පාසැල් රග්බි පිටියේ තවත් තරගාවලියක් ලබන මස මුලදී

618

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් පහළ දස සාමාජික සමස්ත ලංකා පාසැල් රග්බි තරගාවලිය අගෝස්තු මස 4 හා 5 යන දෙදින පුරාවටම මහනුවර දී පැවැත්වේ.

ලසිත ගුණරත්න සමග ශ්‍රී ලංකා රග්බි නව ගමනකට සැරසේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා CR & FC ක්‍රීඩක ලසිත ගුණරත්න ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ නව සභාපති…

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසැල් සත් සාමජික රග්බි තරගාවලිය ද මේ සතියේ දී පැවැත්වෙන නිසාවෙන් කාණ්ඩ හතරක් යටතේ පවත්වනු ලබන වයස අවුරුදු 16න් පහළ දස සාමාජික රග්බි තරගාවලිය මහනුවර, පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ හා දිගන පළාත් සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා පාසැල් රග්බි පාපන්දු සම්මේලනය විසින් වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයට ද මෙවන් ආකාරයක තරගකාරී රග්බි තරගාවලියක් හඳුන්වා දී තිබෙන්නේ කණිෂ්ඨ පාසල් රග්බි ක්‍රීඩකයින් සතු දක්ෂතා කුඩා අවධියේ සිටම හඳුනාගැනීමේ අරමුණ ඇතිවයි.

වෙළඳසේවා සත් සාමාජික රග්බි කිරුළ ‘Access’ දිනා ගනී

දින තුනක් පුරාවට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති 48 වන වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලි…

මෙම වයස් කාණ්ඩය යටතේ පසුගිය වසරේ පැවැත්වූ තරගාවලියේ දී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 12 දෙනෙකු ක්‍රීඩා කළ නමුත් මෙවර එය 10 දක්වා අඩුකර තිබෙන්නේ තරගාවලියේ තරගකාරීත්වය ඉහළ දැමීමේ අරමුණින් ය. 2002 වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පසුව උපත ලැබූ ඕනෑම පාසල් ක්‍රීඩකයෙක් සඳහා මෙම තරගාවලියට සහභාගී වීමට හැකිය.

පසුගිය වර පැවැත්වූ තරගාවලියේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එහි සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත් වූයේය. අමතරව පලිහ , බඳුන හා පළඟ යන ශූරතාවයන් පිළිවෙළින් මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් ජයග්‍රහණය කරන ලදී

                  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<