සෙරන්ඩිබ් FC කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත්කරගෙන ඇත….

2018 වසරේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මෙම මස 27 සහ 28 (අද සහ හෙට) දෙදින, කොළඹ නාගරික පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු සුදානම් කර තිබූ නමුත්, පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ එය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

පළමු වතාවට ශ්‍රී ලංකාව ‘A’ කාණ්ඩයෙන් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත අතර ආසියාතික පාපන්දු ක්ෂේත්‍රයේ බලවතුන් අතරින් කිහිප දෙනෙක් වන බහරේන්, ජෝර්දානය, උස්බෙකිස්තානය සහ කසකස්තානයත් මෙම කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතයි.

අවසන් තරගාවලියේ සංචිතය, සත්කාරක දේශයේ කණ්ඩායමට අමතරව කාණ්ඩ දහයේම ජයග්‍රාහි කණ්ඩායම් සහ දෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම් 5න් ද යුක්ත වේ.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට