16න් පහළ බේස්බෝල් ශූරතාවය දඹුල්ලට

529

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය ඊයේ (20) සාර්ථකව නිමාවට පත්විය. එහි දී තරගාවලිය පුරා අපරාජිතව සිටි දඹුල්ල වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමට ශූරතාවය හිමි වූයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 11-05ක් ලෙස පරාජයට පත්කරමිනි.

ඊයේ දිනයේ දී තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය පමණක් පැවැත්විය.

16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියෙන් ප්‍රබල කණ්ඩායම් රැසක් ඉවතට

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 16න් දෙවන අවසන් පූර්ව තරගය…

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මෙම තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර පළමු ඉනිමේ සිටම රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ ඉන්පසු ක්‍රීඩා කළ ඉනිම්වල දී එම පීඩනය යම්තාක් දුරට අවම කරගැනීමට රිච්මන්ඩ් විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුවත් සේනානායක විද්‍යාල ක්‍රීඩකයින්ගේ විශිෂ්ට පිතිකරණ දක්ෂතා හමුවේ රිච්මන්ඩ් විද්‍යාල ක්‍රීඩකයින් තරමක් පසුබැසීය. තරගයේ ඉනිම් 5ක් අවසානයේ ලකුණු 10-05ක් ලෙස ඉදිරියෙන් සිටි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමට හිමි වූ අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි විය.

අවසන් මහා තරගය

දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර පළමු පිතිකරණ අවස්ථාව සේනානායක විද්‍යාල කණ්ඩායමට හිමි විය.

පළමු ඉනිම තුළ සේනානායක විද්‍යාල කණ්ඩායමට නියමිත කඩුලු 3 අවසානයේ එකදු ලකුණක්වත් රැස්කර ගැනීමට අවස්ථාවක් හිමිනොවුණු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෑවලවැව විද්‍යාල ක්‍රීඩකයින් එක් ලකුණක් රැස්කර ඉදිරියෙන් සිටීමට සමත් විය.

(පළමු ඉනිම අවසානයේ –  වෑවලවැව 01 – 00 සේනානායක)

Photos: Sri Lanka National Baseball League Championship

ThePapare.com | Waruna Lakmal | 08/12/2018 | Editing and re-using images…

වෑවලවැව විද්‍යාල කණ්ඩායමට වඩා ලකුණක් පිටුපසින් සිට සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් ආරම්භ කළ දෙවන ඉනිමේ දී ඔවුන් ලකුණු දෙකක් රැස්කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිමේ දී වෑවලවැව විද්‍යාල ක්‍රීඩකයින් එක් ලකුණක් රැස්කර ලකුණු තත්ත්වය සම කිරීමට සමත් විය.

(දෙවන ඉනිම අවසානයේ –  වෑවලවැව 02 – 02 සේනානායක)

තෙවැනි ඉනිමේ පිතිකරණයට පිවිසි සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් එම ඉනිමේ දී ලකුණු 3ක් රැස්කරමින් පෙරමුණ ගැනීමට සමත් වූ අතර එහි පිළිතුරු ඉනිමේ දී එකදු ලකුණක්වත් රැස්කර ගැනීමට වෑවලවැව විද්‍යාල කණ්ඩායම අසමත් විය.

(තෙවැනි ඉනිම අවසානයේ – වෑවලවැව 02 – 05 සේනානායක)

තම සිව්වැනි ඉනිමේ පිතිකරණයට පිවිසි සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් හට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් වෑවලවැව විද්‍යාල ක්‍රීඩකයින් පිළිතුරු ඉනිම තුළ ලකුණු 3ක් රැස්කරමින් නැවත ලකුණු තත්ත්වය සම කිරීමට සමත් විය.

(සිව්වැනි ඉනිම අවසානයේ –  වෑවලවැව 05 – 05 සේනානායක)

සේනානායක විද්‍යාල ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පස්වැනි ඉනිමේ පිතිකරණයේ දී ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් වෑවලවැව විද්‍යාල ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස්කරමින් නැවත තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

(පස්වැනි ඉනිම අවසානයේ – වෑවලවැව 07 – 05 සේනානායක)

ජාතික බේස්බෝල් ලීග් ශූරයන් කිරුළු පළඳියි

2018 ජාතික බේස්බෝල් ලීග් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (8) දියගම දී පැවැත්වුණු අතර…

නැවත සයවැනි ඉනිමේ පිතිකරණයට පිවිසි සේනානායක විද්‍යාල ක්‍රීඩකයින්ට එම ඉනිමේ දී ද එකදු ලකුණක්වත් රැස්කිරීමට නොහැකි විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෑවලවැව විද්‍යාල ක්‍රීඩකයින් ලකුණු 4ක් රැස්කරගෙන සිටි අවස්ථාවේ තරගයේ ප්‍රධාන විනිසුරු විසින් නියමිත කාලය අවසන් නිසා තරගය නවතා දඹුල්ල වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමීය.

(තරගය අවසානයේ – වෑවල වැව 11 – 05 සේනානායක)

පෞද්ගලික දක්ෂතා

  • හොඳම පන්දු යොමුකරන්නා (Best Pitcher) – ආකාශ් මලින්ද (සේනානායක විද්‍යාලය)
  • හොඳම පිතිකරුවා (Best Batter) – නිදුල ලොකුගේ (රිච්මන්ඩ් විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා (Best Fielder) – ක්‍රිෂාන් විජේතුංග (වෑවල වැව මහා විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (Best Player) – අවිශ්ක බණ්ඩාර (වෑවල වැව මහා විද්‍යාලය)

ලෝක ශූරතාවය “රෙඩ් සොක්ස්” කණ්ඩායමට

ඇමරිකානු මේජර් ලීග බේස්බෝල් තරගාවලියේ (Major League Baseball – MLB) අවසාන…

All Star කණ්ඩායම

  • පන්දු යොමුකරන්නා (Pitcher) – ආකාෂ් මලින්ද (සේනානායක විද්‍යාලය)
  • පන්දු යොමුව රකින්නා (Catcher) – දිමුතු දර්ශන (සේනානායක විද්‍යාලය)
  • පළමු බේස් රකින්නා (1st Base Player) – අමිඳු මිහිරාන් (සේනානායක විද්‍යාලය)
  • දෙවන බේස් රකින්නා (2nd Base Player) – චතුරංග කුමාර (වෑවල වැව මහා විද්‍යාලය)
  • ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) – නිරෝෂන් දිල්හාන (වෑවල වැව මහා විද්‍යාලය)
  • තෙවැනි බේස් රකින්නා (3rd Base Player) – සංදීප මධුසංක (රිච්මන්ඩ් විද්‍යාලය)
  • වම්පස පිටිය රකින්නා (Left Fielder) – මොහොමඩ් ආකීල් (සේනානායක විද්‍යාලය)
  • මැද පිටිය රකින්නා (Center Fielder) – තරිඳු ප්‍රසාද් (වෑවලවැව මහා විද්‍යාලය)
  • දකුණුපස පිටිය රකින්නා Right Fielder) – තරිඳු කාවින්ද (වෑවල වැව මහා විද්‍යාලය)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<