වෙස්ලි හඬවමින් ඉසිපතනයට ජයපැන්!

1320
Wesley-vs-Isipathana

2019 මයිලෝ වයස අවුරුදු 16න් පහළ දස සාමාජික තරගාවලියේ ශූරතාවයේ අවසන් මහා තරගය අද (10) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ අතර එහි ශූරතාව හෙබවීමට ඉසිපතන විදුහල සමත් විය. ඒ ලකුණු 29-00ක් වෙස්ලි විදුහල පහසුවෙන් පරාජය කරමිනි. මෙහි දී මුළු තරගාවලිය පුරාම අපරාජිතව ඉදිරියට ඇදුණු ඉසිපතන විදුහලට එරෙහිව රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 07ක් පමණක් වීම විශේෂත්වයක්. 

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ 16න් පහල තරගාවලියට සහභාගී නොවෙයි

වයස අවුරුදු 16න් පහළ දස සාමාජික තරගාවලියේ පළමු දිනය අද (09) මහනුවර පල්ලෙකැලේ හා බෝගම්බර/p>

ඉසිපතන විදුහල තරගය ආරම්භ වී පළමු විනාඩියේ පටන්ම වෙස්ලි ක්‍රීඩකයින් තුෂ්ණිම්භූත කරමින් පහසුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර තරගය අවසානය දක්වා ඔවුන් තමන්ගේ ආක්‍රමණශීලී තරග රටාව එසේම තබා ගැනීමට සමත් විය. 

ඊට පෙර පැවතී අර්ධ අවසන් පූර්ව තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග සියල්ලකටම පාසල් 16ක් ඉතා උද්යෝගයෙන් ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵල පහතින්.

කුසලාන ශූරතා කාණ්ඩය – අවසන් පූර්ව තරග

  • වෙස්ලි විදුහල 14 – 07 ත්‍රිත්ව විදුහල
  • රාජකීය විදුහල 00 -14 සාන්ත ජෝසප් විදුහල
  • ඉසිපතන විදුහල 12 – 00 D. S. සේනානායක විදුහල
  • සාන්ත පීතර විදුහල 17 – 21 ධර්මරාජ විදුහල  
  • විද්‍යාර්ථ විදුහල 00 – 19 සාන්ත අන්තෝනි විදුහල
  • සහිරා විදුහල 07 – 14 ලුම්බිණි විදුහල
  • වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල 17 – 05 සාන්ත සිල්වෙස්තර විදුහල
  • විද්‍යා විදුහල 20 – 00 තර්ස්ටන් විදුහල

පලිහ ශූරතා කාණ්ඩය

  • මහානාම විදුහල 05 – 00 සාන්ත බෙනඩික්ට් විදුහල
  • පිළියන්දල මධ්‍ය මහා විදුහල 17 – 00 සාන්ත ඇලෝසියස් විදුහල
  • මලියදේව විදුහල 15 – 07 කිංග්ස්වුඩ් විදුහල
  • ආනන්ද විදුහල 05 – 10 ලලිත් ඇතුලත්මුදලි විදුහල

හැව්ලොක් ක්‍රීඩකයෙක් කණ්ඩායම හැර යයි

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ දිනුක් අමරසිංහ එළඹෙන තරග වාරය

පසුව අවසන් පූර්ව තරගවල දී පලඟ ශූරතා කාණ්ඩයේ ත්‍රිත්ව විදුහල රාජකීය විදුහලට එරෙහිව ලකුණු 05-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගත් අතර D.S. සේනානායක විදුහල සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 10-05ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගන්නා ලදි.

පසුව පලිහ ශූරතාවයේ දී පිළියන්දල මධ්‍ය මහා විදුහල මහානාම විදුහලට එරෙහිව ලකුණු 12-05ක් වශයෙන් පහසු ජයක් අත්කරගත් අතර මලියදේව විදුහල ලලිත් ඇතුලත්මුදලි විදුහලට එරෙහිව ලකුණු 07-05ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගන්නා ලදි.

බඳුන ශූරතාවයේ දී ලුම්බිණි විදුහල හා සාන්ත අන්තෝනි විදුහල අතර තරගය ලකුණු 05-05ක් වශයෙන් සම ලකුණු තත්වයකින් අවසන් වූ අතර එහි දී දඬුවම් පහරවලින් තරගයේ ජයග්‍රාහකයා වූයේ ලුම්බිණි විදුහලයි. ඒ දඬුවම් ගෝල 1-0ක් වශයෙන් වාර්තා කරමින්. ශ්‍රී සුමංගල විදුහල හා විද්‍යා විදුහල අතර තරගයෙන් ලකුණු 24-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට විද්‍යා විදුහල සමත් විය.

කුසලාන ශූරතාවයේ අවසන් පූර්ව තරගයේ වෙස්ලි විදුහල හා සාන්ත ජෝසප් විදුහල අතර තරගයෙන් ලකුණු 05-00ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් වූ අතර ඉසිපතන විදුහල හා ධර්මරාජ විදුහල අතර තරගයෙන් ලකුණු 17-07ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ආනන්දයේ වාරණ නියෝගය අධිකරණයෙන් ඉවතට

ආනන්ද විද්‍යාලය විසින් ඉදිරිපත් කළ වාරණ නියෝගයක් හේතුවෙන් ඉකුත් 19

අවසන් මහා තරග ගැන බලන විට කණ්ඩායම් ඉතා විඩාවෙන් යුතුව ක්‍රීඩා කළ ද තමන්ගේ පාසල් වෙනුවෙන් මුළු වර යොදා ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

එහි දී පලිහ ශූරතාව වෙනුවෙන් පිළියන්දල මධ්‍ය මහා විදුහල සහ මලියදේව විදුහල සටන් කල අතර එහි දී මලියදේව විදුහල පරයමින් ලකුණු 10-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විදුහල සමත් විය.

බඳුන ශූරතාවය වෙනුවෙන් ලුම්බිණි විදුහල සහ විද්‍යා විදුහල ක්‍රීඩා කල අතර ලුම්බිණි විදුහලට පන්දුව කිසිවිටෙකත් ලබා නොදෙමින් ක්‍රීඩා කළ විද්‍යා විදුහල ලකුණු 43-05ක් වශයෙන් පහසුවෙන් ජය ගන්නා ලදි.

පලඟ ශූරතාව වෙනුවෙන් D. S. සේනානායක විදුහල හා ත්‍රිත්ව විදුහල ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 12-00ක් වශයෙන් පහසුවෙන් ශූරතාව දිනා ගැනීමට D. S. සේනානායක විදුහලට හැකි විය.

කුසලාන ශූරතාව වෙනුවෙන් ඉසිපතන විදුහල සහ වෙස්ලි විදුහල සටන් කළ අතර වෙස්ලි විදුහලට එක ලකුණක් හෝ රැස් කිරීමට කාලය නොදෙමින් ඉසිපතන විදුහල ලකුණු 29-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගන්නා ලදි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<